iMAGE: Vikalpa| Sampath Samarakoon

ශ්‍රී ලංකාව සඳහා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කළ විශේෂඥ කමිටුවට යෝජනා ලබාදෙන මෙන් වූ ප්‍රසිද්ධ ආරාධනයට ප්‍රතිචාර ලෙස, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස පිළිබඳ නව පරිච්ඡේදයක් සඳහා වූ මෙම යෝජනාවලිය

ආචාර්ය අසංග වැලිකල [එඩින්බර්ග් විශ්වවිද්‍යාලය]

ආචාර්ය දිනේෂා සමරරත්න [මෙල්බර්න් විශ්වවිද්‍යාලය ,කොළඹ විශ්වවිද්‍යාලය ]

ආචාර්ය කළණ සේනාරත්න [පේරාදෙණිය විශ්වවිද්‍යාලය]

ආචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් [ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය]

ආචාර්ය ගෙහාන් ගුණතිලක [හාවර්ඩ් විශ්වවිද්‍යාලය]  විසින් පිළියෙළ කොට තිබේ.

ඒ අනුව මෙම යෝජනාවලිය පහත සඳහන් උපකල්පන මත පදනම්ව ඔවුන් විසින්  ඉදිරිපත් කෙරේ.

1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්එක්සත් රාජ්‍යයක් තුළ වෙනස් කළ නොහැකි, අර්ථවත්, සහ පුළුල් ලෙස බලය විමධ්‍යගත කරන බව තහවුරු කරන අතර, ඒ අනුව, අප ඉදිරිපත් කරන යෝජනාවල ‘රාජ්‍යය’ යනුවෙන් සඳහන්ව ඇති සියලු යෙදුම් මඟින් විමධ්‍යගත ඒකක සහ පළාත්පාලන ආයතන ද ඇතුළුව, රාජ්‍ය අධිකාරීන් සහ රජයේ සියලු මට්ටම්වල පිහිටි ඉන්ද්‍රියයන් නියෝජනය වන බව;

2. නීති සම්පාදනය සහ විධායක ක්‍රියා පිළිබඳ පුළුල් අධිකරණ සමාලෝචන සිදුකිරීම සඳහා අධිකරණයට (විමධ්‍යගත මට්ටමේ දී ද ඇතුළුව) බලය ප්‍රදානය කෙරෙන බව, සහ යෝජිත පරිච්ඡේදයේ අන්තර්ගත අනෙකුත් අධිකරණ බලතල සහ යුතුකම් අභියාචනයට යටත්ව ක්‍රියාත්මක කරන බව;

3.යෝජිත පරිච්ඡේදයේ අන්තර්ගත භාෂාව හා සම්බන්ධ හරයාත්මක මූලික අයිතිවාසිකමට අමතරව, වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘භාෂාව’ පිළිබඳ පරිච්ඡේදයෙන් දැක්වෙන හරයාත්මක මූලධර්ම ද ඇතුළත් වන පරිදි, ‘භාෂාව’ පිළිබඳ වෙන් වූ තනි පරිච්ඡේදයක් මෙහි අඩංගු වනු ඇති බව;

4. මානව නිදහස ‍යනු සම්මතය වන අතර, ඒවා සීමාකිරීම යනු ව්‍යතිරේකය බවට වන මූලධර්මය මත පිහිටා අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සඳහා වන සීමාකිරීම් (පහත දැක්වෙන පරිදි, 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව) කෙටුම්පත් කොට තිබේ. සාර්ව සීමාකර වගන්තියක් සඳහා වූ අපේ යෝජනාව පදනම් වන්නේ (සෑම මූලික අයිතිවාසිකමකට හෝ නිදහසකට එරෙහිව එකින් එකට වෙන් කළ හා විශේෂිත හේතුකාරණා පදනම්ව සීමා කිරීම් පැනවීම වෙනුවට) ඉහත කී මූලධර්මය මතයි. ව්‍යවස්ථාවෙහි සඳහන් වන අදාළ සීමා පනවා ඇත්තේ, මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ට එරෙහිව අවසර ලබා දී ඇති සීමා කිරීම්වල විෂයපථයට අනුකූලව බව තහවුරු කිරීම සඳහා ය, සහ එලෙස සීමා කිරීම පිණිස අවසර ලබා දී ඇති සුවිශේෂී හේතුකාරණා මූලික අයිතිවාසිකම්වල සහ අනේකවිධ නිදහසෙහි අන්තර්ගත මූලික හරය ශූන්‍ය කිරීම සඳහා භාවිතා නොකෙරෙන බව තහවුරු කිරීම සඳහා ය, යන තර්කනය මත පදනම්ව මෙවැනි ප්‍රවේශයක් ලබාගෙන ඇත. එයාකාර සීමාකිරීමක් සාධාරණීකරණය කිරීම සඳහා වන ඔප්පු කිරීමේ භාරය සෑම විටම රාජ්‍යයට පැවරෙන බව;

5. බහුත්වවාදී නීති පද්ධතියක් පවත්වාගැනීමේ හරයාත්මක අර්ථයෙන් මෙම පරිච්ඡේදයේ අන්තර්ගත ඕනෑම ප්‍රතිපාදනයක් අර්ථකථනය කළ යුත්තේ ය. ඒකාකාරව්‍යවස්ථාසංග්‍රහයක් යටතට ඒ සමග සමතැන් හි ලා සැලකෙන පුද්ගලික නීති ද ගෙනඒම සඳහා දරන ඕනෑම උත්සාහයක් අපගේ නීති පද්ධතියේ බහුත්වවාදී ලක්ෂණය මත ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරනු ඇති බව අපි අවධාරණය කරමු. අධිකරණය ද ඇතුළත්ව, රාජ්‍යය විසින් මේ පරිච්ඡේදය සමග පුද්ගලික නීති සමපාත කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් තනිපුද්ගල අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස යන ද්විත්වයම ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, මෙන්ම නෛතික බහුත්වවාදයේ වටිනාකම වැඩිදියුණු කිරීමේ අරමුණින්ම විය යුතු බව;

