සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය නිදහස තහවරු කරනු’’ උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් යාපනයේදී උද්ඝෝෂණයක

දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් මෙන්ම උතුරේ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද විශාල ප්‍රමාණයක් මෙයට සහභාගී වී සිටියේ ය.

යාපනය බස්නැවතුම්පොල අසල පැවැත්වූ මෙම උද්ඝොෂණයට පොලීසියෙන් යම් බාධා කිරීම් එල්ල වුවත් වසර ගණනාවකට පසු උතුරේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස බලකරමින් පැයකට ආසන්න වේලාවක් මෙම උද්ඝෝෂණය පැවැත්විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්, එස් ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරැන්වන එස් ගජේන්ද්‍රන් සහ එම්කේ සිවාජිලිංගම් ද සහභාගී වී සිටියේ ය.

මෙම උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශන ඉතා ඉක්මනින් විකල්ප තුළින් බලාපොරොත්තු වන්න.

More Photos