Colombo, end of the War, Featured Articles, Features

‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ./ජා.ජ.ස) සිය දැඩි කණගාටුව පළ කරයි.

පසුගිය මාර්තු 22දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන යුදධයේ අවසන් භාගයේ දී සිදු වූ පෘතුල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරමින් සහ රටෙහි ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමය ඇති කිරීම වෙනුවෙන් ප්‍රතිසංධානය සඳහා වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් වූ යෝජනාව සම්මතවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

‛‛ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට වන සිය අභිප්‍රාය එක්සත් ජනපදය විසින් ප්‍රසිද්ධ කල අවස්ථාවේ සිට ශ්‍රි ලංකාණ්ඩුව එරට ජනමාධ්‍යවේදීන්ට සහ නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව සිය ප්‍රහාරයන් උත්සන්න කළ බව අපි නිරීක්ෂනය කළෙමු’’ යැයි ජා.ජ.ස.යේ ආසියා පැසිපික් අධ්‍යක්ෂිකා ජැකොලින් පාර්ක් පැවැසී ය.

රාජ්‍ය පාලිත ඇසෝසියේට් නිව්ස් පේපර්ස් සමාගමට අයත් සිංහල භාෂා දිනපතා පුවත්පත් වන දිනමිණ ජනවාරි 26 දින ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපුටා දක්වමින් මානව හිමිකම් සහ ප්‍රති සංධානය උදෙසා ක්‍රියා කරන විදෙස්ගත ජනමාධ්‍යවේදීන් දේශයට ‛අපකීර්තිය’ ගෙන එන ද්‍රෝහීන්’ ලෙස හදුන්වා තිබුණි.

පසු දිනෙක එම සමාගමටම අයත් ඩේලි නිවිස් පුවත් පත වාර්තා කළේ ජනමාධ්‍යවේදියකු සහ නිදහස් මාධ්‍ය උද්ඝෝෂකයකු වන සුනන්ද දේශප්‍රිය ද ඇතුළු මානව හිමිකම් ආරක්ෂකයින් ශ්‍රී ලංකාව පාවා දෙමින් පරාජය කරන ලද කැරලිකාරී කණ්ඩායම වන එල්ටීටීඊයේ ඉතිරි වී සිටින පිරිස් සමඟ එක්ව ක්‍රියා කරන බවයි.

මානව හිමිකම් ආරක්ෂකයින් ‛‛පිරිහුණූ’’ පුද්ගලයින් බවට මාර්තු 16 දින වාර්තාවක් පළ කළ දිනමිණ ‛‛එල්ටීටීඊ ප්‍රචාරයකුයැයි’’ දේශප්‍රිය හෙළා දැක තිබුණි. තවද ‛‛ඉරානය වැනි රටවලදී නම් මෙවැනි දුෂ්ඨයින්ට ගල් ගසා මරා දමනු ලැබේ’’ යැයි එය අනතුරු හඟවා තිබුණි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලයේ ප්‍රධානියකු වන ධර්මසිරි ලංකාපේළි ද රාජ්‍ය මාධ්‍යයේ ඉලක්කයක් බවට පත් විය. මෙම වසරෙහි දී දුර්විපාක නොලැබ සිටීමේ සංස්කෘතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වන ප්‍රහාරයන්ට විරුද්ධ ‛‛කලු ජනවාරි උද්ඝෝෂනය’’ ගොඩ නැගීම පිණිස ජනමාධ්‍ය සංගම් එක්ව අත්වැල් බැද ගත් දා සිට මෙම මෙම ප්‍රහාරයන් උත්සන්න වී තිබේ.

මෙම ප්‍රහාරයන් සමාජ විද්‍යාඥයන් සහ දේශපාලන විචාරකයින් වන පී. සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු සහ සුනිලා අබේසේකර යන අයට එරෙහිව ද යුද්ධවසානයේ සිට ප්‍රති සංධානය සහ මානව හිමිකම් කෙළෙසීම් අරභයා වගවීම අවශ්‍ය බව කියා සිටි දේවස්ථාන නායකයින්ට එරෙහිවද පතුරවන ලදී.

රාජ්‍ය පාලිත ස්වාධීන රූපවාහිනී නාලිකාව ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂකයිනට එරෙහිව කැරුණු වාචික ප්‍රහාර ගණනාවක වේදිකාව බවට පත් විය. මාර්තු 9 සහ 24 යන දින අතරතුර එම නාලිකාව විමසුම නම් දෛනික ප්‍රවෘත්ති විශේෂාංගය යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 19 සැසිවාරය අතරතුර එහි සහභාගි වූ ජනමාධ්‍යවේදීන්ට රට ‛පාවා දුන්නේයැයි’ චෝදනා කරමින් වැඩ සටහන් 5කට වඩා විකාශනය කළා ය.