                                                                                                                             2020 නොවැම්බර් 27

 

වන පරිච්ඡේදය

මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස

 

පදනම

 

 

 

 

1.       ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය මූලිකවම සමන්විත වන්නේ මූලික

අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස  මඟින් වන අතර, ඒවා මානව

අභිමානය සහ ස්වාධිපත්‍යය මත පදනම්ව ඇත. මූලික අයිතිවාසිකම් සහ

නන් වැදෑරුම් නිදහස  භුක්ති විඳීමට හෝ ක්‍රියාවේ යෙදවීමට එරෙහි ඕනෑම

සීමා කිරීමක් සඳහා අවසර ලැබෙනුයේ මෙහි දක්වා ඇති ප්‍රතිපාදනවලට

අනුකූලව පමණි.

 

2.       සෑම තැනැත්තෙකුටම අනෙකුත් පුද්ගලයන් වෙනුවෙන්, සහ ඔවුන් අයත්

වන ප්‍රජාව වෙනුවෙන් ද ඉටු කළ යුතු යුතුකම් පවතින අතර, මෙම

පරිච්ඡේදය මඟින් හඳුනාගෙන පිළිගෙන ඇති අයිතිවාසිකම් සහ නන්

වැදෑරුම් නිදහස  ප්‍රවර්ධනය කිරීම සහ පිළිපැදීම සඳහා උපරිම පරිශ්‍රමය

යෙදවීමේ වගකීම ද ඔවුන් සතු වන්නේ ය.

 

රාජ්‍යයේ යුතුකම්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.       (1) සියලු මට්ටම්වල ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ශාඛා ඇතුළුව,

රාජ්‍යය සතු වන සියලු ඉන්ද්‍රියයන් විසින් මූලික අයිතිවාසිකම් සහ නන්

වැදෑරුම් නිදහසට ගරු කිරීම, ආරක්ෂා කිරිම, ප්‍රවර්ධනය කිරීම සහ

සපුරාලීම සිදු කරමින්, ඒවා උල්ලංඝනය වීමෙන් වැළැක්විය යුත්තේ ය.

 

(2) මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම, ආරක්ෂා

කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සපුරාලීම පිණිස රාජ්‍යය සතු යුතුකම්වලට සුදුසු

ප්‍රතිපත්ති සම්මත කිරීම, ප්‍රමාණවත් තරම් සම්පත් වෙන්කිරීම, සහ අයවැය

හා අදාළ සියලු බැඳීම් එලදායි ලෙස ක්‍රියාත්මක කිරීම ද ඇතුළත් විය

යුත්තේ ය.

 

(3) රාජ්‍යය සතු එවැනි යුතුකම් අදාළ සියලු ස්වභාවික සහ නෛතික තැනැත්තන් මඟින් ඉටු විය යුත්තේ ය. නෛතික තැනැත්තන් මඟින් එවැනි යුතුකම් ඉටු විය යුතු තරම, අදාළ අයිතිවාසිකම හෝ නිදහසේ ස්වභාවය සහ එම නෛතික තැනැත්තාගේ ස්වභාවය මත පදනම් විය යුත්තේ ය.

 

(4) පුද්ගලික කාරකයන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මූලික අයිතිවාසිකම් සහ

නන් වැදෑරුම් නිදහස උල්ලංඝනය වීම හෝ උල්ලංඝනය වීමට අත්‍යාසන්න

අවස්ථාවලින් ආරක්ෂාව සැපයීම සඳහා වූ එලදායී ප්‍රතිකර්ම රාජ්‍යය විසින්

සියලු තැනැත්තන් සඳහා සැපයිය යුත්තේ ය.

 

(5) මහජනයා පිළිබඳ වූ ස්වභාවයේ රජයේ කාර්යයන් ඉටු කරන හෝ බලය

ක්‍රියාත්මක කරන නිලධාරීන්, නියෝජිතයන්, කාර්යකාරකයන් ඇතුළු

රාජ්‍යය විසින්, එලෙස ඔවුන් ගන්නා තීරණ සඳහා කඩිනමින් හේතු සැපයීම

පිණිස යුතුකමින් බැඳී සිටිය යුත්තේ ය. එවැනි තීරණවලින් අගතියට පත්

සෑම තැනැත්තෙකුටම ඒ සඳහා හේතු වූ කාරණා පිළිබඳව ලිඛිතව දැනුම්වත්

වීම සඳහා හිමිකමක් ඇත්තේ ය.

 

අසංගතතාව 4.       (1) මෙම පරිච්ඡේදයේ කිසිදු හෝ ප්‍රතිපාදනයකට පටහැනි වන සියලුම

ලිඛිත සහ අලිඛිත නීති එම අසංගතතාවේ ප්‍රමාණයට බලරහිත විය

යුත්තේ ‍ය.

 

(2) මෙම පරිච්ඡේදය යටතේ සිය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දී,

පළාත්බද මහාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට, අදාළ වන පරිදි, එවැනි

කිසිදු හෝ නීති මෙම පරිච්ඡේදයට පටහැනි බවට ප්‍රකාශ කළ හැක්කේ ය.

 

(3) එවැනි නීති පරිච්ඡින්න කිරීම හෝ සංශෝධනය කිරීම රාජ්‍යය සතු

යුතුකමක් වන්නේ ය; තව ද, අධිකරණය විසින් එවැනි නීති වැඩිදියුණු

කිරීමේ දී සහ අර්ථ නිරූපණය කිරීමේ දී, එම නීති මෙම පරිච්ඡේදයේ

ප්‍රතිපාදන සමග අවශ්‍ය පමණට සංස්ථායී වන බව අධිකරණය විසින් තහවුරු

කළ යුත්තේ ‍ය.

