iMAGE: Twitter /@SecPompeo

ඉන්දීය සාගරයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයට අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ බලය සඳහා වන භූ-මූලෝපායික අරගලය තුළ අපගේ වැදගත්කම අවධාරණය කරමින්  පසුගිය සති කිහිපය තුළ  චීන විදේශ ඇමති සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට පැමිණියහ. එක් පැත්තකින් අපගේ රාජ්‍ය වංශිකයකු විසින් ප්‍රධාන උදාහරණය ලෙස අනුකරණය කල යුතු යයි සලකන චීනය, ණය උගුලක් ලෙස හෝ එසේ නොමැතිව, වෙන කිසිදු රාජ්‍යක් සතු නොවන ඔවුන් සතු ධනය පෝර්ට් සිටි, හම්බන්තොට සහ සෙසු ව්‍යාපෘති වලට ආයෝජනය කිරීමෙන් දැනටමත්  ලංකාවේ ආර්ථිකය තුලට කා වැදී ඇත.අනෙක් පැත්තෙන් ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ සිවු පිරිසේ ප්‍රමුඛ සාමාජිකයා  ඇමරිකා  එක්සත් ජනපදය වේ. 2019 දී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් සහ පසුගිය කොවිඩ් 19 පැවති මාස හය ක්  ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක අපනයන සහිත එක්සත් ජනපදය මේ වන විට අපගේ විශාලතම තනි වෙළඳපොල  වන අතර එය පසුගිය අවුරුදු හැත්තෑ දෙකක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ පැවති ද්විපාර්ශ්වික සංවර්ධන ආධාර ප්‍රභවයකි. මේ වනවිට එය  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය  කරමින් සහ චීන විරෝධී සන්ධානයකට පුර්ණ දායකත්වය දක්වමින්, මිලේනියම් චැලේන්ජ් කම්පැක්ට්, එනම් එම්. සී.සී ගිවිසුම, රථවාහන කළමනාකරණය සහ ඉඩම් යන අංශ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 ක පූර්ණ ප්‍රදානයක් ලබාදෙන අතර දේශීය ජාතිකවාදීන් චෝදනා එල්ල කරන හමුදා ගිවිසුම්,එනම් SOFA ගිවිසුම සහ අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම, එනම් ACAS ගිවිසුම ශ්‍රී ලංකාවට පිරිනමමින් සිටියි. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනා අතර උණුසුම් තරඟයක් පවතින සන්දර්භය තුළ, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග බෙදාගන්නා පොදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ද පෙන්වා දෙයි.ඒ අනුව ගත් කල මෙම තරඟය මිලිටරි උපායමාර්ගික බලයේ දැඩි දර්ශක පිලිබඳ වන අතර බොහෝ විට දශක ගණනාවක් තිස්සේ සබඳතා ශක්තිමත් කරන සාරධර්ම හා විශ්වාසයන්ගේ දෘෂ්ටිවාදාත්මක එකඟතාවය පිළිබඳවද  විය හැකිය.

වාචිකව රාජ්‍ය තාන්ත්‍රික ගුණාංගයන් විසුරවා හැර ඇත. චීන විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට, ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයා, චීනය ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා වල ඇති ආත්මාර්ථකාමී බව පිලිබඳ සහ ඉන් ශ්‍රී ලංකාවට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පිලිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. ඇමරිකා එක්සත් ජනපදය පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතාවලට මැදිහත් වීම සමග රාජ්‍ය තාන්ත්‍රික කෙටුම්පත් බරපතල ලෙස උල්ලංඝණය  කිරීම පිලිබඳ චීන ජාතිකයින් චෝදනා කළහ. කොවිඩ් -19 වසංගතය චීනයේ වුහාන් සිට පැමිණි බව සඳහන් කරමින්, ඇමරිකා එක්සත්  ලේකම් මයික් පොම්පියෝ චීනය විලෝපිකයෙකු ලෙස හැඳින් වුවේය . මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක්ද?

පිළිතුර නම් අපට චීනය සහ එක්සත් ජනපදය යන දෙකම අවශ්‍යයි යන්නයි- එකක් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව සහ මුදල් සඳහා වන අතර අනෙක අවම වශයෙන් එහි වෙළඳපල සඳහා ය.
 
