”ලංකා සමාජය හැත්තෑ ගණන්වල ඉදලා පැහැදිලිවම දේශපාලන අර්බුද දෙක තුනකටම මුහුණ දෙනවා. කැරලි ගණනාවක් රටේ ඇති වෙනවා. නමුත් ලංකා සමාජය මේ සිදුවෙන කිසිම දේකින් ඉගෙන ගන්න සමාජයක් නොවන බව තමයි පෙනෙන්නෙ. මේකට හේතු ගණනාවක්ම තියනවා. එකක් තමයි ප්‍රශ්ණ කරන සමාජයක් අපිට ඇති කරලා නෑ. යැයි රංජිත් හේනායක ආරච්චි ‘විකල්ප’ සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

[රංජිත් හේනායක ආරච්චි, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කල 1971 කැරැල්ලේ ඉදිරිපෙළෙ ක්‍රියාකාරිකයෙක්ව සිටි අතර, ඒ නිසාම ඔහු පසුව යාපනයේ හිරගෙදර සිරබත් කෑමට ද ඔහුට සිදුවිය. පසුව මර්දකයින්ගෙන් සිය ජීවිතය බෙරා ගැනීම සදහා ලංකාවෙන් පිටව, මේ වන විට ජර්මනියේ ජීවත් වෙයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද පසුගිය වසර ගණනාවකම ක්‍රියාකාරී වූ රංජිත් හේනායක ආරච්චි, සිංහල සහ ජර්බන් බසින් රචිත පොත් කිහිපයකම කතුවරයා ද වෙයි. සම්මන්ත්‍රණයක්, අවිචාර සමයක කැරලිකරුවෙක්, නව නිදහස්වාදය තුළ ජගත්කරණය, කදුකර සිහිනය, බක්මහ කදුලු, සන්ධිය ක්‍රමය ආදී ඔහු විසින් රචිත පොත් අතර වෙයි.]

”මම විශ්වාස කරන්නේ ලංකා සමාජය වැඩවසම් මානසික මට්ටමක තියන සමාජයක්. ඒ වගේම ලංකා සමාජය මිත්‍යාවකට ගිහිල්ලා තියනවා. අද මේ තියන වසංගත තත්ත්වය ලෝකයටම ඇවිල්ලා තියන එකක්. මේකට විද්‍යාත්මකව විසදුම් හොයන්න ඕන. ඒකට තමයි ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු, විශේෂඥයෝ ඉන්නේ. නමුත් ඒ සියලු දේවල් පැත්තකින් තියලා කොහේ හරි මිනිහෙක් පැණියක් හොයාගත්තම ඒ පිටුපස යනවා. මේ සියලු දේවල් දේශපාලන වැඩපිළිවෙලවල්. ඒ වගේම ලංකාවේ මේ වසංගතය නැති කරන්න හදපු පළවෙනි ක්‍රමය තමයි, හමුදාව දාලා, ඇදිරිනීතිය දැම්මා. ඇදිරි නීතිය දාන්නේ මොන ලෝකෙ ද වෛරස් එකක් ආවාම? ඔහු තව දුරටත් ප්‍රශ්ණ කර සිටියේය.

ඔහු තව දුරටත් පවසා සිටියේ.

”…සමාජයක් මිත්‍යාවට ගෙන යෑම, පාලකයින්ගේ එක අරමුණක්, තමන්ට ඕන විදිහට මිනිසුන්ව දක්කන්න. ‘අපිට තනි නායකයෙක් ඕන’, ‘තනි නායකයෙකුට තමයි මේ ප්‍රශ්ණය විසදන්න පුලුවන්’ කියන එකම එක්කෝ, ඒකාධිපති ෆැසිස්ට් සිතිවිල්ලක්. එහෙම නැත්නම් වැඩවසම් රාජාණ්ඩු සිතිවිල්ලක්. ප්‍රජාතන්ත්‍රවාදී සිතිවිල්ලක එහෙම දේවල් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ තියෙන්නේ සාමුහික විසදුම්. සාමුහික ක්‍රමවේද. තනි තනි පුද්ගලයින්ට, තනිවම ප්‍රශ්ණ විසදන්න පුලුවන් කියන එක, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකවත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකවත් පිළිගන්නේ නැ. අද වෙනකොට ජනාධිපති කෙනෙක් පත්කරගෙන තියනවා, ඒ ජනාධිපති ගේ වචනය පවා නීතියයි කියන තත්ත්වයට ඇවිල්ලා තියනවා. ඒ නිසා වැඩවසම් සමාජයක, ගැත්තන්ගේ මානසික මට්ටමක් තියන තුරු නේ රදලයින්ට පාලනයේ ඉන්න පුලුවන්……’

සම්පූර්ණ සාකච්ඡාව අඩංගු වීඩියෝව පහතින් බලන්න

රංජිත් හේනායක ආරච්චි විසින් පසුගිය කාලය පුරා ‘විකල්ප’ වෙබ් අඩවියට ලියා ඇති ලිපි ගණනාකවක් පාඨක ඔබට කියවා ගැනිම සදහා මෙයට පිවිසනේන here