[ආචාර්ය සංජන හත්තොටුව විසින් Patterns and Trends in Chinese Propaganda on Facebook in Sri Lanka යන ශීර්ෂය යටතේ 2023 මැයි 03වනදා csep.org වෙබ් අඩවියට ලියන ලද දීර්ඝ පර්යේෂනාත්මක ලිපියේ පළමු කොටස ලෙස සිංහල භාෂාවට අනුවර්තනය කරන ලද්දකි. සිංහල භාෂාවට අනුවර්තනය කරන ලද්දේ ‘විකල්ප‘ වෙබ් අඩවිය විසින් වන අතර එම පර්යේෂණාත්මක් ලිපියේ ඇති ඉතා වැදගත් තාක්ෂණික සහ දේශපාලනික සංකීර්ණතා හේතුකොටගෙන සිංහල ලිපිය කියවාගෙන යාමේදී පාඨක ඔබට යම් අපහසුතාවයක් ඇති වුවහොත්(සිංහල අනුවර්තනය පිළිබදව) කරුණාකර ඉංග්‍රීසි ලිපිය පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමු. -සංස්කාරක මණ්ඩලය- විකල්ප වෙබ් අඩවිය]

_____________________________________________________________-
සංක්ෂේපය

කොරෝනා වයිරස් වසංගතය 2020 මුල් භාගයේදී වූහාන්වලින් ඇරඹී ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමඟ ම පාහේ චීන ජාතිකයන් සහ චීන කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ආයතන විසින් කළමනාකරණය කරනු ලබන Twitter සහ Facebook ගිණුම්, ආඛ්‍යානය, නාලිකා ප්‍රචාරණය හැඩගැස්වීමට සහ පාලනය කිරීමට සහ විවේචන අඩංගු කිරීමට ප්‍රයත්න දරනු දක්නට ලැබිණි. එවක් පටන් , “තීරයක් සහ මාවතක්“ (Belt and Road Initiative) වැනි පුළුල් චීන අවශ්‍යතා පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීමට අමතරව, චීන සමාජ මාධ්‍ය ආයතන Covid-19 සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳ ආඛ්‍යානවල නිල චීන ප්‍රවාහය හුවාදැක්වීම සිදුකර තිබේ.

තාන්ත්‍රිකයින් විසින් වුල්ෆ් වෝරියර් (wolf warrior)[1] ලෙස සැලකෙන අන්තර්ගතය සහ විවරණ පිළිබඳ විවේචනවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති නමුදු, 2022 පමණ වන විට, සමාජ මාධ්‍යවල ආක්‍රමණශීලී ප්‍රකාශයන්ගෙන් සෙමෙන් වෙනස් වීමක් දක්නට ලැබෙන බව ඇතැම් වාර්තා අනුව පැහැදිලි වේ. ගෝලීය ස්වභාවය කුමක් වුව ද, දේශීය වශයෙන් සිදුකරන ලද පුහුණු වීම් ආදිය ඊට ඉඳුරාම වෙනස් ලෙස පෙනී යයි.

මෙම පරිච්ඡේදය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති විස්තර කිරීම සිදුකරන ලද ශ්‍රී ලංකාව වෙත සහ ඒ තුලින් පැණනැගුනු ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුම්වල මතුවීම සහ පරිණාමය දෙස අවධානය යොමු කරයි. බීජිං පාලනය තම අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ගෝලීය සම්මතයන් හැඩගැස්වීමේ අභිලාෂ පෙරදැරිව ලෝකය තුළ චීනයට ගැති 1 වුල්ෆ් වොරියර් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන මෙයින් අදහස් වන්නේ කෝවිඩ් 19 වයිරසය පැතිරී ගිය කාලයේදී එනම් 2020 වකවානුවේදී චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් චීන විරෝධී රටවල් පාර්ශවයන්ට විරුද්ධව ගෙනගිය ආක්‍රමණශීලී ප්‍රතිපත්තියයි. සාමාන්‍යයෙන් චීනය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී හා වෙනත් රාජ්‍යන් සමඟ ආන්දෝලනාත්මකව ගැටීම සිදුනොවුව ද මෙම ප්‍රතිපත්තිය තුල චීනය විවේචනය කරන සියලූම පාර්ෂවයන්ට පාහේ විවෘතව ම අභියෝග කිරීමට චීන රාජ්‍යයේ රාජ්‍යතාන්ත්‍රිකයින් මෙන්ම විදේශ තානාපති සේවාවන්හි කටයුතු කරනලද චීන නිලධාරීන් ද කටයුතු කිරීම දක්නට ලැබිණි.

