iMAGE: The Economist 

පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරමින් අද දින ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන 16 ක් ඇතුළුව සිවිල් ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුතු එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.විශේෂයෙන් කොවිඩ් 19 තත්වය හමුවේ ගත වූ මාස 3 ක කාලය අතරතුර ජනාධිපතිවරයා විසින් විවිධ විෂය පථයන් ආවරණය වන පරිදි ජනාධිපති කාර්ය සාධක බලකා 3 ක් පත් කොට තිබේ. එහි ආසන්නම පත් කිරීම නම් පසුගිය ජුනි 2 වන දින පත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’  සහ ‘නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ යන්නය.විශේෂයෙන්ම තම එකාබද්ධ ප්‍රකාශය හරහා සිවිල් සංවිධාන කියා සිටින්නේ පත් කොට ඇති ජනාධිපති කාර්ය සාධක බලකයන්ගේ විෂය පථයන් ඉතා පුළුල් වනවා පමණක් නොව ඒවා අපැහැදිලිතාවයකින් ද යුක්ත බවයි. පවතින යාන්ත්‍රණයන් සමඟ මෙම කාර්ය සාධක බලකා සම්බන්ධ වන ක්‍රමවේදය පිළිබඳව ද පැහැදිලිතාවයක් දක්නට නොමැති බව නිවේදනයේ දැක්වේ.

විශේෂයෙන්ම රටේ ජන සංයුතිය, සිවිල් පරිපාලන ක්‍රියාවලිය, මුල්‍ය පාරදෘශ්‍ය භාවය හා ප්‍රජාතන්ත්‍රීය සමාජයක අත්‍යවශ්‍ය වශයෙන් පැවතිය යුතු ගුණාංග සම්බන්ධ අවධානය යොමු නොකර පවතින වසංගත තත්වය යටතේ එය හුදෙක් නිදහසට කරුණක් කොට ගෙන මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක් කරගැනීමට උත්සාහ ගැනීම සියලු පුරවැසියන්ගේ අවධාරණයට ලක් විය යුත්තක් බවය .

සම්පුර්ණ නිවේදනය පහතින්

ජනාධිපති කාර්ය සාධක බලකායන් පිළිබඳ සිවිල් සංවිධාන නිවේදනය

පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව පහත අත්සන් කරන සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරින් වන අප අවධාරණය කර සිටින්නෙමු,
කෝවිඞ් 19ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාර්ය සාධක බලකායන් තුනක් පත් කරනු ලැබීය. ජන ජීවිතයේ පැවැත්ම සඳහා අඛණ්ඩ සේවා සැපයීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සඳහා එක් කාර්ය සාධක බලකායකට පුළුල් බලතල හිමිව ඇත. ආර්ථීක පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යපාන කටයුතු සම්බන්ධව තවත් එක් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලදී. මෙම කාර්ය සාධක බලකායන් අතරින් ආසන්නතම පත්කිරීම වන්නේ 2020 ජුනි 02 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (අංක 2178/18 අතිවිශේෂ ගැසට් පත්‍රය) සහ ‘නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (අංක 2178/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය) යන කාර්ය සාධක බලකායන්ය.

මෙම කාර්ය සාධක බලකායන්වල විෂය පථයන් පුළුල් මෙන්ම අපැහැදිලිය. දැනට පවතින යාන්ත්‍රණයන් සමග මේවා සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. උදාහරණ ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දිය හැක. අනෙක් අතින් කාර්ය සාධක බලකායන් පිහිටුවන අවස්ථාව වන විට ඒවායේ කාර්යන් හා බලතල සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුව සක්‍රීයව නොපවතී. එසේම මේ මොහොතේ පවතින බරපතළ සෞඛ්‍ය, ආර්ථික සහ සමාජ අර්බුදය හමුවේ පුරාවිද්‍යාව සම්බන්ධ කාරනා මූලිකත්වයට පැමිණීමේ හේතුව පැහැදිලි නැත.

තවද කෝවිඞ් 19 හේතුවෙන් රට අගුළු දමා තිබු වතාවරණයක මෙම කාර්ය සාධක බලකායන් ස්ථාපිත කිරීම සම්බන්ධව පුරවැසියන්ට ඔවුන්ගේ යොජනා සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීය. සියලුම කාර්ය සාධක බලකායන් පාහේ හමුදා සාමාජිකත්වයෙන් සමන්විත වන අතර ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි සම්පූර්ණ සාමාජිකත්වය හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වේ. 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශය, සංවර්ධන ක්‍රියාදාමය, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණ ක්‍රියාදාමයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය කිරීම සඳහා වන රජයේ අඛණ්ඩ අභිප්‍රාය මෙමඟින් තවදුරටත් පෙන්නුම් කරයි. මේ තත්වය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවේ.

