ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ මෙම සැමරැම සදහා අතුරැදහන් වූ සිය සමීපතමයින්ගේ පවුල්වල ඥාතීන්, හිතවතුන් විශාල පිරිසක් එම වැඩසටහනට එක්ව සිටියේ ය.

ලංකාවේ අතුරුදහන් වුවන් සැමරීමේ ස්ථානයන් දෙකක් තිබූ අතර ඉන් එකක් අහිංසකයින්ගේ ආරාමය නමින් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව බත්තරමුල්ලේ දී ඉදි විය. ඒ ඇඹිලිපිටියේ දී අතුරුදහන් කළ සිසුන් සිහි කිරිමටය. එය නිර්මාණය කරනු ලැබූවේ ජගත් වීරසිංහ ප්‍රවීණ කලාකරුවා විසිනි. නමුත් අතුරුදහන්වුවන් සිහි කිරිමට තිබූ එම අහිංසකයින්ගේ ආරාමය වර්තමාන ආණ්ඩුව පොළවට සමතලා කර දැමූවේ සිය ගෝත‍්‍රික මිලේච්ඡත්වය ලොව හමුවේ පෙන්වමිනි.

දැන් අතුරුදහන් වුවුන් සිහි කිරීම සදහා ලංකාවේ ඉතිරිව ඇති එකම ස්මාරකය වන්නේ මෙම සීදූව, රද්දොලූව පිහිටි ස්මාරකයයි. 2000 පෙබරවාරි මෙය ගොඩනගන ලද්දේ රංජිත් සහ ලයනල් නම් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනා මෙම ස්මාරකය පිහිටි ස්ථානයේදී ඝාතනය කිරීමත්, සියලූ අතුරුදහන්වුවන් සිහි කිරීමටත් මෙන්ම අතුරුදහන් කිරීම්වලට එරෙහි වීමත් ලෙසය. මෙම අතුරුදහන් වූවන්ගේ සිහිවටනය නිර්මාණය කරන ලද්දේ ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර විසිනි.

පහත පළවන්නේ අද(27) විසිතුන් වන වතාවටත්, එම ස්ථානයේ පැවැත් වූ සැමරැම් වැඩසටහනේ ඡායාරෑප සටහනක් වන අතර එහි අනිකුත් විස්තර සහ වීඩියෝ, ඡායාරෑප ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තූ වන්න.

සම්පූර්ණ ඡායාරෑප සටහන සදහා පිවිසෙන්න.