රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එය නැවත මතක් කරන්නට සේම එම ව්‍යාපෘතියට තිබෙන ජනතා විරෝධය පෙන්නුම් කිරීමටය.

pc5

පොලීසියේ කුණුහරුප

pc7 [Screenshot Swarnavahini Video]

නමුත් සාමකාමී විරෝධතාවයට බාධා කරමින් චම්පික සිරිවර්ධන, කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විරෝධතාකරුවන්ට කුණුහරුපෙන් බැණ වැදුනු බවත්, එම ප්‍රකාශයන් තුළ ඇත්තේ පුරවැසි අයිතිය මර්දනය කිරීමේ දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය විසින් සිදු කරන ලද ක්‍රියාදාමයට සමාන තත්ත්වයක් බව විරෝධතාකරුවන් පැවසීය.

බලන්න, ස්වර්ණවාහිණිය විසින් විකාශය කරන ලද පුවත, එහි පොලිස් අධිකාරිවරයාගේ ‘කුණුහරුප‘ වාරණය කර ඇති අන්දම, කාලය @Swarnavahini News 06.30 to 06.52 බලන්න,


නිළඇදුම් සමග සිටිමින් ‘චණ්ඩි‘ යෙක් මෙන් හැසිරෙන චම්පික සිරිවර්ධනගේ පළමු තර්ජනය ද මෙය නොවේ,

2015 ඔක්තෝබර් 14වනදා ත් පොළිස් අධිකාරීවරයා මෙළෙස හැසිරුනේය. ඒ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම හා සම්බන්ධව පැවති විරෝධතාවයක දී ය. එහි දී කිසිදු ආකාරයක සාමය කඩවීමකින් තොරව, මෙන්ම ගමනාගමනයට ද කිසිදු අන්දමේ බාධාවක් නොවන ලෙස නිහඩව පාගමනින් පැමිණ පිරිස ඉදිරියට පැමිණි චම්පික සිරිවර්ධන, කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ‘වාඩිවෙලා හිටියොත් අපි ගහලා පන්නනවා‘ යනුවෙන් පැවසීය.(කිසිදු ආකාරයක සංස්කරණයකින් තොරව ඔහුගේ වචන සමග වන පහත වීඩියෝව බලන්න)

‘වාඩිවෙලා හිටියොත් ගහලා පන්නනවා‘ – SRIlankaPOLICEE

[‘වාඩිවෙලා හිටියොත් ගහලා පන්නනවා‘ කොළඹ පොළිස් අධිකාරි තර්ජනය කරයි!]දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශාපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘සම අයිතිය ව්‍යාපාරය‘ විසිනි. විරෝධතාවයෙන් අනතුරුව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම පිළිබද සාකච්ඡාවක් සදහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා යෑමට පාගමනින් පැමිණි එම පිරිස හිල්ටන් මංසන්දියට මදක් ඉදිරියෙන් පොලීසිය විසින් මාර්ග බාධක දමා නවතා දමන අවස්ථාවේ විරෝධතාකරුවන් සමග පොලීසිය හැසිරුනේ රාජපක්ෂ රෙජීමය සමයේ දී පොලීසිය හැසිරුනු අන්දමට කිසිදු වෙනසක් නැතිවය. කිසිදු ආකාරයක සාමය කඩවීමකින් තොරව, මෙන්ම ගමනාගමනයට ද කිසිදු අන්දමේ බාධාවක් නොවන ලෙස නිහඩ පාගමනින් පැමිණ පිරිස ඉදිරියට පැමිණි චම්පික සිරිවර්ධන, කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ‘වාඩිවෙලා හිටියොත් අපි ගහලා පන්නනවා‘ යනුවෙන් පැවසීය.(ඉහත වීඩියෝව බලන්න)රාජපක්ෂ පාලන කාලයේ රණගල නම් සුප්‍ර‍සිද්ධ පොලිස් නිළධාරියාද සාමකාමී විරෝධතාවයන් වලදී රාජපක්ෂලාගේ තගරිය ඔලුවට ගෙන හැසිරුනේ චණ්ඩියෙක් ලෙසය. සිසු විරෝධතාවයන්වලට එළිපිටම දරුණු ලෙස පහර දුන්නේය. ස්ත්‍රීන්ගේ …More Information: http://www.vikalpa.org/?p=25053

Posted by Vikalpa on Wednesday, October 14, 2015

පොළීසිය කාගේද?