 

ජීවත් වීමේ අයිතිවාසිකම 5.       සෑම තැනැත්තෙකුටම  ජීවත් වීම සඳහා නෛසර්ගික හිමිකමක් ඇත්තේ ය.

කිසිම තැනැත්තෙකුගේ ජීවිතය අත්තනෝමතිකව අහිමි නොකළ

යුත්තේ ය, හෝ කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට ලක්කළ

නොයුත්තේ ය.

 

සර්ව සාධාරණත්වයේ  අයිතිවාසිකම 6.       සෑම තැනැත්තෙකුම සම්බන්ධයෙන්, නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම

ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.

 

වෙනස්කොට සැලකීමට  භාජන නොවීමේ අයිතිවාසිකම

 

 

7.       (1) යමෙකුගේ ජාතිය, ආගම, ජනවර්ගය, වර්ණය, ලිංගිකත්වය, ස්ත්‍රී-පුරුෂ

සමාජභාවය, ලිංගික දිශානතිය, ආබාධ සහිත බව, භාෂාව, දේශපාලන හෝ

වෙනත් අදහස්, දේපළ, වාසය කරන ස්ථානය, හෝ එවැනි අනුරූප වෙනත්

කාරණා මත කිසිම තැනැත්තෙකු වෙනස්කොට සැලකීමට භාජන නොවිය

යුත්තේ ‍ය.

 

(2) රාජ්‍යය විසින් නොයෙක් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් නියෝජනය කරන

සියලු පුද්ගලයන් හට සර්ව සාධාරණ අයිතිවාසිකම් සහ අවස්ථා සැපයීම

කළ යුත්තේ ‍ය. නොයෙක් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් නියෝජනය කරන

සියලු පුද්ගලයන්ගේ සමානාත්මතාව තහවුරු කිරීම පිණිස අත්‍යවශ්‍ය සෑම

සාධාරණ හා යුක්ති සහගත පියවරක්ම රාජ්‍යය විසින් ඒ සඳහා උපයෝගී කර

ගත යුත්තේ ‍ය.

 

(3) නොයෙක් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් නියෝජනය කරන සියලු

පුද්ගලයන්ගේ සමානාත්මතාව ශීඝ්‍රයෙන් තහවුරු කිරීමේ අභිමතාර්ථයට

අනුකූලව උපයෝගී කර ගනු ලබන තාවකාලික විශේෂ පියවර

වෙනස්කොට සැලකීමක් ලෙස නොසැලකිය යුත්තේ ‍ය.

 

(4) මෙම පරිච්ඡේදයේ අන්තර්ගත ප්‍රතිපාදන සමග සංස්ථායී වන

ආකාරයෙන් සිය සංස්කෘතිය වර්ධනය කිරීමට, කිසිදු වෙනස්කොට

සැලකීමකට භාජනය වීමෙන් තොරව පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ සිය

භාෂාව පාවිච්චි කිරීමට, සිය පුද්ගලික නීති ආරක්ෂා කරගැනීමට, සහ සිය

ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය සඳහා නිදහසේ අඛණ්ඩව

කටයුතු කරගෙන යාමට සෑම තැනැත්තෙකුටම සහ ප්‍රජාවකටම

අයිතිවාසිකමක් ඇත්තේ ය.

 

(5) සෑම තැනැත්තෙකුටම තමන්ට අභිමත භාෂාවකින්, රාජ්‍ය සේවා

ලබාගැනීම සඳහා සහ රජය සමග නිල වශයෙන් ලිපි හුවමාරු කරගැනීම

සඳහා, මෙන්ම රාජ්‍ය නිලධාරියෙකු හෝ ආයතනයක් සමග කටයුතු කිරීමට

සෑම තැනැත්තෙකුටම අයිතිවාසිකමක් ඇත්තේ ‍ය. එවැනි අයිතිවාසිකමක්

තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර රාජ්‍යය විසින් පරිපූර්ණ කළ

යුත්තේ ය. සියලුම නිල රාජ්‍ය දැන්වීම් සහ ලේඛනගත කිරීම් සිංහල, දෙමළ

සහ ඉංග්‍රීසි භාෂාවෙන් පළ කළ යුත්තේ ය.

 

(6) මේ ව්‍යවස්ථාවේ 1 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇති ඕනෑම හේතුවක්

මත, රාජ්‍ය ආයතනවලට, වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට,

ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ ආගමට

අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම්

අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට

කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.

 

ළමයාගේ ප්‍රශස්ත සුබසිද්ධිය 8.       (1) වයස අවුරුදු දහඅටට අඩු ඕනෑම තැනැත්තෙකු ළමයෙකු ලෙස සැලකිය

යුත්තේ ‍ය;

 

(2) ළමයින් හා සම්බන්ධ සියලුම කාරණා සම්බන්ධයෙන්, අදාළ පියවර ගනු

ලබන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක්, අධිකරණයක්, පරිපාලන

අධිකාරියක්, හෝ ව්‍යවස්ථාදායක හෝ වේවා, ළමයාගේ ඉහළම

අර්ථසාධනය මූලිකව සැලකිල්ලට ගත යුත්තේ ය.

 

(3) රැඳවුම් භාරයට පත්කිරීම ද ඇතුළුව, ඕනෑම ළමයෙකු ආයතනගත කිරීම

ළමයාගේ ඉහළම අර්ථසාධනය සඳහා ගත හැකි අවසානතම පියවර විය යුතු

අතර, එය හැකි පමණ කෙටි කාලයකට සීමා විය යුත්තේ ‍ය.

