සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

ජ’පුරේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක්(ඡායාරෑප)

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විරු සිසු ස්මාරකය අද(05) අළුයම කිසියම් පිරිසක් ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට සිසුහු ප්‍රකාශ කරති.

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටි රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක අංශයද එම අවස්ථාවේ ඊට ඉඩදී බලා සිටි බව සිසුහු පවසන අතර ස්මාරකයට බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානයට පැමිණියේ පැය දෙකකට පමණ පසුව බවද සිසුහු ප්‍රකාශ කලහ. පසුව WP JI 9747 දරණ යතුරු පැදියෙන් සහ තවත් වාහනයකින් පැමිණි හමුදා මේජර් වරයෙක් ඇතුලු පිරිසක් සිසුන්ට තර්ජනය කළ බවත් සිසුහු ප්‍රකාශ කර සිටියි.