iMAGE: Cartoon by Gihan De Chikera

සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි. මෙයට පෙර විකල්ප විසින් පළ කළ  ‘සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පිලිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු’ , යන ඔහු විසින් ලියන ලද ලිපිය මෙම ලිනික් එක මත කිලික් කිරීමෙන් කියවිය හැකියි.

මේ දිනවල ලංකාවේ විවිධ සුදුසුකම් තිබෙන මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා සිසේරියන් සැත්කමකදී හිතාමතා පැලෝපීය නාල අවහිර කළ හැකි බව සහ එය සොයා ගැනීමට අවශ්‍ය සමහර පරීක්ෂණ ලංකාවේ නොමැති බව.

සිසේරියන් සැත්කමකදී පැලෝපිය නාල තැලීම පිළිබඳව මහාචාර්යවරුන් සහ ප්‍රමාණික බුද්ධිමතුන් සහ අනෙකුත් අයගේ අදහස් නිසා අද දවසේ ලංකාවේ ජනතාව භීතියටත් විස්මයටත් අපේක්ෂා භංගත්වයටත් පත්ව තිබේ .බොහෝ අය තමාගේ නාලය පරික්ෂා කර ගැනීමට සුදුසු වෛද්‍යවරුන් සොයමින් සිටි.දශක දෙකකට ඉහතදී මාතර රෝහලේ පැලෝපීය නාලයේ අවහිරතා පරීක්ෂා කළේ hydrotubation මඟිනි.

එහිදී සිදුකරන්නේ රෝගියාව නිර්වින්දනයට පත්කොට යෝනි මාර්ගය තුලින් ගැබ්ගෙලට ඇතුල් කරන උපකරණයක් මඟින් ක්ලෝරම්පෙනිකෝල් ප්‍රතිජීවකය සහ හයිඩ්‍රොකෝර්ටිසෝන් සේලයින්වල දිය කර ඇතුල් කිරීමයි.එවිට වෛද්‍යවරයෙක් හෝ දෙන්නෙක් කාන්තාවගේ යටිබඩ දෙපසින් වෙදනලාව පාවිච්චි කරමින් දියරය බඩට ඇතුළුවන හඬ අසා සිටීමයි.හඬ නොඇසුනේ තම් නැවත වතාවක් පිරික්සීමක් කරයි.එවිට හඬ නොඇසුනේ නැත්නම් එම පැත්තේ නාලය අවහිර වී ඇති බවට නිගමනය කරයි.ඊට පසුව රෝගියා විමසා රෝගියා කැමතිනම් බඩපළා පැලෝපීයනාල යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා.ඒ වගේම කිව යුත්තක් තියෙනවා මෙය අවහිර වුනු නාල වලට ප්‍රතිකාරයක් විදියටත් පාවිච්චි උනා.ඒ කියන්නේ බෙහෙත් විදින විට ඇතිවන තෙරපුම නිසා කුඩා අවහිරතාවයන් ඉවත්වීමෙන් යථා තත්වයට පත්වීම.

අනිත් පරීක්ෂණය තමයි එච් එස් ජී Hysterosalpingography

ඒ සඳහා සිහි නැති කිරීම අනවශ්‍ය අතර එක්ස් රේ කාමරයේදී ඒක්ස්රේ වලට සංවේදි ඩයි වර්ගයක් යෝනී මග හරහා ගැබ් ගෙලට සවි කරන ලද නලයක ආධාරයෙන් ගර්භාෂය තුලට ඇතුල් කර එය පැලෝපිය නාල තුළින් ගමන් කොට පිටවන අයුරු එක්ස් රේ මගින් පරීක්ෂා කරනවා .එම ක්‍රමයෙන් ද නාල අවහිරතා අඳුනාගත හැකි අතරම ඉහතදී මෙන්ම අවහිරතා ඉවත්විය හැක.

අනෙක් ක්‍රමය තමයි HyCoSy (Hysterosalpingo Contrast Sonography)

මෙහිදීද යෝනී මග හරහා ගැබ්ගෙල තුළින් සේලයින් වැනි දියරයක් ඇතුල් කරමින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනරය උපකාරයෙන් පැලෝපීයනාල පරීක්ෂාවට ලක්කිරීම.

අවංකවම කියනවනම් ලංකාවේ අවශ්‍ය පහසුකම් තිබුනද විශේෂඥවරු ඒ සඳහා සූදානම් ද කියන්න මම දන්නේ නැහැ.නමුත් මේ සඳහා පර්යේෂණ පැවැත්වූ තරුණ විශේෂඥ මහතුන් ගැන මා දන්නවා.

