[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013]


‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා. නමුත්, අවුරුදු 4 ක් මේ ප්‍රදේශයේ ජීවත් වෙන අපිට අපේම ඉඩම් වෙන්කරලා දෙන්න කටයුතු කරන්නේ නැහැ.‘‘
යැයි, යාපනය, නාවට්කුලි, අය්යනාර් කොවිල් ප්‍රදේශයේ ජනතාව පවසා සිටියි.

විශේෂයෙන්, නාවට්කුලි ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල පදිංචි වී සිටින සිංහල ජනතාව එහි ස්ටීර නිවාස ගොඩනගා ගනිමින් සිටින බවත්, දැනටමත් එහි පවුල් තුනක් ස්ටීරවම පදිංචි වී සිටින බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

මේ අතරතුර වාර්තා වන්නේ, සිංහල ජනතාවට වෙන් කරමින් සිටන ඉඩම් වෙන් කිරීමේ වැඩසටහන සතියක් පුරා හමුදා සහාය ද සමග සිදුවෙමින් පවතින බවය.

දැනට පවුල් තුනක් ස්ටීරවම පදිංචි වී සිටින අතර තවත් පවුල් 136කට ඉඩම් වෙන් කර බෙදා දී ඇති බව එම ප්‍රදේශයේ පාරම්පරික ජනතාව පවසයි.

‘‘අපේ ඉඩම් සුද්ද කර තබන ලෙසත්, සිංහල ජනතාවගේ ඉඩම් මැනීමෙන් පසු අපේ ඉඩම් මැන දෙන බවත් හමුදාව කිව්වා‘‘ යැයි ඒ සමග ඔවුන් වැඩිදරටත් පවසයි.

නමුත්, සිංහල ජනතාවගේ ඉඩම් වෙන් කර දී අවසන් කළ මුත්, ‘‘අපේ ඉඩම් මැනීම සදහා කිසි කෙනෙක් මේ දක්වා පැමිණියේ නෑ‘‘ ඔවුන් වැඩිදුරටත් පවසයි. ඉඩම් වෙන්කර දීම සදහා කවුරැ හෝ පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එම ප්‍රදේශයේ ජනයා සතියක් පුරා කිසිදු රස්සාවකට නොගිය බවත් ඔවුන් පවසයි.

ඒත් සමග, සිංහල ජනතාව ඉන්න ඉඩම් අසල ජීවත් වෙන පවුල් 98ක දෙමළ ජනතාව පළවාහැරීමට මේ වන විට හමුදාව උත්සහ දරමින් සිටින බව ද ඔවුන් පවසයි.

“අපිට තවම ඉඩම් ඔප්පුව ලබාදී නැති නිසා කිසිදු උදව්වක් ලබාගැනීමට බැරි වී තිබෙනවා. වැසි කාලයත් ආරම්භවෙලා. කූඩාරම් වගේ තිබෙන අපේ ගෙවල්වල ජීවත්වෙන්න බැහැ. රාත්‍රියේ සර්පයන් එන නිසා විදුලිය ලබා ගැනීම ට ඉල්ලුවා. ඉඩම්වලට ඔප්පු නැති නිසා විදුලිය ලබාදෙන්න බැහැ කියලා කියනවා.‘‘

“අපට අයිති ඉඩම්වල අභ්‍යන්තර පහසුකම් නැතිව අපි ජීවත් වෙනවා. සිංහල අය මෙහි පදිංචී වී පහසුකම් ලබාගෙන ජීවත් වෙනවා. අපිට විතරක් ඇයි මෙහෙම කරන්නේ.” ඔවුන් වේදනාවෙන් පවසයි.

[10/23/2013 4:54:18 PM] උදයන් ඔන්ලයන් ඇසුරෙනි.