 

(4) බාලවයස්කරුවෙකු වශයෙන් ළමයෙකුට ඇති තත්ත්වය අනුව

ආරක්ෂාව ලබා දීම පිණිස ගත යුතු අත්‍යවශ්‍ය පියවර, 7 වන ව්‍යවස්ථාවේ 1

වන ඡේදයේ සඳහන් කිසිදු හේතුවක් මත වෙනස්කොට සැලකීමක් සඳහා

භාජන නොකර, එම ළමයාගේ පවුල, සමාජය සහ රාජ්‍යය විසින් ගත

යුත්තේ ‍ය.

 

(5) විශ්වීය ළමා ප්‍රතිලාභ සැලැස්මක් මඟින් ද ඇතුළුව, යෝග්‍ය ක්‍රම හරහා

අවම ප්‍රමිතියෙන් යුත් ජීවිතයක් ගතකිරීම සම්බන්ධයෙන් රාජ්‍යය විසින් සෑම

ළමයෙකුටම සහතික කළ යුත්තේ ‍ය.

 

ආබාධ සහිත  පුද්ගලයන්

 

9.       මෙම පරිච්ඡේදය යටතේ ආබාධ සහිත පුද්ගලයන් හට ඔවුන්ගේ

අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස අර්ථාන්විත ලෙස ක්‍රියාත්මක කළ

හැකි බව තහවුරු කිරීම සඳහා රාජ්‍යය විසින් අවශ්‍ය පියවර උපයෝගී කර

ගත යුත්තේ ‍ය.

 

පටිපාටිමය අයිතිවාසිකම් 10.    (1) සිරභාරයට හෝ රඳවා තබාගැනීමට පත්වන සෑම තැනැත්තෙකුටම,

සිරභාරයට ගන්නේ හෝ රඳවා තබාගන්නේ යම් හේතුවක් මත ද, එලෙස

සිරභාරයට හෝ රඳවා තබාගැනීමට පත්වන අවස්ථාවේ දී දැනුම් දිය යුතු වන

අතර, එම තැනැත්තන්ට එරෙහිව නඟා ඇති චෝදනා සම්බන්ධයෙන්

අප්‍රමාදව දැනුම් දිය යුත්තේ ය.

 

(2) අපරාධ චෝදනාවක් මත සිරභාරයට හෝ රඳවා තබාගැනීමට පත්වන

සෑම තැනැත්තෙකුම අප්‍රමාදව නිසි අධිකරණ විනිශ්චයකාරවරයෙකු

ඉදිරියට පමුණුවනු ලැබිය යුතු අතර, සාධාරණ සහ යුක්තිසහගත

කාලසීමාවක් තුළ නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කරනු ලැබීමට හෝ නිදහස්

කරනු ලැබීමට හිමිකම් ඇත්තේ ය. නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කරනු

ලැබීමට අපේක්ෂාවෙන් සිටින තැනැත්තන් රැඳවුම් භාරයේ තබා නොගැනීම

සාමාන්‍ය නීතිමය තත්ත්වය විය යුත්තේ ය.

 

(3) සිරභාරයට පත්වන සෑම තැනැත්තෙකුටම ඇප ප්‍රදානය කිරීම සාමාන්‍ය

නීතිමය තත්ත්වය විය යුතු අතර, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය

යුත්තේ ය.

 

(4) සිරභාරයට ගැනීම හෝ රඳවා තබාගැනීම නිසා පෞද්ගලික නිදහස අහිමි

කරනු ලැබූ සෑම තැනැත්තෙකුටම, එම අධිකරණය විසින් එම තැනැත්තා

රඳවා තබාගැනීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව අප්‍රමාදව තීරණය කිරීම

පිණිස, සහ එලෙස රඳවා තබාගැනීම අනීතික නම් එම තැනැත්තා නිදහස්

කිරීම සඳහා නියෝග කිරීම පිණිස, අධිකරණය ඉදිරියේ වූ නීති කෘත්‍යයන්

සඳහා හිමිකම් ඇත්තේ ය.

 

(5) පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තෙකුටම,

ප්‍රමාදයකින් තොරව, ඔවුන්ගේ ඥාතීන්, නීතිඥයන්, හෝ ඔවුන් කැමති

වෙනත් ඕනෑම තැනැත්තෙකු සමග සන්නිවේදනය කිරීම සඳහා සහ ඔවුන්

විසින් බැහැදැකීම සඳහා හිමිකම් ඇත්තේ ය.

 

(6) වරදක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට භාජන වූ සෑම

තැනැත්තෙකුටම පහත සඳහන් අවම සහතිකයන් සඳහා හිමිකම් ඇත්තේ ය:

 

(අ) නීතියට අනුව වරදකරු යයි ඔප්පු කරන තෙක් නිර්දෝෂී යයි

පූර්වානුමාන කිරීම සඳහා වූ අයිතිවාසිකම;

 

(ආ) තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනාවේ ස්වභාවය සහ ඒ සඳහා

පාදක වූ හේතූන්, තමන්ට අවබෝධ කර ගත හැකි භාෂාවකින් අප්‍රමාදව සහ

විස්තරාත්මකව දැනුම්වත් වීම සඳහා වූ අයිතිවාසිකම;

 

(ඇ) තම විත්තිවාචකය සූදානම් කිරීම පිණිස ප්‍රමාණවත් කාලයක් සහ

පහසුකම් ලබාගැනීම සඳහා, සහ ස්වකීය තෝරාගැනීමට අදාළ නීති

උපදේශකයෙකු සමග සන්නිවේදනය කිරීම සඳහා වූ

අයිතිවාසිකම;

 