නමුත් පැලෝපීය නාල පරීක්ෂාකිරීමේ දැනට ලෝකයේ පිළිගත් ගෝල්ඩ් ස්ටෑන්ඩර්ඩ් පරීක්ෂණය තමයි laparoscopy සහ dye test කියන එක. එමඟින් කරන්නේ යතුරු සිදුරු ක්‍රමයෙන් පළමුව පැලෝපීය නාලයේ පිටත තිබෙන අවහිරතාවයන් පිරික්සා බලා ඉන්පසුව ගැබ්ගෙල හරහා ඉහත අයුරින්ම මෙතිලීන් බ්ලුඩයි වර්ගය ඇතුල්කිරීම සහ එය පැලෝපීය නාල තුළින් පිටත එන අයුරු පිරික්සීමයි.එමඟින් නාල අවහිරතාවය වීම සහ වෙනත් හේතු තිබේදැයි සොයා ගත හැකි වන අතර නාල අවහිරතාද ඉවත්විය හැක.නමුත් මෙම ක්‍රමය ද සීයට සීයක් සාර්ථක ක්‍රමයක් නෙවේ.නමුත් එංගලන්තය වැනි දියුණු රටකද සිසේරියන් සැත්කමකින් පසුව නැවත ගැබ්නොගැනීම නිසා අප ළඟට පැමිණෙන රොගියාහට පළමුව අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන පරීක්ෂාවක් සහ HSG පරීක්ෂණය සිදු කරනවා.ඉන් පසුව laparoscopy සහ dye test කරනවා.අනෙකුත් කම විශේෂිත ඒකකවල පමණයි සිදුකරන්නේ.

මෙම හැම ක්‍රමයකම තියෙන විශේෂත්වය තමයි අවහිරතාවය හඳුනාගැනීම සහ සුළු අවහිරතාවයන් පරීක්ෂණය නිසාම ඉවත්වීම ලොතරැයියක් ඇදුනා වගේවීම .මා එසේ කියන්නේ සිසේරියන් සැත්කමෙන් පසුව දැනට දරුවෙක් බලාපොරොත්තු නොවී සිටියත් තම පැලෝපීය නාල යම් හෙයකින් අවහිර වුවහොත් ඉදිරිකාලයේදී දරුපල පමා වේ යයි බියෙන් කාන්තාවන් පුද්ගලික වියදමින් පරීක්ෂණයන් කරගැනීමට වෛද්‍යවරුන් කරා යොමු වීම නිසයි.

එවිට ලොතරැයිය කාටද?

එසේම පරීක්ෂණය මඟින් නාල අවහිරතාවයක් ඔප්පුවුවහොත් එය සිසේරියන් සැත්කමේ අතුරු ඵලයක් වුවද වෛද්‍යවරයා හිතාමතා කරන අවහිරතාවයක් ලෙස අද දවසේ ඒ වෙනුවෙන් වන්දියක් ඉල්ලන්න පුළුවන් .එම වන්දි මුදල එම රෝගියාට ලොතරැයියක් වන්නේ සැබවින්ම වෛද්‍යවරයා හිතාමතා නොකර වෙනත් හේතුවකින් සිදුවුණු දේකටත් වෛද්‍යවරයා පිට පටවා වන්දි මුදලක් ලබාගත නිසාය.කාන්තාවකට මවක් වීමට නොහැකි වූ විට ඇතිවන සිත්තැවුල් දුක් කම්කටලු ,ඇති වුණ පවුලේ ප්‍රශ්න ගැන මම හොඳින් දනිමි. මෙවැනිම තත්වයට පත්වූ කතුන් එංගලන්තයේ දීද දකිමි.
එම තත්ත්වය ලංකාවට පමණක් සුවිශේෂි නොවේ.එංගලන්තයේදී ළමයි නැති පවුලකට රජයේ වියදමින් නල දරු උපත් ලබා ගැනීමට හැකි නමුත් ඔවුන්ගේ පෙර විවාහයකින් හෝ මෙම විවාහයෙන් දරුවෙක් සිටිනවා නම් රජයේ ඒ වෙනුවෙන් වියදම් නොකරයි.එම තත්වය පැහැදිළි කර විට ඔවුන් දෙස් තියෙනවා හඬා වැටෙනවා මා ඔවුන් සනසන්නේ වේදනාවෙන්.

නමුත් මෙම කතාව තේරුම් නොගෙන මටද මාගේ බිරිඳට මගේ දරුවන්ට ද මගේ දෙමව්පියන්ට ද සාප කර සියලුම දෙනාට මා අනුකම්පා කරන්නවා.මෛත්‍රී කරනවා.නමුත් මේ අය අතර මා සමඟ වැඩ කර සහ මගේ මිතුරු සමහර වෛද්‍යවරුන් පවා සිටිනු දැකීම ඉතාමත්ම කණගාටුදායක කාරණාවක්.