පසුගිය රාජපක්ෂ පාලන තන්ත්‍රයේ දැවැන්ත මුළා කිරීම්, අශිලාචාරත්වය සහ මානව හිමිකම් උල්ලංඝණයන් හා  ප්‍රතිසන්ධානය ආමන්ත්‍රණය වැනි කාරණා කිරීමට පෙන්වූ නොහැකියාව සහ අකමැත්ත නිසාවෙන් චීනය මත අපගේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික යැපීම සැලකිය යුතු ලෙස වැඩි විය. නැවත ගෙවීමට නොහැකි තරම් ණය කන්දරාවක් සමඟ  දුෂ්කර යථාර්ථයක්  හමුවේ මෙය නිවැරදි කිරීමට සිරිසේන සහ වික්‍රමසිංහ උත්සහ කළ අතර එමගින් චීනයට තවදුරටත් අප ආර්ථිකය තුලට කාවැදීමට අවස්ථාව හිමිවිය. චීනයට ගෙවිය යුතු ණය අවසානයේ චීනයේ වත්කම්  බවට පත් විය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත් කල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යා හැකි ඉහලම තලය වූ අතර වගවීම සම්බන්ධ ඕනෑම තැනක ආරක්‍ෂිත චීනයේ ඉදිරිපත් වීම දැකිය හැකි විය. 30/1 යෝජනාව අවසාන විවාදයට එළඹෙන ලබන වසරේ මාර්තු මාසය වන විට චීනය යළිත් වරක් ලංකාවේ ආරක්ෂකයා ලෙස පත්වනු ඇති අතර ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කරනු ඇත. එපමණක් නොව, වරාය නගරයේ සිට හම්බන්තොට වරාය දක්වා, සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියට යාමට අපට චීන ආයෝජන ඉතා වැදගත් වේ. ඊට අමතරව කෝවිඩ් -19 සහන අරමුදල ලෙස චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.2 න් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 700 ද අප සිහි තබා ගත  යුතුය. 

අනෙක් සිව් සාමාජිකයින් වන ජපානය සහ ඔස්ට්‍රේලියාව ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය අපගේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවා වන අතර ඇමරිකාව  මේ කලාපයේ ඉන්දියාව සහ මාලදිවයින සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි. නොවැම්බර් 3 ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය, ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර කටයුතු වල නායකත්වයට පැමිණීම සනිටුහන් කරන අතර ජන්ද දායකයකු නොවුවත් මානව හිමිකම් කවුන්සිලය වැනි බහුපාර්ශ්වීය වේදිකාවලට වැඩි වැඩියෙන් සම්බන්ද වීමද සංඥා කරයි. එක අතකින් චීන විරෝධී ගිවිසුමේ පුර්ණ සාමාජිකයෙකු වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පොළඹවනු ඇති අතර අනෙක් අතකින් ඔවුන් ශ්‍රී ලංකාව ඉටු කිරීමට බැඳී සිටින මානව හිමිකම් ඇතුලු ජාත්‍යන්තර බැඳීම් පිලිබඳ මතක් කරනු ඇත. අවම වශයෙන් කෙටි කාලයකට හෝ ශවේන්ද්‍ර සිල්වාට ගමන් තහනමක් පැනවෙනු ඇත. එකිනෙකාට එරෙහිව සෙල්ලම් කිරීමට අපට දක්ෂතාවයක් තිබුණද මේ අවස්තාවේදී එය එතරම් සාර්ථක නොවනු ඇත.

එම්.සී.සී. සහ වෙනත් ගිවිසුම් පිළිබඳ අපගේ අභිප්‍රායයන් ගැන අනුමාන වශයෙන් හෝ දැනගැනීමට ලේකම් පොම්පියෝට අවශ්‍ය වුවද, අප එකී ගිවිසුම් අත්සන් නොකරයිද? අත්සන් කරනවා නම් කරන්නේ කවදාද?චීන ජාතිකයින් සිත් තැවුලට පත් නොකර එක්සත් ජනපදය කෙරෙහි සුහදතාවය පෙන්වීමට අපට විකල්ප ක්‍රම තිබේද?එලෙසම, එම්.සී.සී. ගිවිසුම පිළිගැනීම සහ SOFA සහ ACAS ගිවිසුම් අත්සන් කිරීම අප ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පැහැදිලි හා නිසැක පණිවිඩයක් චීන ජාතිකයන් අපෙන් බලාපොරොත්තු වනවා යැයි උපකල්පනය කිරීම වඩා ආරක්ෂිත වේ.