(ඈ) තමන්ගේ පෙනීසිටීම සහිතව ප්‍රමාදයකින් තොරව නඩු විභාගයට භාජන

වීම සඳහා, සහ පුද්ගලිකව හෝ ස්වකීය තෝරාගැනීමට අනුකූල නීතිඥ සහය

හරහා විත්තිවාචනය කිරීම සඳහා, හා එලෙස නීතිඥ සහයක් නොමැති විට

එවැනි අයිතිවාසිකමක් ඇති බවට දැනුම්වත් වීම සඳහා වූ අයිතිවාසිකම;

 

(ඉ) යුක්තිය පිළිබඳ බැඳියාවේ අවශ්‍යතාවට අනුකූලව තමන් වෙනුවෙන්

පත්කළ නීතිඥ සහය ලබාගැනීම සඳහා, සහ එවැනි නඩුවක් සම්බන්ධයෙන්

වූ නීතිඥ සහය සඳහා ගාස්තු ගෙවිය නොහැකි විට ගාස්තු රහිතව නීතිඥ

සහය ලබාගැනීම සඳහා වූ අයිතිවාසිකම;

 

(ඊ) තමන්ට එරෙහි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට, සහ තමන්ට එරෙහි

සාක්ෂිකරුවන්ට අදාළ වන සමාන කොන්දේසි මත තමන් වෙනුවෙන් වූ

සාක්ෂිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පැමිණීම සහ ප්‍රශ්න කිරීම සඳහා වූ

අයිතිවාසිකම;

 

(උ) අධිකරණයේ භාවිතා වන භාෂාව අවබෝධ කරගැනීමට හෝ කතා

කිරීමට නොහැකියාවක් ඇත්තේ නම්, භාෂා පරිවර්තකයෙකුගේ සහය

නොමිලයේ ලබාගැනීම සඳහා වූ අයිතිවාසිකම; සහ

 

(ඌ) තමන්ට එරෙහිව සාක්ෂි දීම සඳහා හෝ වරදක් පිළිගැනීම පිණිස

පාපොච්ඡාරණය කිරීම සඳහා බලකිරීමට භාජන වීමෙන් වැළකීම සඳහා වූ

අයිතිවාසිකම.

 

(7) යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේ දී ඒ

ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවී නම්, ඒ ක්‍රියාව හෝ නොකර

හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තෙකු වරදකට වරදකරුවෙකු නොවිය

යුත්තේ ය. තව ද, යම් වරදක් සිදු කරනු ලැබූ අවස්ථාවේ දී ඒ වරද

සම්බන්ධයෙන් බලපැවැත්වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද

සම්බන්ධයෙන් නියම නොකළ යුත්තේ ය. යම් ක්‍රියාවක් කළ හෝ යම්

නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේ දී එය, ශ්‍රී ලංකාවට බලපාන ව්‍යවහාර

ජාත්‍යන්තර නීතිය ද ඇතුළුව, ජාතීන්ගේ සම්මතයෙන් පිළිගත් පොදු

නෛතික මූලධර්ම අනුව සාපරාධි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් වූ විට, ඒ

ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කවර වූ හෝ තැනැත්තෙකු නඩු

විභාගයට භාජන කොට දඬුවම් කිරීමට මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කිසිවකින්

හානියක් නොවන්නේ ය.

පරම නන් වැදෑරුම් නිදහස  

 

11.    (1) සෑම තැනැත්තෙකුම, සහජ සහ අනුල්ලංඝනීය අභිමානයක් සහිතව

නිදහස් මිනිසෙකු ලෙස උපත ලබයි. යම් තැනැත්තෙකුගේ නන් වැදෑරුම්

නිදහසට පහත සඳහන් කරුණු ඇතුළත් විය යුත්තේ ‍ය.

 

(අ) කිසිම තැනැත්තෙකු මානසික හෝ ශාරීරික වධහිංසාවලට, හෝ කෲර,

අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට, නැතහොත් දඬුවමකට

යටත් කරනු ලැබීමෙන් නිදහස;

 

(ආ) නීතිවිරෝධීව හෝ බලහත්කාරයෙන් අත්තඩංගුවට ගැනීමෙන් හෝ

රඳවා තබාගැනීමෙන්, හෝ අන්‍යාකාරයකින් නීතිවිරෝධීව හෝ

බලහත්කාරයෙන් පුද්ගලික නිදහස අහිමි කරනු ලැබීමෙන් නිදහස;

 

(ඇ) බලකිරීමකින් තොරව අභිමත ආගමක්, විශ්වාසයක්, හෝ යම්

තැනැත්තෙකු විසින් තෝරා ගත් අදහසක් පිළිගැනීම හෝ වැළඳගැනීම

සඳහා වන නිදහස ද ඇතුළුව, සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහස; සහ

 

(ඈ) කිසිම තැනැත්තෙකු බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් ශ්‍රමය

වැය කිරීම සඳහා යෙදවීමෙන් නිදහස.

 

(2) මෙම ව්‍යවස්ථාව මඟින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති නන් වැදෑරුම්

නිදහස කිසිදු සීමා කිරීමකට හෝ මැදිහත්වීමකට යටත් නොවිය

යුත්තේ ‍ය.