විවිධ දේශපාලන කණ්ඩායම් විසින් ජනමාධ්‍යවේදීන් සහ ප්‍රමුඛ මානව හිමිකම් ආරක්ෂකයින් විදේශීය බලවේග වෙනුවෙන් සේවය කරන තස්ත්‍රවාදීන් සහ ද්‍රෝහීන් ලෙස පින්තාරු කරන ලද කාටූන් සහ පින්තූර බෙදා හරින ලද බවද ජා.ජ.ස. ට දැන ගන්නට ලැබී තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට එරෙහිව මාර්තු 23 දින පැවැති විරෝධතා උද්ඝෝෂනයක් ඇමැතූ අමාත්‍ය මර්වින් සිල්වා විදේශගත කවර හෝ ජනමාධ්‍යවේදියකු ශ්‍රී ලංකාවට යළි පැමිණිය හොත් තමා ඔවුන්ගේ ‛‛ඉළ ඇට කඩන’’ බවට තර්ජනය කළේ ය. එළෙස සඳහන් කරන ලද එක් ජනමාධ්‍යවේදියකු වූයේ 2009 ජූනි මාසයේ දී කොළඹ නගරාසන්නයේ දී දරුණු ප්‍රහාරයකට ලක් වූ පෝද්දල ජයන්ත ය. සදාකාලික විකලාංග තත්ත්වයට පත් ඔහු 2010 සිට විදෙස්ගතව ජිවත් වෙයි.

මෑත වසරයන්හිදී ජනමාධ්‍ය සමඟ ඇති කරගත් දරුණු ගැටුම් ගණනාවක් සම්බන්ධයෙන් නම් දරා ඇති සිල්වා 2009 ජනවාරි මාසයේ දී පුවත්පත් කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමද ද ජූනි මාසයේ දී ජයන්තට පහර දීමද තමාගේ වැඩ බව ප්‍රසිද්ධියේ කියා සිටි තිබේ.

සිල්වා පසුව ලසන්ත ඝාතනයට අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ නමුත් මානව හිමිකම් සහ කතා කිරීමේ නිදහස වෙනුවෙන් කැප වූ ජනමාධ්‍යවේදීන්ගේ විරුද්ධවාදියකු ලෙස නිරන්තරයෙන්ම මහත් කනස්සල්ලක් ජනනය කරවයි.

‛‛ආණ්ඩුවේ ප්‍රකාශකයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් පතුරුවන ලද ප්‍රහාරාත්මක ප්‍රචාරයන් විසින් එදිරිවාදු වටපිටාවක් බිහි වී ඇත. එම තත්ත්වය යටතෙහි සාමය සහ ප්‍රති සංධානය වෙනුවෙන් නැගී සිටින්නන්නට එඩිතර වූ පිරිස් මත අතිශය දරුණූ උවදුරු පතිතවීමට ඉඩ ඇතැයි අපි බියට පත්ව සිටිමු’’ යැයි ජැකොලයින් පාර්ක් පැවැසීය.

අනතුරුදායක තත්ත්වය කොතරම් පැහැදිළිව සහ අත ලඟටම පැමිණ තිබුණේ ද යත් එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂකයිනට එරෙහිව පළි ගැනීම් නොකරන ලෙස දන්වා ප්‍රසිද්ධ අනතුරු හැඟවීමක් ද කළා ය.

‛‛ පසුගිය තෙමස පුරා අසන්නට සහ දක්නට ලැබුනු අන්දමේ එදිරිවාදු ප්‍රචාරයන්ගෙන් වහාම ඉවත්වන ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම දේශපාලන නායකත්වයෙන් අපි ඉල්ලා සිටිමු’’ යැයි ද ජැකොලයින් පාර්ක් පැවැසී ය.

‛‛ රටෙහි ජනාධිපති විසින් පවරන ලද බලාධිකාරය අනුව යමින් පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව ඉදිරියට යා යුත්තේ කෙසේදැයි සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසමේ නිර්දේශයන් කෙරෙහි බලවත් සැළකිල්ල යොමු කරන ලෙස ද අපි කියා සිටිමු’’

(මුල් ඉංග්‍රිසි පිටපතෙහි දළ සිංහල පරිවර්ථනයකි)