”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ”

ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේය. ඒ ඇයට වසර අවුරුදු 4 දීය.

ඇය ලංකාවට එන විට,

එවකට ජේම්ස් ටේලර්, සිඩ්නි කියන නැවෙන්, 1867 ලංකාවට ඇවිල්ලා තේ වගාව පළමුවෙන්ම ආරම්භ කරමින් තිබිණි. ඒ ලුල්කදුර වත්තේ ය. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය වූයේ ඉතිරි ප්‍රදේශවලට ද තේ වගාව ව්‍යාප්ත කිරීමයි. ඒ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දෛයීවානී වැනි ළමුන්, ස්ත්‍රීන්, පිරිමින් විශාල පිරිසක් ඉන්දියාවෙන් ගෙන ආවේ තේ වගාවේ කම්කරුවන් ලෙස නියැලීමටය.

ඉන්දියාවෙන් කම්කරුවන් ලෙස දෛවානී වැනි ගැහැණුන්(ඇත්තටම කුඩා දරුවන්) සහ මිනිසුන් ගෙන එන විට බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර කම්කරු එකගතාවයක් පැවති අතර සියලු ඉන්දියානුවන් පැමිණියේ ‘ඉන්දියා-ශ්‍රී ලංකා වතුකම්කරු‘ යන නමින් හදුන්වා දී තිබූ ගමන් බලපත්‍රයකිනි.

මුහුදු මාර්ගය ඔස්සේ මන්නාරමට පැමිණ එතැනින් දුම්රියෙන් දෛවානි ලා ලංකාවට පැමිණියා ය. ඒ ගමන සුවදායක ගමනක් නොවූ අතර අතර මග බොහෝ පිරිසක් මිය ගිය බවට වාර්තා වෙයි. නමුත් එවන් ව්‍යසනයන් තේ පානය කරන කිසිවෙකුටවත් එකල වැදගත් වූයේ නැත.(අදද එසේමද?)

එසේ ඔවුන් ගෙන ආවේ එවැනි මිනිසුන් සහ ගැහැණුන්ගේ ජීවිතයේ සාරවත් බව ළගා කර දීමට නොවේ. (බලන්න පහත සම්පූර්ණ සටහන)


”ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා…”

බලන්න සම්පූර්ණ සටහන

ඔව්! ඇය පැමිණියේ වසර 100කට පෙර ය..

[Special Thanks @Uva Shakthi Faoundation,Badulla]

සබැදි සටහන්

#GlobalCeylonTeaParty | ‘තේ’ දල්ලේ නොදකින කඳුළු [Video]