 

නන් වැදෑරුම් නිදහස 12.  (1) සෑම තැනැත්තෙකුටම –

 

(අ) ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක්වීමෙන් නිදහසට;

 

(ආ) ස්වකීය ශාරීරික අඛණ්ඩතාවට මැදිහත්වීමෙන් නිදහසට;

 

(ඇ) ආගම හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ

ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;

 

(ඈ) ප්‍රකාශනය ඇතුළු භාෂණයේ නිදහසට, සහ මළවුන් සිහිකිරීමේ

නිදහසට;

 

(ඉ) රාජ්‍යය සතුව පවත්නා වූ තොරතුරු, සහ වෙනත් යම් තැනැත්තෙකු

සතුව පවත්නා වූ තොරතුරු ද ඇතුළුව, මෙම පරිච්ඡේදය මඟින් ප්‍රකාශ

කොට පිළිගෙන ඇති අයිතිවාසිකම් හෝ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මක

කිරීම හෝ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ

නිදහස;

 

(ඊ) ස්වකීය පෞගලිකත්වය, පවුල, නිවස ඒ හා සමාන වෙනත් දේ සඳහා

මැදිහත්වීමෙන් නිදහසට;

 

(උ) යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ

ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට;

 

(ඌ) අධ්‍යාපන ආයතන ප්‍රාරම්භ කිරීම සහ පවත්වාගෙන යාම ද ඇතුළත්

වන, අධ්‍යාපනයේ නිදහසට;

 

(එ) සාමකාමීව රැස්වීමේ නිදහසට;

 

(ඒ) වෘත්තීය සමිතියකට බැඳීම, සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා

සහභාගී වීම ඇතුළු සමාගමයේ නිදහසට;

 

(ඔ) ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හෝ ප්‍රවර්ධනය කිරීමේ සහ ස්වකීය

භාෂාව භාවිතා කිරීමේ නිදහසට;

 

(ඕ) ශ්‍රී ලංකාව තුළ යාම්-ඊම් නිදහසට, සහ අභිමත ස්ථානයක් වාසය කිරීම

සඳහා තෝරාගැනීමේ නිදහසට; සහ

 

(ක) තම පුරවැසිභාවය අයත් දේශයට නැවත පැමිණීමේ නිදහසට

හිමිකම ඇත්තේ ‍ය.

 

දත්ත ආරක්ෂණය

 

 

13.    (1) සෑම තැනැත්තෙකුටම තමන් සම්බන්ධයෙන් වන පුද්ගලික දත්ත

ආරක්ෂා කිරීම සඳහා වූ හිමිකමක් ඇත්තේ ය. විශේෂිත අරමුණු සඳහා අදාළ

තැනැත්තාගේ කැමැත්ත මත පදනම්ව, එවැනි දත්ත සාධාරණ ලෙස

පිරිසැකසුමට භාජන කළ යුත්තේ ය.

 

(2) සෑම තැනැත්තෙකුටම තමන් සම්බන්ධයෙන් වන දත්තවලට ප්‍රවේශ

වීම සඳහා හිමිකමක් ඇත්තේ ය.

 

(3) තමන් සම්බන්ධව අදාළ නොවන, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන

පෞද්ගලික දත්ත, කිසිදු අනිසි ප්‍රමාදයකින් තොරව නිවැරදි කිරීම,

මකාදැමීම හෝ අවහිර කිරීම සඳහා සෑම තැනැත්තෙකුටම හිමිකමක්

ඇත්තේ ය. පිරිසැකසුම සඳහා වූ අරමුණු සලකා බලමින්, පරිපූරක

ප්‍රකාශයක් සැපයීම ද ඇතුළුව, අසම්පූර්ණ පෞද්ගලික දත්ත සම්පූර්ණ

කරගැනීමට සෑම තැනැත්තෙකුටම හිමිකමක් ඇත්තේ ය.

සීමාකිරීම් 14.    (1) 12 සහ 13 වන ව්‍යවස්ථාවන් මඟින් පිළිගෙන ඇති ඕනෑම මූලික

අයිතිවාසිකමක් හෝ නිදහසක් මත පැනවෙන ඕනෑම සීමාකිරීමක් පදනම්

විය යුත්තේ:

 

(අ) නීතියට දැඩි සේ අනුකූල වන පරිදි ය;

 

(ආ) අත්‍යවශ්‍ය, සාධාරණ, වෙනස්කොට සැලකීමට භාජන නොකරන, සහ

යුක්ති සහගත ලෙස විවෘත සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ය;

 

(ඇ) රාජ්‍ය ආරක්ෂාව, සුරක්ෂිතභාවය හෝ මහජන සෞඛ්‍යය, සම්බන්ධ

බැඳීමක් පමණක්ම වන, හෝ නිසි පිළිගැනීමට භාජන වූ අන්‍යයන්ගේ

අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව ය;

සහ

 

(ඈ) උප ඡේදය (ඇ) යටතේ සඳහන් කර ඇති බැඳීමක් හෝ අරමුණක්

ක්‍රියාත්මක කළ හැකි අවම සීමාකාරී ක්‍රම යොදාගැනේ නම් ය.

 

දේපළ හිමිකම සඳහා වූ අයිතිවාසිකම

 

15.    (1) සෑම ස්වභාවික තැනැත්තෙකුටම දේපළ හිමිකාරීත්වය සඳහා සහ උරුම

කරගැනීමට හිමිකමක් ඇත්තේ ‍ය.

 

(2) පුද්ගලික දේපළවල භුක්තිය පැහැර ගැනීම සඳහා අවසරය ලැබෙනුයේ

පොදු මහජන හෝ රාජ්‍ය අභිප්‍රායන් සහ අතිශයින්ම වැදගත් සමාජීය

අවශ්‍යතා පිණිස පමණක් වන අතර, පුද්ගලික දේපළවල භුක්තිය පැහැර

ගැනීම නිසා බලපෑමට ලක් වූ සියලුම තැනැත්තන් හට කඩිනමින් සම්පූර්ණ

සහ සාධාරණ වන්දියක් ගෙවීමෙන් පසු පමණක් එසේ කළ යුත්තේ ය.

 

අධ්‍යාපනය සඳහා වූ අයිතිවාසිකම

 

16.    (1) සෑම තැනැත්තෙකුටම ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ

හිමිකම ඇත්තේ ය. එලෙස අධ්‍යාපනය ලබාදීම රාජ්‍යය විසින් නොමිලයේ

සිදු කළ යුත්තේ ය.