ආඛ්‍යානයන් තීව්‍ර කිරීමේදී සමාජ මාධ්‍ය විසින් ඉටු කරන ලද ප්‍රමුඛ පෙලේ භූමිකාව නිරූපණය කිරීමට එය උපකාරී වේ. දේශීය ප්‍රචාරක නිෂ්පාදනය පිළිබඳ ප්‍රමාණාත්මක අධ්‍යයනයක් ද සහිතව සිදුවන ගුණාත්මක පර්යේෂණ තුලින් මේ සම්බන්ධයෙන් චීන රජයේ දිගුකාලීන දෘෂ්ටිවාදී අරමුණු මෙන්ම කෙටි කාලීන අරමුණු ද හෙළිදරව් කරයි.

උක්ත අරමුණු මුදුන්පමුනුවාලීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක ව්‍යාප්තිය සඳහා පෙර නොබැඳි මුලපිරීම් පිළිබිඹු කරන මාර්ගගත මෙහෙයුම්, ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය, උපාය මාර්ගික සැලසුම් සහ ඒවා ක්‍රියාවට නැංවීම දක්නට ලැබේ. චීනයට ගැති ආඛ්‍යානවල තිරසාර ව්‍යාප්තිය සහ 5G ඇතුළු ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා දැනට පවතින සහ යෝජිත ආයෝජන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සහ හදිසි ප්‍රතිපත්ති සමාලෝචනයක් සිදුකිරීම ඉතා වැදගත් ය.

[1] වුල්ෆ් වොරියර් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන මෙයින් අදහස් වන්නේ කෝවිඩ් 19 වයිරසය පැතිරී ගිය කාලයේදී එනම් 2020 වකවානුවේදී චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් චීන විරෝධී රටවල් පාර්ශවයන්ට විරුද්ධව ගෙනගිය ආක්‍රමණශීලී ප්‍රතිපත්තියයි. සාමාන්‍යයෙන් චීනය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී හා වෙනත් රාජ්‍යන් සමඟ ආන්දෝලනාත්මකව ගැටීම සිදුනොවුව ද මෙම ප්‍රතිපත්තිය තුල චීනය විවේචනය කරන සියලූම පාර්ෂවයන්ට පාහේ විවෘතව ම අභියෝග කිරීමට චීන රාජ්‍යයේ රාජ්‍යතාන්ත්‍රිකයින් මෙන්ම විදේශ තානාපති සේවාවන්හි කටයුතු කරනලද චීන නිලධාරීන් ද කටයුතු කිරීම දක්නට ලැබිණි.

උපුටා දැක්වීම:

[හත්තොටුව එස්. 2023 ශ්‍රී ලංකාවේ Facebook හි ක්‍රියාත්මක චීන සම්ප්‍රචාරයන්හි රටා සහ ප්‍රවණතා In Xavier, C. & Jacob, J. T. (Eds). චීනය දකුණු ආසියාව සම්බන්ධ කර ගන්නා ආකාරය: තේමා, හවුල්කරුවන් සහ මෙවලම් (pp. 111- 124). සමාජ හා ආර්ථික ප්‍රගතිය සඳහාවන මධ්‍යස්ථානය. උපුටාගැනීම https://csep.org/Inqstg2]

හැඳින්වීම

2020 වර්ෂයේදී නිකුත් කරන ලද ෆ්‍රීඩම් හවුස් වාර්තාවක චීනය කරනු ලබන මාධ්‍ය ව්‍යාපාර අතුරින් ඇතැම් අංග ”සාම්ප්‍රදායික මහජන රාජ්‍යතාන්ත්‍රිකත්වයට අනුකූල වන” බව සඳහන් කරමින් “තවත් බොහෝ එවැනි ව්‍යාපාර රහසිගත, බලහත්කාරී සහ දූෂිත විය හැකි” බව අනතුරු අඟවයි.(කුක්, 2020). එම වාර්තාව තවදුරටත් සඳහන් කළේ, “එසේ අනුගමනය කරනු ලබන උපාය මාර්ග තුලින් දිගුකාලීනව ගම්‍යමාන වන්නේ විශේෂයෙන් චීනයේ කොමියුනිස්ට් පක්ෂය (CPC) සහ එහි ජාත්‍යන්තර අනුබද්ධිත සංවිධාන සංවර්ධනය වෙමින් පවතින රටවල තොරතුරු යටිතල ව්‍යුහයේ ප්‍රධාන කොටස් කෙරෙහි ඉහල බලපෑම් සහගත තත්ත්වයක් අත්කර
ගන්නා බව”
ය.