රාජපක්ෂ පාලන කාලයේ රණගල නම් සුප්‍ර‍සිද්ධ පොලිස් නිළධාරියාද සාමකාමී විරෝධතාවයන් වලදී රාජපක්ෂලාගේ තගරිය ඔලුවට ගෙන හැසිරුනේ චණ්ඩියෙක් ලෙසය. සිසු විරෝධතාවයන්වලට එළිපිටම දරුණු ලෙස පහර දුන්නේය. ස්ත්‍රීන්ගේ විරෝධතාවලදී, විරෝධතා අතරට පැන පෝස්ටර් ඉරා දමමින් පරුෂ වචනයෙන් බැණ වැදී රාජපක්ෂලාට තමන්ගේ ඇති ‘කීකරුකම‘ පෙන්වූයේ නීතිය තුට්ටුවටකවත් නොසලකා හරිමින්ය.(බලන්න වීඩියෝ සහිතව – [Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.) ඔහු පමණක් නොවේ බොහෝ පොලිස් නිළධාරින් කොළඹ සහ කොළඹින් පිටතදී ද හැසිරුනේ එවැනි අවිචාරවත් ලෙසය.

අද දවසේ චම්පික සිරිවර්ධන, පොලිස් අධිකරිවරයා ද පෙන්වා ඇත්තේ රාජපක්ෂ සමයේ පොලීසිය දැක්වනු ලැබූ ප්‍ර‍තිචාරයට සමාන ප්‍ර‍තිචාරයකි. නමුත් රාජපක්ෂ කරනය වී තිබූ පොලීසිය, යහපාලනය තුල ද දක්වන ප්‍ර‍තිචාරය එළෙසමය. එබැවින් සිරිසේන ජනාධිපතිවරයාත්, වික්‍ර‍සිංහ අගමැතිවරයාත් පොලීසියේ මෙවැනි මුග්ධ ක්‍රියා නතර කිරීමට උනන්දු නොවන්නේ නම් ‘යහපාලනය‘ ද මහපාරේ දී ප්‍ර‍ශ්ණ කිරීම වැඩි අෑතක නොවනු ඇත.

සංදේශයක් බාර දෙයි

pc2

කෙසේ නමුත්, මෙහී දී දැකගත හැකි වූ විශේෂය වූයේ මෙම විරෝධතාවයට පැමිණි පිරිසෙන් අතිබහුතරයක්, ප්‍රජාතන්ත්‍රවිරෝධී රාජපක්ෂ ආණ්ඩුව පළවා හැර නව පාලනය පත්කර ගැනීමට වෙහෙස වූ පුරවැසියන් වීම ද සුවිශේෂීය.

පෝර්ට් සිටි විරෝධී ජනතා පෙරමුණ සංවිධානය කළ එම විරෝධතාවය පැය දෙකක පමණ කාලයක් පැවති අතර ජනාධිපති අතිරේක ලෙකම් එස්.ටී. කොඩිකාර හා අගමැති සම්බන්ධීකරණ ලේකම් සුනිල් ප්‍රේමසිරි යන යන මහත්වරුන්ට උද්ඝෝෂණකරුවන් සංදේශයක් ද බාර දුන්නේය.

අගමැතිවරයා පොළිසිය සම්බන්ධයෙන් පසුගිය දා මෙවැනි ප්‍රකාශයක් කළේය, ‘ආණ්ඩුව අපේ, පොලීසිය ගෝඨාගේ ද?‘ යනුවෙනි. දැන් අපට කියන්න ට ඇත්තේ, ‘පෙර මෙන් දැන් පුරවැසියන් රැවටිය නොහැකි ය‘ යනුවෙනි.

pc3

pc4

pc6