නොබැදියාව සහ ජාත්‍යන්තර සබඳතා සංකල්පය කෙරෙහි අපගේ විශ්වාසවන්තභාවය පිළිබඳව බොහෝ දේ මේ වන විට කතා බහට ලක් වෙමින් පවතී. අපට මධ්‍යස්ථ ඉන්දීය ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්තියක් ඇති බව අපගේ විදේශ ලේකම් ප්‍රකාශ කර ඇත. අපගේ විදේශ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද ලේකම්වරයාට මෙම මධ්‍යස්ථභාවය පිලිබඳව අවධාරණය කර සිටියේය. මෙම මධ්‍යස්ථභාවය සහ නොබැඳීයාව අතර වෙනසක් තිබෙන්නේ නම් ඒ හා පැන  නගින ගැටලු වලට, LSE හි ජාත්‍යන්තර සබඳතා ශිෂ්‍යයෙකු ලෙස පිළිතුරු දීමට මට සිදුවේ. ඊට පිළිතුර වන්නේ, උදාසීන මධ්‍යස්ථභාවය සියල්ලන්ටම එක හා සමානව සලකන අතර නොබැඳියාව යනු මේ සීතල යුද්ධ සන්දර්භය තුළ සුපිරි  ලෝක බලවතුන් දෙදෙනාගේ මිලිටරි සන්ධානවලට එරෙහිව දක්වන ධනාත්මක සහ හිතකර ආකල්පයයි. එය තදින්ම යටත් විජිත විරෝධවාදී දිශානතියක් වන අතර එක් පැත්තකින් නේරු හා චෞ එන්-ලායි සහ අනෙක් පැත්තෙන් ශ්‍රීමත් ජෝන්  1995 දී පැවති Bandung සමුළුව අමතා කල කතා සහතික කරමින් සෝවියට් හා සමාජවාදී රටවල් දෙසට පෙන්වන නැඹුරුවකි. එහි දෘෂ්ටිවාදාත්මක මූලාරම්භය චීන-ඉන්දියානු සම්බන්ධතාවය සහ පංච ශීලයේ හෝ සහජීවනයේ මුලධර්ම පහ දක්වා දිවයයි.

මෙහි  ගැටලුව වන්නේ  එක්සත් ජනපදයේ දැඩි සහ  ප්‍රාථමිකව ආර්ථික උත්තේජනය හරහා චීන ජාතිකයින් ක්‍රියාත්මක  කරවන  මෘදු බල යුධ දෙකක සංයෝජනයට අපගේ සාධනීය යටත් වීමයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙතෙක් දුරට මධ්‍යස්ත දැයි පැවසුවහොත්, එය ලංකාව  චීනයට සහ ණය උගුල්  වලට දක්වන ඇල්මැරුණු ප්‍රතිචාරයට සාපේක්ෂව රට තුළ ඇති වී ඇති සැලකිය යුතු සහ අතිශෝක්තියට නැංවුණු බටහිර විරෝධී සහ ඇමරිකා විරෝධී මතය සහ රාජපක්ෂ සතු විශේෂ තුනෙන් දෙකක බහුතරය වැනි අන්තර්ජාතික සහ දේශීය සාධක ඒකාබද්ධ කරයි. මෙය දේශපාලනිකව ලිබරල් හා වඩා තාක්‍ෂණික සහ තර්කානුකූල දැනුමුත්තන්ට  වඩා රාජපක්ෂ පිලේ, 56 විප්ලවයේ උරුමක්කාරයන් සහ වමේ අවශේෂ කණ්ඩායම් වල දේශපාලන මනාපයන්ට අනුරූප වේ. එවැනි අරමුණු සහ අභිලාශ වල ගැටුම තරමටම ජාතික අවශ්‍යතාවන්ද 21 වන සියවසේ ජාත්‍යන්තර සබඳතා සඳහා තවමත් අදාළ වේ.

ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාව බවට පත්වීමට තරම් එම්. සී. සී, ACAS සහ SOFA ගිවිසුම් අතර සම්බන්ධතාවය රජය විසින් පැහැදිලිව ප්‍රකාශ කර තිබේද? මෙහිදී චීන ජාතිකයින්ගේ මෙන් අපගේත් ජාතික උනන්දුව උපත ලැබුවේ අවශ්‍යතාවයෙන් පමණක්ද?