ශ්‍රී ලංකාව තුළ මීට නිදසුනක් ලෙස මාධ්‍යවේදිනී භාවනා මෝහන් (2020) විසින් විස්තීර්ණ මාධ්‍ය වාර්තාවක් මගින් චීනයේ බලපෑම් මෙහෙයුම් වල බහුලක්ෂිත(hydra-headed) ස්වභාවය හෙළිදරව් විය. අනෙකුත් මුලපිරීම් අතර, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ චීන න්‍යායපත්‍රය සඳහා හැඩගැස්වීම දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු වී ඇති බව මොහාන් නිරීක්ෂණය කරයි. ශ්‍රී ලංකා-චීන මාධ්‍යවේදීන්ගේ සංසදය වැනි මාර්ග, Offline වේදිකා 2000 දශකයේ මුල් භාගයේ සිට පැවතුනි (ශ්‍රී ලංකා-චීන මාධ්‍යවේදීන්ගේ සංසදය, එන්.ඩී.). සංසදයේ සභාපති නලින් අපෝන්සු ප්‍රකාශ කළේ තීරයක් මාවතක් වැඩ පිලිවෙල (BRI) ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවර්ධනයට පහසුකම් සපයන බවයි (Ping, 2018). වඩාත් මෑතක දී, සංසදය, චීනයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ අනෙකුත් සංවිධාන සමඟ, හොංකොං හි මතභේදාත්මක ජාතික ආරක්ෂක නීති (BBC,2022) අනුමත කර ඇත (Xinhua, 2020).

2020 දී ස්ථාපිතකරන ලද සහ මෙම පරිච්ඡේදයේ අධ්‍යයනය කරන ලද ෆේස්බුක් ගිණුමක් වන ‘I’m Sheng Li’ 2014 (Li, 2014) තරම් මුල් කාලයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ විශේෂාංග කතුවරයකු විය. චන්දන තිලකරත්නගේ පොතක් පිළිබඳ ලීගේ සමාලෝචනය වසරකට පෙර (Li, 2013) ලීගේ පොතක් පිළිබඳ තිලකරත්නගේ සමාලෝචනයට අනුපූරක විය. මෙම ලිපි ද්විත්වය මගින් ම ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ චීන රාජ්‍ය මාධ්‍ය වන චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් (CRI) ශ්‍රී ලංකාවේ භූමිකාව, ප්‍රවේශය සහ අදාළත්වය පිළිබඳව ඉතා වර්ණනාත්මකව අදහස් ප්‍රකාශ කර තිබේ. (Lin, 2015).

චීනයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාර (Twigg & Allen, 2021) දෙස නිරීක්ෂණ කරමින් වර්ධනය වන පර්යේෂණ මණ්ඩලයක සන්දර්භය තුළ සිටිමින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත යොමු කරන ලද ප්‍රචාරණ මම අධ්‍යයනය කරමි.

