සිංහල, Colombo, end of the War, Featured Articles, Features

හෘද සාක්ෂිය සනසා ගැනීමට මිත්‍යා සළුපිළි ගත දවටා ගැනීම හෙවත් Lies Agreed Upon


එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පිළිගත් රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව නැගෙමින් හා තීව්රවෙමින් පවතින යුධ අපරාධ පිළීබද චෝදනා වග විභාග කිරිමක් හෝ ඒ පිළිබදව එම චෝදනා නගන්නවුන්ට එරෙහිව නිතී මය ක්‍රීයාකාරමක් නොගෙන ඊට විරුද්ධව විඩියෝ පටයකට විඩියෝ පටයකින්(Lies Agreed Upon : Sri Lanka counters Channel 4 (Full Video) ) උත්තර දී ඇත. ඉතා දිර්ඝ කතාවකින් හා පොතක් පිළි ගැනිවීමෙන් දැං ලංකාවට එරෙහිව නැගෙමින් තිබෙන සියලු යුධ අපරාධ චෝදනා අදාල පාර්ශවයන් විසින් ඉල්ලා අස් කර ගනු ලබයි යන සිහිනය දකිමින් සිටියි.. කිසිදු නිතීමය හෝ ඵල දැරිය හැකි විධිමත් ක්‍රියා පිළිවෙතක් කිසි දිනෙක පැවති කිසි ආණ්ඩුවක් හෝ පවතින රාජපක්ෂවරු නොදන්නා බැවින් හිගන්නාගේ තුවාලය සේ වවාගෙන කෑම පිණිස පරණ තුවාල වෙනස් සිත් ගන්නා සුළු ආකාරයන්ගෙන් පාරමින් හිදියි. තිරණාත්මක මොහොතක සිදු වු ක්‍රියාදාමයන් පිළිබද වර්ථාකරණය වු චැනල් 4 විඩියෝ පටයට(Sri Lankas Killing Fields) එරෙහිව නිෂ්පාදිත මෙම විඩියෝවේ විහිළු සහගත කාරණය නම් මෙකී වීඩියෝ පටයේ සිටින වුන් සියලු දෙනාම දැනට ලංකාව තුල සිංහල ආණ්ඩුවේ ආණ්ඩු මට්ටු කිරීම් යටතේ ජිවිතය ගෙවන අය වීමය. එවැනි පිරිසක් යොදා ගනිමින් තමන්ට නැගෙන යුධ අපරාධ අවලාද වසා ගැනිමට හැකියැයි රාජපක්ෂවරු සිතයි නම් ඒ ලංකාව දුපතක් විමේන් හට ගත් මානසික ව්‍යාදියයි.

සාමය හා නිතිය තවමත් හරි හැටි ස්ථාපතිව නැති උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හී පවතින්නේ හමුදාමය පාලනයක් බව ස්වාධින මාධ්‍ය කිහිප විටක්ම වාර්ථා කර තිබිණ. ඡන්දය පැවති සමයේදී ආණ්ඩුව විසින් එවන් යකා නැටීම් බොහෝමයක් මාධ්‍ය මගින් එළිදරව් කරන ලදී . නමුදු රාජපක්ෂවරුනට මග හැරෙන ඇත්ත නම් වෙහෙස වී නිපදවන ලද තම විඩියෝ පටයේ මේ ඇත්ත නොතිබීමය. මේ විඩියෝ පටය උදෙසා තම අදහස් ලබා දෙන සියලු දෙනා හා නරඹන අපි දන්නා ඇත්ත නම් අද දවසේ වුවද (යුද්ධය අවසන් වී වසර දෙකකටත් පසු) සත්‍ය කීමම සියදිවි නසා ගැන්මක් බවය. එහි නොකියවෙන ඇත්ත නම් පසුගියදා හමුදා පාලනය පවතින ප්‍රදේශයක උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘගේ ඔළු පැලීමයි. එසේත් නැතිනම් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කිරීමයි. මේ විඩියෝව හා සමානව විහිළු සහගත උත්තර ලබා දෙමින් සිටින රාජපක්ෂවරු හා සගයන් හෝ අද වනතුරුත් ප්‍රගීත් එක්නැලිගොඩට සිදු වු දෙයක් දන්නේ නැත. පොද්දල ජයන්තට පහර දුන් කෙනෙක් ගැන දන්නේ නැත. මේ නිසා මානුෂිය මෙහෙයුම කෙසේ වෙන්නට ඇත්දැයි චැනල් 4 නාලිකාව විසින් ලංකාවේ සිතන්නට හැකි පිරිස් හට අළුතින් කියා දිය යුතු නොවේ.