 

(2) සෑම තැනැත්තෙකුටම තෘතීයික අධ්‍යාපනය ලැබීම සඳහා හිමිකම

ඇත්තේ ය. තෘතීයික අධ්‍යාපනය සඳහා ප්‍රගතිශීලීව ප්‍රවේශ විය හැකි වනු

පිණිස රාජ්‍යය විසින් සාධාරණ පියවර ගත යුත්තේය.

 

(3) අධ්‍යාපන කටයුතුවලට උචිත තාක්ෂණික පහසුකම් ඇති කිරීම සඳහා

ප්‍රගතිශීලීව ප්‍රවේශ විය හැකි වනු පිණිස රාජ්‍යය විසින් සාධාරණ පියවර ගත

යුත්තේය.

 

(4) රාජ්‍යය විසින් ශාස්ත්‍රීය නිදහස සහ උසස් අධ්‍යාපන ආයතනයන් හි

ස්වාධීනත්වය සඳහා නිසි ගරුත්වය ලබාදෙමින්, ආරක්ෂා කළ යුත්තේ ය.

 

සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, සහ සමාජීය ආරක්ෂණය සඳහා වූ අයිතිවාසිකම 17.    (1) ප්‍රජනක සෞඛ්‍ය රැකවරණය, මානසික සෞඛ්‍ය රැකවරණය, ප්‍රමාණවත්

ආහාර සහ ජලය, සහ සනීපාරක්ෂාව ද ඇතුළුව, සෞඛ්‍ය රැකවරණ

සේවාවලට ප්‍රවේශ වීම සඳහා සෑම තැනැත්තෙකුටම හිමිකමක් ඇත්තේ ය.

 

(2) තමන් සහ තමන්ගෙන් යැපෙන්නන් සඳහා අනුග්‍රහය ලබාදීමට

නොහැකි නම්, යෝග්‍ය සමාජීය අනුබලයක් ලබාගැනීම ද ඇතුළුව, සෑම

තැනැත්තෙකුටම සමාජීය ආරක්ෂණය සඳහා හිමිකමක් ඇත්තේ ය.

 

(3) මේ ව්‍යවස්ථාවේ 1 සහ 2 වැනි ඡේදවල සඳහන් අයිතිවාසිකම් ප්‍රගතිශීලීව

සාක්ෂාත් කරගැනීම සඳහා, සහ පවත්නා සම්පත් තුළ ලබාගත හැකි උපරිම

ප්‍රමිතිගත සෞඛ්‍යාරක්ෂණය ලැබෙන බව සහතික කිරීම පිණිස, රාජ්‍යය

විසින් ගත හැකි සියලු ව්‍යවස්ථාදායක හා අනෙකුත් සාධාරණ පියවර ගත

යුත්තේ ය.

 

(4) හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාජන කිරීමෙන් කිසිම තැනැත්තෙකු

ප්‍රතික්ෂේප නොවිය යුත්තේ ය.

 

(5) මේ ව්‍යවස්ථාවේ අන්තර්ගත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින්,

සියලුම සෞඛ්‍ය රැකවරණ ආයතන සහ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්හි

ගුණාත්මක භාවය, හා ඖෂධීය නිපැයුම් නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම,

රාජ්‍යය විසින් සාධාරණ ලෙස නියාමනයට ලක්කළ යුත්තේ ය.

 

නිවාස පහසුකම් සඳහා වූ අයිතිවාසිකම් 18.    (1) සෑම තැනැත්තෙකුටම ප්‍රමාණවත් සහ ගරුකටයුතු නිවාස පහසුකම්

ලබාගැනීමට හිමිකමක් ඇත්තේ ය.

 

(2) මේ ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදයේ සඳහන් අයිතිවාසිකම් පවත්නා සම්පත්

සමග ප්‍රගතිශීලීව සාක්ෂාත් කරගැනීම සඳහා ගත හැකි සියලු ව්‍යවස්ථාදායක

හා අනෙකුත් සාධාරණ පියවර රාජ්‍යය විසින් ගත යුත්තේ ය.

 

(3) සියලු අදාළ කරුණු සහ අවස්ථා සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන්

නියෝගයක් ලබා දී ඇත්නම්, සහ ඒ වෙනුවට විකල්ප නිවාස පහසුකම් ලබා

දී ඇත්නම් මිස, කිසිම තැනැත්තෙකු තම නිවසෙන් බලහත්කාරයෙන් පිටමං

කිරීමට, හෝ තම නිවස කඩාදැමීමට භාජන නොවිය යුත්තේ ය.

 
පරිසරය 19.    (1) සෑම තැනැත්තෙකුටම සෞඛ්‍යාරක්ෂිත පරිසරයක ජීවත් වීමට,

ස්වභාවික පරිසරය මුළුමනින්ම භුක්ති විඳීමට, සහ රාජ්‍යය විසින් රඳවාගෙන

සිටින ඕනෑම පාරිසරික තොරතුරක් කාලෝචිතව ලබාගැනීම සඳහා

හිමිකමක් ඇත්තේ ය.

 

(2) පරිසර ආරක්ෂණය සහ ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, සහ

වර්තමාන සහ අනාගත පරම්පරාවල අර්ථසාධනය සැලකිල්ලට ගනිමින්

දේශගුණික විපර්යාස සඳහා විසඳුම් සෙවීම, සහ පාරිසරික තීරණ ගැනීම

සඳහා සහභාගී වීමට සෑම තැනැත්තෙකුම සතු අයිතිවාසිකම තහවුරු කිරීම

සඳහා රාජ්‍යය විසින් සියලු සාධාරණ සහ යුක්තිසහගත පියවර උපයෝගී කර

ගත යුත්තේ ය.