2012 දී, “වුල්ෆ් වොරියර්” රාජ්‍ය තාන්ත්‍රිකභාවය(wolf-warrior” diplomacy) චීනය සිය මූලෝපායික අරමුණු හඹා යාම සඳහා පුළුල් ලෙස යොදාගත් ආයුධයක් ලෙස පිළිගැනීමට දශකයකට පමණ පෙර, අන්තර්ජාල ප්‍රජා මාධ්‍ය වේදිකාවක් වන Groundviews හි ප්‍රකාශයට පත් කරන ලද ලිපියක්, බීජිං පාලනය විසින් ශ්‍රී ලංකාව පුරා පැතිරුණු විදුලි සංදේශ ආයෝජන පිළිබඳව වන සලකා බැලීම් පිළිබඳව අවධානය යොමු කරන ලදී (හත්තොටුව, 2012). මෙම ව්‍යාපාර පිළිබඳව තේරුම් ගත යුතු වනුයේ ගැටළු සහගත චීන සයිබර් ආරක්ෂණ නීතිවල පසුබිම තුළ හිඳිමින් බව ද කිව යුතු ය. (හැරිස්බ් බ්‍රිකන්, 2019). චීන සාවද්‍ය තොරතුරු, සමාජ මාධ්‍යවලින් ඔබ්බට (Elliott & Christopher, 2021), වැඩි එක්සත් ජනපදයේ ග්‍රාහකයින්ව වැඩියෙන් ඉලක්ක කරයි. (Timberg & Dou, 2021). රුසියාවේ සමාන මුලපිරීම් වලට අමතරව (Kendall-Taylor & Shullman, 2020), චීන ප්‍රචාරණය ප්‍රජාතන්ත්‍රවාදයට එරහිව වර්ධනය වන තර්ජනයක් ලෙස සැලකිය හැකි ය (Cave & Wallis, 2021). සාවද්‍ය තොරතුරු පිළිබඳව වන සලකා බැලීම පසෙකින් තබා, 2020 දී, සමාජ මාධ්‍යවල (වෙස්ට්කොට් සහ ජියැන්ග්, (2020) චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර “වුල්ෆ් වොරියර් රාජ්‍යතාන්ත්‍රිකභාවය” ලෙස හැඳින්වෙන අපභාෂාත්මක තර්කයක් මතුවීම දක්නට ලැබිණි. උදාහරණ ලෙස කැනේඩියානු අගමැති “දුවන බල්ලෙක්” (Rae, 2021) ලෙස හැඳින්වීම සහ අනෙකුත් වඩාත් බරපතල ට්වීට් (Zeng, 2020) අයත් වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා නිල සංචාරයක නිරතව දිවයිනෙන් බැහැරව ගිය වහාම (Farzan, 2020).ඔහුට එරෙහිව සුවිශේෂී අදහස් (සහ රූප) ට්වීට් කළේ, උක්ත ආක්‍රමණශීලී ප්‍රතිචාර දැක්වීම ප්‍රතිරාවය කරමිනි. කෙසේ වෙතදු, රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් යටපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය දාමරික ධර්මාසනයක් ලෙස ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම, ශ්‍රී ලංකාව ඇතුළු සමාජ මාධ්‍යවල චීනයේ වඩාත් තිරසාර ප්‍රචාරක මෙහෙයුම් වලින් අවධානය වෙනතකට යොමු කෙරෙන බව ද සදහන් කළ යුතු ය.

ශ්‍රී ලංකාව තුළ චීන සම්ප්‍රචාරණ

ශ්‍රී ලංකාව තුළ චීන ප්‍රචාරණයන් පිළිබඳව සලකා බැලීම අයුක්ති සහගත නොවේ. නමුත් ඒවා සලකා බැලිය යුත්තේ 2014 ඔක්තෝම්බර් මාසයේ සිට සිදු වූ යම් යම් වර්ධනයන් හි විශාල සන්දර්භය තුළ වන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය හුවාවේ (Huawei) වෙතින් Surveillance උපකරණ (ආවේක්ෂණ) ආනයනය කර ඇති බව සන්ඬේ ටයිම්ස් වාර්තා කිරීම වැදගත් ය(හත්තොටුව, 2020d). 2017 දී කථානායකවරයාගේ ඉල්ලීම පරිදි, චීනය සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාවිතා කිරීම සඳහා ලැප්ටොප් පරිගණක තෑගි කළේය. (Daily FT,2017). ඉන්පසුව, 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමාජ මාධ්‍ය Surveillance (ආවේක්ෂණ) තාක්ෂණය රට ට ලබා දෙන ලෙස තම චීන සහචරයාගෙන් ඉල්ලා සිටියේය (එම්. ප්‍රනාන්දු, 2019). ඒ අනුව, “රුපියල් බිලියන 5 කට වඩා වටිනාකමින් යුත් හමුදා ආධාර ලෙස මෘදුකාංග සහ අනෙකුත් Surveillance (ආවේක්ෂණ) උපකරණ” ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. (එස්. ප්‍රනාන්දු, 2019). එමඟින් ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් සන්නිවේදනයන් වැඩි වැඩියෙන් චීන යටිතල පහසුකම් මත රඳා පැවතීමට ආරම්භය සනිටුහන් වීම සිදුවිනි (News Wire, 2021).

