iMage: VIKALPA

“මම කියන්නේ නෑ දේශපාලන බලය පාවිච්චිකරලා මේ දෙවල් ගැන හොයන්න කියලා. මම කියන්නේ දේශපාලන බලය පාවිච්චිකරලා අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දෙන එක නතර කරන්න කියලා.”

“මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්, මෙතෙක් කළ කරපු දේශීය යාන්ත්‍රණවලින් මොනවද වින්දිතයන්ට ලැබිලා තියෙන්නේ?”

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 5000ක් ගත වී ඇත. ප්‍රගීත් අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24 වනදාය. එදා සිට අද දක්වා දෙස් විදෙස් සංවිධාන, පුද්ගලයින් මාධ්‍යවේදී ප්‍රගිත් සොයා ගැනීමට අපමණ වෙහෙසක් දැරූහ. එහි දී මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිද වන සංධ්‍යා එක්නැලිගොඩ ඇයට එල්ලවන සියලු අපහාස, නින්දා,ගැරහුම් මැද යුක්තිය සොයා යන ගමන නතර නොකළාය.

ඇය අද දක්වාම සිය සැමියා වන ප්‍රගීත්ට මෙන්ම අතුරුදහන් කළ උතුරේ ද දකුණේද සියලු වින්දිතයන් සමග යුක්තිය සොයා යන්නීය. ප්‍රගිත් අතුරුදහන් කර දින 5000ක් ගතවන මොහොතේ සිය නිවසේ ඇය විසින් විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබේ.

එම වැසටහන දින හතරක් පුරා පැවැත්වෙන අතර එහි පළමු දිනය අද(04), හිරිපිටිය, සුහද මාවතේ ඇයගේ නිවසේ ආරම්භ විය. වැඩසටහන ආරම්භ කරමින් සංධ්‍යා එක්නැළිගොඩ දැක්වූ අදහස් පහතින් දැක්වේ.

අපිට අවශ්‍ය වෙන මුකුත් නොවේ ‘යුක්තිය සහ සත්‍යයි’