iMAGE : Vikalpa

පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන කන් ජිවත් වෙනවා. වෙන මොනවා කරන්නද? අපි තව කොච්චර ජිවත් වෙයිද කියලා අපි දන්නේ නෑ. අපේ දරුවෝ ගැන උත්තරයක් විතරයි අපි ඉල්ලන්නේ, සැනසීමේ මැරිලා යන්න

 ඈ මට ඇගේ මිනිපිරිය ද හඳුන්වා දුන්නාය. පුංචි කෙල්ලක වූ ඈ හා මා එකිනෙකාට සුබ පතා ගත්තේ මගේ කැඩුණු දෙමලෙන් හා අගේ කැඩුණු සිංහලෙනි.අම්මා අපි දෙන්නා වෙනුවෙන් එහාට මෙහාට වචන තේරුම් බේරුම් කිරීමේ කාර්යය හොඳහැටි කර දුන්නේ  අප දෙදෙනාටම අලුත් වචන ද කියාදෙමිනි.

 ඈ හොඳ සිංහලෙන් මා හා කතා කළාය.

 අම්මා කොහොමද ඔච්චර හොඳට සිංහල පුළුවන් මම ඇගෙන් ඇසුවෙමි.

මම උපන්නේ කෑගල්ලේ,  83 කලබල වලින් පස්සේ ඉතින් මෙහෙට එන්න උනා, අපේ තාත්තගේ පැත්ත සිංහල නෑයෝ. මගේ පුතාලා දෙන්නම නෑ. එක්කෙනක් අන්තිම කාලේ ෂෙල් එකකට අහු වුණා නැතිවුණා.අපි ජිවිතේ බේරගන්න විඳපු දුක කියන්න ඕනේ නෑ පුතේ. (කඳුළු සඟවා ගනිමින්) අනිත් එක්කෙනා අරන් ගියා ගියාමයි තාම නෑ

 කුඩාරම පුරා තැනින් තැන එල්ලා ඇති පින්තුර අතරේ විශාල බැනරයක ගසා තිබු තරුණ තරුණියන්ගේ පින්තුර රැසක් අතරේ ඔහුගේ රූපය ඈ මට පෙන්විය.

“ පොඩි පුතා ඔය” සාරි පොට ගෙන ඇහැ අග්ගිස්සේ ඈ ඔබා ගත්තාය. හැමතැනින්ම මට ඇහුණේ වෙව්ලුම්ය. එතැන් සිට ඈ බොහෝ දේවල් මා හා බෙදාගත්තද අද මට ලිවිය හැකිව ඇත්තේ මෙපමණකි.

සම්පුර්ණ ඡායාරූප සටහන Adobe Spark ඔස්සේ කියවන්න. 

ලේ කිරට අඬන අම්මලා