මීට පෙර, 2018 දී, චීන ඩිජිටල් වෝහාරික සමාගමක් විසින් ශ්‍රී ලංකා බුද්ධි නිලධාරීන් සහ වෙනත් අය සදහා Surveillance (ආවේක්ෂණ) තාක්ෂණයන් පිළිබද (ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය, n.d.) පුහුණු කරන ලද අතර, තීරයක් මාවතක් (Wayback Machine, 2019) ක්‍රියාත්මක කිරීම සඳහා එය අත්‍යවශ්‍ය ය. චීනය විසින් ප්‍රදානය කරන ලද වැදගත් සන්නිවේදන යටිතල පහසුකම් පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද වැදගත් තැනක් උසුලයි(තෝමස්, 2018). කෙසේ වෙතත්, වර්තමානයේ දේශීය වශයෙන් පෞද්ගලිකත්වයේ අයිතිය සහ දත්ත ආරක්ෂණ නීති නොමැතිවීම, කරණ කොට ගනිමින් විදේශීය ආණ්ඩු ඇතුළු ව, රාජ්‍ය සහ තුන්වන පාර්ශ්ව විසින් පුරවැසියන් ඉලක්ක කරගත් Surveillance (ආවේක්ෂණයන්) සම්බන්ධයෙන් නීත්‍යානුකූල බිය මතු කරයි. (සේනාරත්න, 2020; හියුමන් රයිට්ස් වොච්, 2020)

මෙම සලකා බැලීම් පසෙකින් තැබුව ද, 2021 අප්‍රේල් මාසයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ රට “චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති අතර එහි මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයන්ට ‘ස්ථිරවම සහාය දෙන’ බවයි (Srinivasan, 2021). ජනාධිපතිවරයාගේ සහතිකයට පෙර, ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ෂින්ජියැන්ග්හි ජන සංහාර හෝ රැඳවුම් කඳවුරු පිළිබඳ කිසිදු සාක්ෂියක් නොපවතින බව තරයේ ප්‍රතික්ෂේප කළේය (Xinhua, 2021). එසේම චීනය මහින්ද රාජපක්ෂ ස්වකිය “පැරණි මිතුරෙකු” ලෙස සැලකූ බව පැහැදිලි ය. (PTI, 2020). එසේම, 2018 අග භාගයේ ඇති වූ ව්‍යවස්ථානුකූල අර්බුධය අවස්ථාවේදී චීන තානාපතිවරයා ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂ මහතාට සුභාෂිංසන පිරිනැමුවා පමණක් නොව චින ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙන ගියේ ය. (රාජපක්ෂ, 2018; පිල්ලලමාර්රි, 2018). චීනය, මහින්ද රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධී පත්වීම (හත්තොටුව, 2018a) පිළිගත් රටවල් අතලොස්සෙන් එකක් වන අතරම, අවසානයේදී එම පත්වීම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී (එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2003).

පුරා දශකයකට අධික කාලයක් මුලුල්ලෙහි Covid-19 වසංගතයෙන් (Imran, 2021) සහ 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් (Fernando & amp; Shah, 2020) අඛණ්ඩව වේගවත් වූ චීනය කෙරෙහි ශ්‍රී ලංකාවේ පැහැදිලි දේශපාලන සහ ප්‍රතිපත්තිමය නැඹුරුතාවය මෙම පරිච්ඡේදයේ සමාජ මාධ්‍ය අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා පසුබිම සපයා ඇත. Facebook හි Crowd Tangle මෙවලම (Crowd Tangle, n.d.) භාවිතයෙන් මෙම පරිච්ඡේදය සඳහා දත්ත රැස් කරන ලදී. නියැලීම් දත්ත 2021 මැයි 5 වන දිනතෙක්ලබා ගෙන ඇති අතර එම දත්ත නිවැරදි ය. තෝරාගත් මාධ්‍යවේදීන් සමඟ චීනයේ එහි Online සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මාර්ග offline සම්බන්ධවීම් දශක ගණනාවකට පෙර සිට, ක්‍රියාත්මක වී තිබේ. තව ද, සාම්ප්‍රදායික මාධ්‍යවල අන්තර්ගතය නිෂ්පාදනය කිරීම මාධ්‍යවේදීන්ගේ හැඩගැන්වීම පිළිබිඹු කරන අතර, එමඟින් අර්ධ වශයෙන් අවධානය යොමු කිරීම හෝ උපායමාර්ගික මකා දැමීම හරහා විවේචනාත්මක කරුණක් දෙසට හරවා මහජන සංජානනය වෙනස් කිරීමට කටයුතු සලසයි. කෙසේ වෙතත්, Online සහ Offline ක්‍රියාකාරකම් වල උපායමාර්ගික ඒකාබද්ධව විග්‍රහ කිරීම සංකීර්ණ වන අතර මෙම කෙටි අධ්‍යයනයේ විෂය පථයට ඔබ්බෙන් පවතින්නකි.