 

ස්ථාවරය

 

 

 

 

 

 

 

 

 

 

 

 

20.    (1) වෙනත් රාජ්‍යයන්වල පුරවැසි භාවය හොබවන තැනැත්තන් සහ කිසිදු

රටක පුරවැසිභාවය නොමැති තැනැත්තන් ද ඇතුළුව, ශ්‍රී ලංකාව තුළ

තාවකාලිකව හෝ ස්ථිරව වාසය කරන සෑම තැනැත්තෙකුටම මේ

පරිච්ඡේදයේ සඳහන් කර ඇති අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස හිමි

විය යුත්තේ ය.

 

(2) මේ පරිච්ඡේදයේ විධිවිධාන යටතේ තමාට සම්බන්ධ යම් මූලික

අයිතිවාසිකමක් හෝ නිදහසක්, රාජ්‍යයේ ක්‍රියාවක් නිසා හෝ මෙම

පරිච්ඡේදයේ සඳහන් කර ඇති රාජ්‍යය විසින් ඉටු කළ යුතු යම් යුතුකමක්

පැහැරහැරීම නිසා කඩ කිරීමට භාජන වූ හෝ කඩ වීමට අත්‍යාසන්න

අවස්ථාවකදී, ඒ සම්බන්ධයෙන් පළාත්බද මහාධිකරණයට පෙත්සමක්

ගොනු කිරීමට සෑම තැනැත්තෙකුටම හිමිකම ඇත්තේ ය. මේ ව්‍යවස්ථාවේ

අන්තර්ගත කිසිවක් මඟින් යම් තැනැත්තෙකු මහජන අර්ථසාධනය මත

පදනම්ව පළාත්බද මහාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමෙන් වැළැක්විය

නොහැක්කේ ය.

 

ප‍්‍රතිකර්ම හා සහන

 

21.       මේ පරිච්ඡේදයේ විධිවිධාන යටතේ තමාට සම්බන්ධ යම් මූලික

අයිතිවාසිකමක් හෝ නිදහසක්, රාජ්‍යයේ ක්‍රියාවක් නිසා හෝ මෙම

පරිච්ඡේදයේ සඳහන් කර ඇති රාජ්‍යය විසින් ඉටු කළ යුතු යම් යුතුකමක්

පැහැරහැරීම නිසා කඩ කිරීම හෝ කඩ වීමට අත්‍යාසන්න අවස්ථාවක්

උද්ගතව ඇති බව කිසියම් තැනැත්තෙකු දෝෂාරෝපණයක් කරන

අවස්ථාවක දී, ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින්ම, හෝ ඔවුන්ගේ

නියෝජිතයෙකු මාර්ගයෙන්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට

අනුකූලව, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස

අයැදිමින් අදාළ අධිකරණය අමතා කරන ලිඛිත පෙත්සමක් අනුසාරයෙන්

පළාත්බද මහාධිකරණයට ඉල්ලීමක් කළ හැක්කේ ය. පළාත්බද

මහාධිකරණය විසින්, හේබියස් කෝපුස්, මණ්ඩාමුස්, තහනම්, ක්වෝ

            වොරන්ටෝ සහ සර්ටියොරාරි ස්වභාවයේ රීට් ආඥාවන් ද ඇතුළුව, නියෝග

හෝ රීට් ආඥා ද ඇතුළුව, යෝග්‍යතර ප‍්‍රතිකර්ම හා සහන, හෝ එවැනි

පෙත්සමකට අදාළව සාධාරණ සහ යුක්තිසහගත වන අවස්ථාවෝචිත

නියමයන් ලබා දිය හැක්කේ ය.

 

රාජ්‍ය නිලධාරීන් යනාදිය. 22.       සිය නිල රාජකාරී වපසරිය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරියෙකු හෝ

රජයේ ආයතනයක මූලික අයිතිවාසිකමක් හෝ නිදහසක් උල්ලංඝනය වීම

හෝ උල්ලංඝනය වීමට ආසන්න අවස්ථාවක් සම්බන්ධයෙන් වන

පැමිණිල්ලකදී, අදාළ නිලධාරියා හෝ ආයතනය විසින් මෙම පරිච්ඡේදය ‍

යටතේ පළාත්බද මහාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන්,

නීතිය මඟින් සපයා ඇති වෙනත් සියලු ප්‍රතිකර්ම භාවිතා කර තිබිය

යුත්තේය.

 

අභියාචනය 23.       මෙම පරිච්ඡේදය ‍යටතේ ගොනු කළ ඕනෑම පෙත්සමක් සම්බන්ධයෙන්

පළාත්බද මහාධිකරණය විසින් ලබා දුන් තීරණ ආඥාවකින් අගතියට පත්

කිසිම තැනැත්තෙකුට, එවැනි තීරණ ආඥාවක් නිකුත්කළ දින සිට මාස

තුනක කාලයක් ඇතුළත, එම තීරණ ආඥාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

අභියාචනාවක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම ඇත්තේ ‍ය.

 

අර්ථ නිරූපණය

 

24. (1) මෙම පරිච්ඡේදයේ අන්තර්ගත ඕනෑම ප්‍රතිපාදනයක් අර්ථ නිරූපණය කිරීමේ

දී, යම් අධිකරණයක් විසින්:

 

(අ) විවෘත සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මූලික කරගන්නා සාරධර්ම

ප්‍රවර්ධනය කළ යුත්තේ ‍ය;

 

(ආ) එම අර්ථ නිරූපණය, ජාත්‍යන්තර නීති යටතේ ශ්‍රී ලංකාව විසින්

වගකිවයුතු බැඳීසිටීම් සමග සංස්ථායී වන බව තහවුරු කළ යුත්තේ ‍ය; සහ

 

(ඇ) විදේශ නීති, සහ ජාත්‍යන්තර අධිකරණ, විනිශ්චය සභා, හා ගිවිසුම්ගත

සංවිධානවල ව්‍යවහාර නීති සංග්‍රහයන් සලකා බැලිය හැක්කේ ‍ය.