රටේ ජන විවිධත්වය නොසලකා හරිමින් වැඩිපුරම සිංහල සාමාජිකත්වයකින් මෙම කාර්ය සාධක බලකා සමන්විත වන අතර. නැගෙනහිර පලාත සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායේ බෞද්ධ භික්ෂූන් සඳහා සැලකිය යුතු ඉඩක් ලැබී තිබුනත් එම පළාතේ විශාලම ජනගහනය වන මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව නොසලකා හැර ඇත. එයින් හැඟී යන්නේ මෙම කාර්ය සාධක බලකා වෙනත් ජන කණ්ඩායම් නොසලකා හරිමින් බහුතරය අනුව කටයුතු කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතුයි. මෙම නව කාර්ය සාධක බලකායන් ජනාධිපතිවරයාට පමණක් වගකිව යුතු ව්‍යුහයන් වන අතර කාර්ය සාධක බලකායන්හි සාමාජිකත්වය දරන්නේ වෘත්තීය සිවිල් සේවයේ නිලධාරීන් නොව සිවිල් කටයුතුවලට අවශ්‍ය පළපුරුද්ද සහ අත්දැකීම් නොමැති ආරක්ෂක අංශයන්හි නිලධාරීන් විසින්ය. රාජ්‍ය සේවය, කැබිනට් මණ්ඩල හා අමාත්‍යාංශ බලතල අධීක්ෂණයකට යටත් කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් ඒ සඳහා කාර්ය සාධක බලකායන් වෙනුවට වඩාත් සුදුසු වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනටමත් පිහිටුවා ඇති සහ සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු යාන්ත්‍රණය භාවිතා කිරීමය. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු මේ අවස්ථාවේ දී රට මුහුණ දී ඇති තත්ත්වයන්ට සහ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්විය හැකි වඩා ස්වාධීන හා කාර්යක්ෂම අධීක්ෂණ යාන්ත්‍රණයයි. අනෙක් අතින් වියදම් කපා හැරීම පිළිබඳ රජය මූලික අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක මෙම කාර්ය සාධක බලකා සඳහා මුදල් වෙන් කෙරෙන්නේ කෙසේද යන්න අපහැදිලිය. අමාත්‍යංශවලට දැනට පැවරී ඇති කාර්යන්ම නැවත සිදුකිරීමක් වේද, එසේ නම් රජයේ අතිරේක වැය බර අඩු කළ යුතු මෙවැනි මොහොතක එය කෙතරම් සුදුසුද?

වසංගතයෙන් අනතුරුව රටේ ආර්ථික අර්බුදයට පාරදෘෂ්‍ය සහ විශ්වසනීය ප්‍රතිචාර දැක්විය හැකි තාර්කික ප්‍රවේශයක් අවශ්‍ය වන අතර ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා ගත හැකි ක්‍රමවේදයක් රට විසින් අනුගමනය කරන බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යව පවති.

වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවන අතර මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුම ද නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කරවන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම මෙයට කිසිසේත් විසඳුමක් නොවන බව අප අවධාරණය කරනු කැමැත්තෙමු.

අත්සන් කළේ :

Organizations 

  1. Australian Advocacy for Good Governance of Sri Lanka
  2. Centre for Human Rights and Development (CHRD)
  3. Centre for Policy Alternatives
  4. Committee for Protecting Rights of Prisoners
  5. Families of the Disappeared
  6. International Centre for Ethnic Studies
  7. Law and Society Trust
  8. People for Human Rights and Equality
  9. Progressive Women’s Collective
  10. Right to Life Human Rights Centre
  11. Rights Now- Collective for Democracy
  12. Transparency International Sri Lanka
  13. Viluthu
  14. Women and Media Collective
  15. Women Development Innovators
  16. Women’s Action Network

Individuals

  1. Amali Wedagedara
  2. Amalini De Sayrah
  3. Ambika Satkunanathan
  4. Anithra Varia
  5. Anthony Vinoth
  6. Anushya Coomaraswamy
  7. Bhavani Fonseka
  8. Bishop Kumara Illangasinghe
  9. Brito Fernando
  10. C.Ranitha Gnanarajah, Attorney at Law
  11. Chandra Jayaratne
  12. Chandraguptha Thenuwara
  13. Deanne Uyangoda
  14. Deekshya Illangasinghe
  15. Dinushika Dissanayake
  16. Dr. Anila Dias Bandaranaike
  17. Dr. Farzana Haniffa
  18. Dr. Mario Gomez
  19. Dr. Paikiasothy Saravanamuttu
  20. Dr. Sakuntala Kadirgamar
  21. Dr. Visakesa Chandrasekaram
  22. E.A. Dominic Premananth
  23. Francis Raajan
  24. Inthumathay Hariharathamotharan
  25. Iromi Perera
  26. Ishara Danasekara
  27. Jayanthi Kuru-Utumpala
  28. Joanne Senn
  29. K.S.Ratnavale
  30. Kandumani Lavakusarasa
  31. Kumudini Samuel
  32. Maithreyi Rajasingam
  33. Marisa de Silva
  34. Megara Tegal
  35. Nalini Ratnarajah
  36. Natasha Van Hoff
  37. Nilshan Fonseka
  38. Niranjala Arulnandhy
  39. Prabodha Rathnayaka
  40. Prof. Arjuna Parakrama
  41. Prof. Ashwini Vasanthakumar
  42. Prof. Maithree Wickramasinghe
  43. Rajan Hoole
  44. Ruki Fernando
  45. S.C.C Elankovan
  46. Sabra Zahid
  47. Sandun Thudugala
  48. Sanjayan Rajasingham
  49. Senaka Perera
  50. Sharmaine Gunaratne
  51. Shreen Saroor
  52. Subajini Kisho Anton, Attorney at Law
  53. Subha Wijesiriwardene
  54. Sudarshana Gunawardana
  55. Swasthika Arulingam
  56. Thyagi Ruwanpathirana
  57. Uda Deshapriya
  58. Uween Jayasinha, Attorney at Law
  59. Varaluxmy Jeganathan