සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)


එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War Crimes Unpunished නමින් නිශ්පාදනය කර ඇති මෙම විඩියෝ පටය යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ මණුෂයත්වයට එරෙහි අපරාධ පිළිබද දීර්ඝ වාර්තාවක් සපයන අතර එය මේ වනවිට YouTube. සමාජ ජාලයට ද එක් කර තිබේ.

අන්තර්ජාල අවහිර කිරීම් පිළිබදව නම් දරා ඇති ලෝකයේ අනිකුත් රටවල් අතරට ලංකාව ද එක් වී ඇතැයි පසුගිය දා අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයක් ද ප්‍රකාශ කළ අතර ඊට දිනකට පෙර SMS මගින් යවනු ලබන ලංකාවේ ආරක්ෂක හමුදා සහ පොලීසිය ඇතුලු ආරක්ෂක පුවත් කිසියම් වාරණයකට ලක් කරමින් ප්‍රදාන මාධ්‍ය ආයතන වෙත ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ලිපියක් මගින් දැනුම් දුන්නේ ය.

දැන් මෙම චැනල් 4 නාලිකාව නිශ්පාදනය කර ඇති මෙම වීඩීයෝ පටයට සහ මීට පෙර එලි දක්වන ලද වීඩියෝ පටය දැඩි ලෙස විවේචනය කරමින් ලංකා ආණ්ඩුව එයට දැඩි ලෙස විරැද්ධ විය. දැන් ඉහත තත්ත්වය තුල YouTube සමාජ ජාලයට නිකුත් කර ඇති මෙම නවතම වාර්තාමය චිත්‍රපටය ඕනෑම අයෙකුට නොමිලේ ලබා ගත හැකිය. මේ නිසා SMS වාරණය කළ ආකාරයටම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසා මෙම YouTube සමාජ ජාලයත්, ඒ හා සමාන කරැණු ප්‍රචාරය කරන සහ කළ හැති twitter හා Facebook වැනි අන්තර්ජාලය සමාජ ජාලයන් වාරණයට ලක් කිරීමට මනෝභාවයක් ආණ්ඩුවට ඇති විය හැක. එසේ වුවහොත් එක්සත් ජාතීන් හමුවේ ලෝක බලවතුන් මේ වන විට ලංකාව සම්බන්ධයෙන් ගොනු කර තිබෙන වාර්තාවන්ගේ බර තවත් වැඩි වනු ඇත. කොතරම් තෙපරබෑවත් යුද්ධයෙන් පසුව වසර 3ක් ගෙවෙමින් තිබිය දී ත කිසිවක් කරකියා ගැනීමට නොහැකි වූ ආණ්ඩුව දැනට වඩා වැඩි ලෙස මර උගුලක හිර වෙනු ඇත.

එම මර උගුලේ තත්වය චැනල් 4 වීඩියෝව නිශ්පාදනය කළත් නොකලත් වෙනස් නොවන්නේ, දෙමළ ජනතාව වෙත සිය කුරිරැ සන්නද්ධ ප්‍රහාරයන් මුදා හැරීමෙන් දෙමළ ජනයාගේ ආත්මයන් ද විනාශ කරමින් සිදු කළ ඛේදවාචකයෙන් ඇතිකළ ආත්මීය තුවාලය තව තවත් පාරමින් සිටින නිසාය. එසේම එය පාරමින් නොසිටීමටවත් මේ සිංහල අධිපතිවාදී බෙෘද්ධ රාජ්‍ය සුදානම් නැති නිසාය.

පසු සටහන

‛‛චැනල් ෆෝ නාළිකාව නිෂ්පාදනය කළ Sri Lanka’s Killing Fields නමැති වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සමග සම්මුඛ සාකච්ඡාවක නියැළීමට Groundviews වෙබ් අඩවියට හැකි වූයේ ඉහළින් ම මතභේදකාරී සහ අතිශයින් ම කැලඹුම්කාරී මෙම චිත්‍රපටය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය සහ වෙනත් අය උදෙසා තිරගත කිරීමට නියමිතව තිබුණු දිනට කලින් දා නිව් යෝකයේ දී ය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට දී කැලම් අප හා එක් වූයේ චැනල් ෆෝ නාළිකාවේ ප්‍රචාරක කළමනාකාරිනිය වන මේරියන් බෙන්ට්ලි ද සමගිනි.’ මේ එම සම්මුඛ සාකච්ඡාවයි