අපි දැන් සාෆියාගේ කථාවට යමු සාෆි සමග මගේ කිසිම සම්බන්දයක් නැත.ඔහු සමඟ වැඩ කල එකම වෛද්‍යවරයෙකුයි මා දන්නේ, මට ඔහුගෙන් සහතික ගන්න සම්බන්ධ කරගත හැකි වුණේ නෑ මම කීප වතාවක්ම දුරකථන මගින් උත්සාහ කලත්. හේතුව එතුමා රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් තිබීමයි.නමුත් මේ සම්බන්ධ බොහෝ අය සිටිනුයේ අඳුරේ අතපත ගාමින් සහ තමන්ගේ මතයට එරෙහි පුද්ගලයාට ගල් ගසමිනුයි.

මම අද කතා කරන්නේ විද්‍යානුකූලව සියළු වර්ගව සාෆිලා අල්ලගන්නේ කොහොමද කියලා.

මේ සඳහා ලංකාවේ සීසේරියන් සැත්කමකින් පසු දරුපල නොලැබූ කතුන්, කුරුණෑගල රෝහලේ දී සිසේරියන් සැත්කමින් පසු දරුපල නොලැබු කතුන් සහ එම කතුන්ගේ සාෆී විසින් සැත්කම් කලකතුන් සොයා ගත යුතුය.කණා බල්ලන් ගසන්නා හෝ අඳුරේ අතපත ගසන්නාසේ නොව විද්‍යාත්මකව මේ ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයට ,ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ,රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මා ආයාචනය කරනවා ඉදිරිපත් වෙන්න.

සංඛ්‍යාන වශයෙන් විශ්ලේෂණය කර තමයි අපිට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ, හේතුව තමයි සීසේරියන් සැත්කමකින් පසු දරුවන් නොලැබීම කුරුණෑගලට ,ලංකාවට සහ එංගලන්තයටත් ප්‍රශ්නයක්.

ආරම්භයක් විදියට මම යෝජනා කරනවා කොළඹ ද සොයිසා කාන්තා රෝහල කාසල් වීදියේ කාන්තා රෝහල කරාපිටිය මහමෝදර රෝහල කුරුණෑගල මහ රෝහල මාතර මහ රෝහල අනුරාධපුර මහ රෝහල පේරාදෙනිය සහ නුවර මහ රෝහල මඩකලපුව මහ රෝහල යාපනය මහ රෝහල යන රෝහලවල  පසුගිය අවුරුදු හත තුල සිසේරියන් සැත්කම් කරන ලද මව්වරුන්ගේ නාමලේඛන ලබාගෙන,එම නාම ලේඛනයට අදාළ කතුන්ගේ දරුපල ලැබීම නොලැබීම පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හරහා කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබා දෙන ප්‍රශ්න පත්‍ර මගින් තොරතුරු එකතු කර ගැනීම .

අද දවසේ මෙය ඉතා පහසුවෙන් online web app එකක් මඟින්  සිදු කළ හැකිය.මේ වෙනුවෙන් ඉදිරිපත්වන ලෙස පරිගණක තාක්ෂණයේ නිපුණ මෘදුකාංග සංවර්ධනය කරන විශේෂඥසනට ආරාධනා කරනවා පහසු මෘදුකාංගයක් හෝ app එකක් නිර්මාණය කොට මේ සත්කාරයට එක්වන්න කියලා .ඒ වගේම සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විශේෂඥයනට ද උදව් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

එමගින් සොයා ගන්නා ලද මදසරු කතුන් ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයන් වෙත යොමු කල හැකිය.එමඟින් මෙතෙක් කල් ලංකාවේ දරුපල ලබා ගත නොහැකි වූ තවමත් දරු ඵල ලබා ගත හැකි වයසේ සිටින අයට ලොතරයියක් ඇදෙනු ඇත. මගේ ලොතරැයි ඒ කතාව එපමණයි.

සාෆීට දඬුවම් දීමට අවශ්‍යවන්නේ එකම එක සිද්ධියක් විද්‍යානුකූලව ඔප්පුකරගැනීම පමණයි.එය  එසේ වන විට අප නොදන්නා සාෆිලාද නිරාවරණය වනු ඇත.එසේම මේ ක්‍රමය වෙනස්කොට අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රවල ඉන්නා සාෆිලාද කොටු කර ගතහැකිය.

ජාති ආගම්වාදයෙන් බැහැරව සත්‍ය සොයන්නට ඉදිරිපත්වන්න.ඒ සඳහා මහාචාරිය චන්න ජයසුමන මහතාට නාථ දෙවියනට අමතරව ජේ වී පී ගොබ්බ දොස්තරගේ උදව්ද ලබාගත හැකිය.

 

වෛද්‍ය පියල් පෙරේරා | Dr.Piyal Perera