පර්යේෂණය තුළ අවධානයට ලක්වන ෆේස්බුක් ගිණුම්

මෙම අධ්‍යයනය සඳහා ෆේස්බුක් ගිණුම් අටක් තෝරා ගන්නා ලද අතර, එම තෝරා ගැනීම මා විසින් Twitter හි ප්‍රකාශයට පත් කරන ලද (හත්තොටුව, 2021b) මූලික පර්යේෂණ රාමු මත පදනම් විය. Offline ක්‍රියාකාරී වුව ද, ශ්‍රී ලංකා-චීන මාධ්‍යවේදීන්ගේ සංසදයට නිල Facebook හෝ Twitter ගිණුමක් නොමැත. Cheena Sinhala Handa, Seda Mali, Youyou Zhang, Waruni JZ , මම ෂෙන්ග් ලි, සුනිමාලි සහ රසිකා ලියු ඇතුළු තෝරාගත් ගිණුම් වලට අමතරව Confucius ආයතනය සහ ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය වැනි සංවිධාන වලට සෘජුවම සම්බන්ධ යැයි පෙනී යන ගිණුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අනෙකුත් ගිණුම් කිහිපයක් අතරින් තෝරා ගන්නා ලදී. මෙම ගිණුම් තෝරා ගනු ලැබුවේ Facebook (Hattotuwa, 2021c) හි සම්බන්ධිත පළ කිරීම් මෙන්ම අනුග්‍රාහකත්වයෙන් යුතුව ප්‍රචාරණ ක්‍රියාත්මක (sponsored campaigns) ගිණුම් (Hattotuwa, 2021a) පිළිබඳව සොයා බැලීමේ මූලික ට්වීට් ත්‍රෙඩ් එකකින් පසුව ය. මෙහිදී ඉහත දක්වන ලද ගිණුම් මෙන්ම ෆේස්බුක් හි සම්බන්ධිත ගිණුම් විෂේශාංගය (related accounts feature) හරහා, හෝ ඒවා මව් ගිණුම් ලෙස භාවිතා කරන ඒවාට ආශ්‍රිත ෆේස්බුක් ප්‍රොෆයිලයන් ද අධ්‍යයනය කරන ලදී.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට ද ට මෙම පරිච්ඡේදයේ අධ්‍යයනය කරන ලද එක් පුද්ගලික ගිණුමක්වත් Meta (Facebook, n.d.a) විසින් ‘චීන රාජ්‍ය පාලිත මාධ්‍ය’ ලෙස සඳහන් කර නොමැති බව සැලකිය යුතු ය. එසේ වුවද, මේ සඳහා ම සකස් කරන ලද නිර්ණායක සමූහයකට අනුව සිදුකරන ලද තමන්ගේ ම පර්යේෂණ සහ තක්සේරුකරණයන් මත පදනම් ව මෙම අධ්‍යයනයේ ඇති සියලු ම පුද්ගලික පැතිකඩ මේ වන විට “අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් චීන රජයේ සංස්කාරකත්වයෙන් පාලනය ක්‍රියාත්මක වන බව ෆේස්බුක් අයත් මෙටා ආයතනය විසින් නම් කර තිබේ. මෙටා ප්‍රතිපත්තිය තවදුරටත් දක්වන්නේ “මාධ්‍ය සංවිධානයක බලපෑම රාජ්‍යයක පිටුබලය සමඟ ඒකාබද්ධ කරන බව අපි විශ්වාස කරන බැවින් මෙම පිටු විනිවිදභාවයේ ඉහළ ප්‍රමිතියකට ගෙන එයි” ලෙසත් එය මෙම ෆේස්බුක් මාධ්‍ය වේදිකාව විසින් රඳවා තබා ගැනීම සිදු කරන බවත්ය. තව ද මෙම පර්යේෂණයෙන් පසුව සහ ස්වාධීනව එම Meta, මෙම ගිණුම් රාජ්‍ය විසින් පාලිත ගිණුම් ලෙස සලකුණු කර, අධ්‍යයනය සඳහා ඔවුන්ගේ තේරීම වල වලංගුභාවය යළි තහවුරු කරන බව දැක්වේ.