පළමු රාජපක්ෂ යුගයේ දී අපි සංවර්ධන සහය සහ ආධාර වෙනුවෙන් රට ඉන්දියාව සහ චීනය අතර ඵලදායි ලෙස බෙදුවෙමු. පළමුවෙන්ම ඉන්දියානුවන්ට වවුනියාවේ උතුර දීම සහ චීනයට දකුණු වවුනියාව දීම අපි ප්‍රතික්ෂේප කළෙමු. මුහුද? ඇමරිකා එක්සත් ජනපදය? සහ සෙසු සිව් පිරිස?

2021 ජනවාරියේදී නව සහ බොහෝදුරට බයිඩන් ගේ පරිපාලනයක් වොෂින්ටන් හිදී බලයට පත් වනු ඇති අතර 2021 මාර්තු වන විට 30/1 යෝජනාව පිළිබඳ විවාදය ජිනීවාහි මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේදී ආරම්භ වනු ඇත. ඒ අතරම Covid-19 නිසා බිඳ වැටුණු ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත් කිරීම එදිනෙදා ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයේ ඉහළින්ම පවතිනු ඇත. එක්කෝ චීනය අපව සම්පූර්ණයෙන් නැවැත්විය යුතුය. නොඑසේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම නොවැලක්විය හැකි කරුණක් වනු ඇත.

ආර්ථික ආධාර සඳහා චීනයට නැඹුරු වෙමින් සහ  ඉන්දියන්  සාගරයේ සහයෝගිතාවය සහ තරඟකාරීත්වය සඳහා රීති පදනම් කරගත් පාලන තන්ත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරමින්, මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනපද ගිවිසුම් අත්සන් කිරීම රාජපක්ෂ රෙජිමයට මේ මොහොතේ ඇති හොඳම විසඳුමද? මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට සහ බලයට පත්කිරීමේ ගෞරවයට වැඩ වැඩි යමකට හිමිකම් කියන සංඝ රත්නය ද විරවංශ,ගම්මන්පිල සහ අවශේෂ වමේ කණ්ඩායම් සේම මේ පිලිබඳ හඬ නගනු ඇත.

එම සටන රෙජීමයේ  අවසන් සටන වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට සිටි වඩාත්ම ඇමරිකා එක්සත් ජනපද හිතවාදී ජනාධිපති ය. කෙසේ වෙතත්, ඔහු දේශපාලන පක්ෂයක් නොමැති ජනාධිපතිවරයෙකි; මන්ද, වසර හැටකට පෙර පැවති සියලු අන්ත-ජාතිකවාදී සහ කේන්ද්‍රීය පක්ෂග්‍රාහී අගතීන් සහ මනෝභාවයන් පිරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔහුගේ සහෝදරයාගේ පක්ෂයයි.ඔහු  සිය දේශපාලන ප්‍රාග්ධනය ලෙස ඇමරිකා විරෝධී මනෝභාවයන් පෝෂණය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ජනාධිපති ධුරයට පත් විය. ඔහු එම්. සී.සී ගිවිසුම පිලිබඳ අතිශය අපූරු හා පදනම් විරහිත ප්‍රකාශ කිරීමට ඉඩදෙමින් ඒවාට එරෙහිව වචනයක්වත් නොකියන අතර පොම්පියෝට චීන ණය උගුල ගැන සඳහන් කරමින් අපගේ ස්වාධීනත්වය ප්‍රකාශ කළේය. 

ඔහුගේ ඒකාධිපති, මිලිටරිවාදී සහ බහුතරවාදී ප්‍රකාශයන්, නිදහස සහ ස්වෛරීභාවය පිළිබඳ මහා දැවැන්ත ප්‍රකාශන වලින් ඔබ්බට ගොස්  ජාත්‍යන්තර සබඳතා ක්‍ෂේත්‍රයේ කිසියම් කම්පනයක් ඇති කිරීමට සමත් වී තිබේද? 

වියත්මග, නිසැකවම ප්‍රතිපත්තියක් අවශ්‍යයි!

Sara

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු | Dr. Paikiasothy Saravanamuttu

 

 

 

සංස්කාරක සටහන : ” Needed: A Foreign Policy Beyond the Shackles of Necessity “  නමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් මුල් වරට රචිත මෙම ලිපිය පාඨක ඔබට අප සහෝදර Groundviews වෙබ් අඩවිය ඔස්සේ කියවිය හැකිය.