LTTE ය විසින් සිදු කරන ලද ප්‍රහාර ගෙනහැර පානා මෙම විඩියේ පටයේ නොකියවෙන්නේ ඇමති කරුණා අම්මා ගැනයි. ඔහු විසින් සිදු කල සංහාර අමතක කරනට ආණ්ඩුව කෙසේ සිත් විද? රාණි කුමාර් ගැන වග තුග සොයා ගන්නට සමත් අයට ලගම සිටිනා සගයා, ඇමති කරැණා අම්මාන් කෙසේ අමතක වීද? පිටපතක් බලා කියවන නිවේදිකාවට ඒ පිටුව මග හැරුණාවත්ද? සිංහල බෞද්ධ ජාතිවාදි රාමුවක සිටින ආණ්ඩුවකට මග හැරෙන්නේ දෙමළාගේ ඇත්ත ප්‍රශ්ණයයි. එය වසර ගණනකට පසුත් ලෙයින් හා යකඩින් විනාශ කල පසුවත් ඇත්තේ එකම උත්තරය බව පැවති ඡන්දයෙන් මනාව පැහැදිල කෙරීණ. මානුෂිය කතා ජාත්‍යන්තරයට ‍පිරිත් පැන් වල දවටා ගෙන හැර පෑවද ආණ්ඩුවේ චණ්ඩිකම් නවත්වන්නට කිසිදු සුදානමක් නැති බව පෙනෙන්නේ තමන්ට අවනත නැති සියලු දේශපාලකයින් ඇතුළු විවිධ මත දරන්නන් හට තවමත් එල්ල වෙමින් තිබෙන අමානුෂිය ප්‍රහාර නිසාය.

ජනයාගේ මුදල් කාබාසිනියා කරමින් රාජපක්ෂවරු තමන්ගේ හිත සුව පිණිසම මෙවැනි විඩියෝ පට නිරිමාණය කලද ඇත්ත ඇත්තේ ඔවුනට නොපෙනෙන ඉසව්වක බව දැං නම් මනාව පැහැදිලිය. බුදුන් තුන්වරක් වැඩිය රටක සිදු වු හා සිදු වෙමින් පවතින මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වගකීමක් දැරීමට හෝ ඒ සිදුවීම් නවතා ගැනීමට අඹමල් රේණුවක දෙයක්වත් නොකරමින් තම ගැලවීම පිණිස ම සොයා ගන්නා ක්‍රමවේද මගින් සිදුවන්නේ තව තවත් ප්‍රශ්ණය නරක අතකට හැරීමය. මහේන්ද්‍රට මග හැරේන අවස්ථාව ආයෙමත් කිසිවෙකුට උදා නොවනු ඇත. තම තත්ත්වය පිළිබද පමණක් පිඹුරුපත් සකසන රාජපක්ෂවරුන් කිසිදා තම අතිජාත මිත්‍ර ගඩාෆිගෙන් ඉගෙන නොගනු ඇත. අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ හිතුවක්කාරකම් නිසා මුළු රටකටම වන්දි ගෙවිම දක්වා තල්ලු වීමය.

බාප්පාට පිස්තෝලය දික් කරන පුංචි පුතා හට ඒ පිස්තෝලයම පියාටත් දික් කරන්න වුවහොත් එය මහා ඛේදවාචකයක් වනු ඇත. එහෙත් දිග හැරෙමින් තිබෙන් යථාර්තයම නම් එයම වේ.

අරවින්ද පෙරේරා