1 වන වගුව: තෝරාගත් facebook ගිණුම් ප්‍රොෆයිලයන්

Mali දේශීය ව්‍යාපාරයක් ලෙසත්, සහ විනෝදාස්වාද වෙබ් අඩවි ලෙස ගිණුම් දෙකක් ප්‍රකාශිත අන්තර්ගතයට හෝ අදාළ ගිණුම් හිමියාගේ ප්‍රොෆයිලයට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඒ අනුව ගම්‍යමාන වේ. එසේම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට තනි පුද්ගල ගිණුම් තුල ඔවුන්ගේ නාමකරණ සම්මුතීන් සහ අනන්‍යතාවයන් ඇතුළු වන ආකාරයට සකස් කර දී ඇත. තව දුරටත් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම ගිණුම් තුල ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලින් සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් නොමැති අතර අන්තර්ගතය සහ විවරණ සම්පූර්ණයෙන්ම පාහේ සිංහලෙන් දැකිය හැකි බවයි. ඒ තුල ග්‍රහණයට නතු රාජ්‍යයන් කෙරෙහි සංකීර්ණ මාධ්‍ය උපාය මාර්ගයක් අනුගමනය කර ඇති අයුරු පෙන්නුම් කරන අතර රටේ බහුතර ජනවාර්ගික කණ්ඩායමක් වන සිංහල ප්‍රේක්ෂකයන්ගේ අවධානය හා දායකත්වය ඒ මත රඳවා තබා ගැනීමට උත්සාහ කරන බව මැනවින් විද්‍යාමාන වේ.

මෙහිදී අධ්‍යයනය කරන ලද ගිණුම් අටෙන්, හතක් වර්ෂ 2020 හි දෙවන භාගයේදී නිර්මාණය කර ඇති අතර එම හතෙන් පහක් එම වර්ෂයේම අගෝස්තු මාසය තුල නිර්මාණය කරන ලද ඒවා වේ. Waruni JZ සහ I’m Sheng Li යන ගිණුම් ද්විත්වයම එකම දිනක දී සාදන ලද ගිණුම් වේ. එසේම මෙම ගිණුම්වල චීනය කේන්ද්‍ර කරගත් සමාන පිටු පරිපාලකයින්(page administrators) සංඛ්‍යාවක් ද තවමත් අනාවරණය නොකළ ස්ථානයන් ද දැකගත හැකිය. කෙසේ වුව ද චීනයේ ප්‍රධාන භූමිය තුල Facebook (සහ Twitter) අවහිර කර ඇති හෙයින්, එම රටෙහි බොහෝ පරිපාලකයින් (administrators) සිටින ස්ථානයන් පරීක්ෂා කිරීම සඳහා කැඳවීම් සිදු කරන බව ද තොරතුරු මත පැහැදිලිය. ඒ අනුව මෙම ෆේස්බුක් මාධ්‍ය වේදිකාවන් සඳහා චීන පුරවැසියන්ට අසීමිත ප්‍රවේශය ලබා ගත නොහැකි බව ගම්‍ය වේ. කෙසේ නමුත් මෙම ෆේස්බුක් ගිණුම්, එවකට චීන රජය සමඟ ඇති බැඳීම් පිළිබඳ කිසිදු අනාවරණයක් සිදු නොකර රාජ්‍ය විසින් පාලනය වන යන මාධ්‍ය ලේබල්කරණය(ෆේස්බුක්, n.d.a) තුල බෙයිජිං ඇතුළු චීනයේ අනෙකුත් ස්ථාන තුල නිදහසේ සහ ප්‍රසිද්ධියේ පළකිරීම් සිදු කරනුයේ කෙසේද යන ප්‍රශ්නය සැබවින්ම විමතිය දනවන සුලු ය.

ආචාර්ය සංජන හත්තොටුව | Dr. Sanjana Hattotuwa
Research Fellow, The Disinformation Project, New Zealand, & Special Advisor, ICT4Peace Foundation, Switzerland