සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media

‘රජය පෙන්වූ වීඩියෝ පටය ව්‍යාජ එකක්’ – JDS

ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට බි‍්‍රතාන්‍යයේ Channel 4 රූපවාහිනී නාලිකාව ප‍්‍රචාරය කළ Sri Lanka's Killing Fields නම් වාර්තා චිත්‍රපටයට පාදක වූ වීඩියෝ පටය සපයා ඇත්තේ, විදෙස්ගතව සිටින ලාංකික මාධ්‍යවේදීන්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ (ජේඩීඑස්) නමැති සංවිධානය බව බීබීසී සංදේශය වාර්තා කරයි.

එම සංවිධානය සැපයූ වීඩියෝ පටයේ සිටින කෑලෑ ඇදුමින් සිටි පුද්ගලයින් සිංහල භාෂාවෙන් කථා කරන බව දැක්වේ.

නමුත් එල්ටීටීඊය විසින් හමුදා භටයින් ඝාතනය කරන බවට ඉන් දැක්වෙන බවට කියා සිටිමින් ලංකාවේරජය විසින් ඉදිරිපත් කර ඇති එම දර්ශනම ඇති දෙමළ භාෂාවෙන් කථා කරන වීඩියෝ පටය ව්‍යාජ එකක් බවට එම සංවිධානය කියා ඇත.(මෙය පසුගියදා ස්වර්ණවාහීනියෙන් ප්‍රචාරය විය.)

එසේම එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සනත් බාලසූරිය වැඩිදුරටත් පවසන්නේ වීඩියෝ පටයේ නිරවද්‍යතාවය පිළිබඳව සොයා බැලීම සඳහා විදිමත් ජාත්‍යන්තර පරීක්‍ෂණයකට යොමු කරන ලෙසයි.