Colombo, Democracy, Features, Governance, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”

Update | 07.36pm

යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි වල වීඩියෝ සටහනයි.(ජංගම දුරකතනයකින් ලබාගත් සංස්කරණය නොකරන ලද දර්ශන බව සලකන්න)

[Havelock city- near the saama vihaaraya]
[Havelock city- near the saama vihaaraya]
[Havelock town]
[Havelock town]
[Havelock town]
[Havelock town]

පුදු​වෛයි කෝ ? සහ මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය යනුවෙන් තීන්ත වලින් ලියන ලද වැකි අද දිනයේදී කොළඹ නගරයේ තැන් කීපයකම ඇද තිබූ බව වාර්තා වෙයි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික අංශ නායකයා මෙන්ම ​දමළ කවියකු වන පුදු​වෛයි රත්නතු​රෛයි යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට බාර වූ බව වාර්තා වූ අතර අද වනතරු ඔහු සහ ඔහු සමග හමුදාවට බාරවූ කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව වාර්තා වෙයි.

මේ තත්ත්වයන් තුළ දහස් ගණනක් දෙමළ වැසියන් ඝාතනය කරමින් ඊනියා මානුෂිය මෙහෙයුම අවසන් කළා යැයි ප්‍රකාශ කළ අද(2009 මැයි 18) දිනය වර්ග සංහාරක දිනය ලෙස නම් කරමින්, ඝාතනය කළ සිය ආදරණීයයන්, ලොව පුරා දෙමළ ජනයා අනුස්මරණය කරනු ලබන්නේ යුද්ධයෙන් වසර 4ක් ගෙවී ගියත් සංහිදියාවක සේයාවක් වත් නොපෙනෙන දේශපාලන හා සමාජ තත්ත්වයක සිටයි.

(ඊනියා) ජයග්‍රහණය

එසේ වුවත්, සිව් වසරකට පසු අද ද ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබන්නේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි. එපමණක්ද නොවේ සිය මිලිටරි යාන්ත්‍රණය මුලු ලංකාවම පුරා වි්‍යාප්ත කරමින් මිලිටරි රාජ්‍යක් වෙත ළගා වෙමින් තිබෙන අතරතුරය.

කොළඹ එසේ ජයග්‍රහණය සමරද්දී, අනෙක් පසින් යුද්ධයට සෘජුවම මුහුණ දුන් උතුරු පළාතෙහි අද (මැයි 18 දා) සමරනු ලැබන්නේ අනුස්මරණයේ දවස ලෙස ය. ඒ ඝාතනයකළ, අතුරැදහන්කළ, විපතට පත් දහස් ගණනාවක් සිය ජනයා වෙනුවෙන් පිදෙන කදුළු, වේදනාව සහ අධිශ්ඨානය අතරිනි. නමුත් ඒ කදුළු, වේදනාවන් ආඩම්බරකාර පියාට දැනෙන්නේ නැත. යුද්ධය අවසන් වී වසර 4කට පසුත් තම මුල් ගම්බිම්වලට යා නොහැකිව වේදනා විදින දහස් ගණනක් උතුරේ තවමත් සිටියි. සරණාගත කදවුරැ වලින් ගෙනගොස් ගණ කැලෑවේ අතරමං කර සිටින මිනිසුන්ද එමටය. තම නිවෙස්වල පදිංචිවී සිටින හමුදා බටයින් වගේම තම වතුපිටිවල වගා කරමින් ඔවුන්ටම ඒවා විකුණන මිලිටරි පරිසරයක් තුළ උතුරේ ජනයා දිවි ගෙවන්නේ කර කියා ගැනීමට කිසිවක් නැති ලෙසය. මෙවැනි මිනිස් වේදනාවන් පිරැණු භූමියක, දහස් ගණනක් ඝාතනය කල භූමියක සැමරිය යුත්තේ ජයග්‍රහණයද? මිනිසුන් දහස් ගණනක් ඝාතනය වූවාට පසු මිනිස් සමාජයකට එය විජයග්‍රහණයක් වන්නේ කෙසේද? තවමත් ඒ ප්‍රශ්ණය අසන්නට දකුණේ බොහෝ මිනිසුන්ට නොහැකිව ඇත්තේ ලේ තැවරැණු කිරිබතින් මුව පිරී ගොස් ඇති නිසාය.

ඡායාරෑප ස්තූතිය – වන්නිපෝස්ට්.කොම්