සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛Channel4 විකාශනය කළ ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’ අචාරධාර්මිකයි, අපක්ෂපාතියි’’

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය සන්නිවේදන නියාමන අධිකාරිය වන ඔෆ්කොම් ආයතනය තීරණය කර ඇතැයි ඊයේ(24) බීබීසී ය වාර්තා කළේය. ඔෆ්කොම් ආයතනය මෙම වාර්තා චිත්‍රපටය පිළිබදව පරීක්ෂනයක් ආරම්භ කළේ එම චිත්‍රපටයට විරුද්ධව පැමිණිලි 118ක් ලැබීමෙන් පසුවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම චිත්‍රපටය තුළ සමබර වාර්තාකරණය, නොමඟයවන සුලු කරුණු සහ අපහාසවන අකාරයේ කරුණු වාර්තා කිරීම යන අංශ පිළිබදව තමන් විමසා බැලූ බව ඔෆ්කොම් ආයතනය පවසයි. අදාල වාර්තා චිත්‍රපටය මගින් එම කරුණු 3නම උල්ලංඝණය නොවූ බව ඔෆ්කොම් පරීක්ෂණයේ නිගමනය වී ඇත.

නමුත් මෙම තීන්දුව පිළිබදව ලංකාවේ ආණ්ඩුවෙන් තවම කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

(BBC වාර්තාවක් ඇසුරිනි)