150‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක ඉතිහාසයට එකතුවෙලා ඉවරයි. මේකේ හිටපු සුවහසක් ජලජ ජීවින් ඒවා ඔක්කොම ඉවරයි. මේක මහා අපරාධයක්. අහිමි වෙච්ච ජීවන සම්පත් ටික කොහොමද රිකවර් වෙන්නේ කියලා ඒකට උත්තරයක් නැහැ. මේකට හේතුව කිසිම සැකයක් නැහැ, උමාඔය ව්‍යාපෘතියයි‘‘ යැයි පුරවැසි ජනමාධ්‍යවේදියෙක් වන ලසන්ත ද සිල්වා පැවසුවේ බණ්ඩාරවෙල අසලින් රමණීය ලෙස ගලා ගිය හීල් ඔයේ වත්මන් ඛේදවාචකය ගැන සදහන් කරමිනි.

උමාඔය ව්‍යාපෘතිය නිසා සිදුවන පාරිසරික හානිය මේ වන විටත් බණ්ඩාරවෙල සහ ඒ අවට සෑම ප්‍රදේශයකටම ඉතාමත් බිහිසුණු අයුරින් දැනෙන්නට පටන් ගෙන තිබේ. මහපොළව ඉරි තලා යමින්, බොහෝ ලිං, ඇල දොල හිදී යමින්, ගෙවල් සිදුරු වී බියකරු පැලුම් හට ගනිමින් තිබේ. නමුත් බලධාරීන් තවමත් සිටින්නේ ‘උමාඔය ඊනියා සංවර්ධන ව්‍යාපෘතිය‘ ගැන රාජපක්ෂ පන්නයේ සිහින මවමිනි.

edit3

‘දෙසැම්බර් වෙනකොට මේ කුඹුර හාන්න ඕන, ගොයම් හදන්න. මේ සැරේ හාන්න බෑනේ වතුර නැතුව. ඔයත් වේලිලා වතුර පොඩ්ඩක්වත් නැහැ‘

farmer-150 විසල් කුඹුරු යායක දුකින්, කාන්සියට, පුරුද්දට මෙන් මහපොලව මත සිය කෙටි උදලු පහරවල් එල්ල කරමින් සිටි ගොවි මහතෙක් අප සමග පැවසුවේය. වසර ගණනාවක් තමන්ට බත සැපයූ කුඹුරේ අද විසල් පැලුම්ය. ‘වතුර ආවත් මේවා ඇතුලෙන් යනවා‘ කුඹුර මැදින් වූ විශාල පැලුම් පෙන්නා ඔහු කීවේය. ‘අද වෙනකොට හීල්ඔයේ වැල්ල විතරයි. වතුර බිංදුවක්වත් නැහැ.මේක ශාපයක් වගේ..!!! ජනමාධ්‍යවේදී ලසන්ත පැවසුවේය.

බලන්න සම්පූර්ණ වීඩියොව පහතින්. (Recording Date 26 October 2016)

සබැදි සටහන්

‘උමාඔයේ’ ගිලෙමින් ඇති ජීවිත..!

උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට මහින්ද රාජපක්ෂ හා මධ්‍යම පරිසර අධිකාරිය වගකිව යුතුය

වරාය නගර(Port City) සංවර්ධන ව්‍යාපෘතිය නතර කළ යුත්තේ ඇයි?

@VIKALPA