පොළොන්නරුව වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා සවස සිදු වූ තරුණ ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් යළිත් සමාජය හමුවේ තබා ඇත. පොලිසිය පවසන්නේ නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කිරීමේදී සිදුකළ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා මියගිය බවයි. (ලංකාදීප වාර්තාව)
කෙසේ වෙතත්, මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ කතාව පොලිස් මාධ්‍ය ප්‍රකාශවලට වඩා බෙහෙවින් වෙනස් සහ වේදනාකාරී එකක් බව මියගිය තරුණයාගේ මව පවසති.
“කකුලට වෙඩි තෑබූ බව කී නමුත් පපුවට වෙඩි තැබීම” – මවගේ වේදනාත්මක සාක්ෂිය
ඝාතනයට ලක් වූ තරුණයාගේ මව පවසන්නේ, තම පුතුගේ කකුලට වෙඩි තැබූ බව
පොලිස් නිලධාරීන් මුලින් පැවසූ බවයි. (සම්පූර්ණ වීඩියෝව: https://youtu.be/Rgf3_Ga7MXs)
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ මෙය පැහැදිලිවම වළක්වා ගත හැකිව තිබූ මරණයක් බවයි:
“බයිසිකලය නැවැත්තුවේ නෑ කියලා, පොලිස් නිළාධාරීන් දෙදෙනෙක් එම තරුණයන් පිටුපස හඹාගෙන ඇවිල්ලා තියනවා. ගෙදරටම ආවාට පස්සේ ඇති වන කතා බහේදී ඔහු මන්නයක් අරන් එනවා. අනෙක් වැදගත්ම කරුණ තමයි, පොලීසිය සහ තරුණයා අතර මීටර් දෙක හමාරක් වගේ පරතරයක් තිබිළා තියෙන්නේ. ඒවගේ ළග තැනක ඉදලා පොලීසියට ඉලක්කයට වෙඩි තියන්න පුලුවන්. ඒ කියන්නේ දණහිසෙන් පහලට වෙඩි තැබීමට හොදටම හැකියාවක් තිබුණා. නමුත් පොලීසිය කෙළින්ම තරුණයාට වෙඩි තියනවා. වෙඩි තියලා තියෙන්නේ පපුවටම තමයි. ඒ නිසා මෙම ඝාතනය චේතනාන්විතව සිදුකළ ඝාතනයක් දැයි බරපතල සැකයක් මතුවෙනවා.”
මත්ද්‍රව්‍ය ලේබලය: ඝාතනය සාධාරණීකරණය කිරීමේ උපක්‍රමයක්ද?
මෙම සිදුවීමෙන් පසු පොලීසිය විසින් සිදුකල ප්‍රකාශ, මාධ්‍ය උපුටාbදැක්වීම්වල මියගිය තරුණයා “අයිස් සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූවෙක්” ලෙසත්, “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්” ලෙසත් හඳුන්වා දී තිබිණි. ඕනෑම අපරාධයකට හෝ වරදකට දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස පොලිසියට නොවන බව මෙහිදී අමතක කර ඇත.
අවම බලය යනු කුමක්ද? පොලිස් පුහුණුව තුළ “අවම බලය” යනු මරණයට පත් කිරීම නොවන බව පොලිස් නිලධාරීන් හොඳින්ම දනී.
සාධාරණීකරණය: සැකකරුවෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ අයෙකු ලෙස හංවඩු ගැසීම හරහා එම ඝාතනය සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ලංකාවේ පොලිසිය කාලාන්තරයක් තිස්සේ අනුගමනය කරන “කුප්‍රකට රටාවකි.”
නව රජය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අභියෝගය
“නීතියේ ආධිපත්‍යය” අංක එකට තබන බව පවසමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) යටතේත්, පරණ රටාවටම “වෙඩි තැබීම – මරණය – මාධ්‍ය ප්‍රකාශ” යන චක්‍රය ක්‍රියාත්මක වීම අතිශය බරපතල තත්ත්වයකි.
පසුගිය කාලය පුරාම පොලිස් අත්අඩංගුවේ සිටියදී හෝ වැටලීම්වලදී සැකකරුවන් මියයාම පිළිබඳව සමාජය තුළ තිබුණේ දැඩි පිළිකුලකි. නව පාලනයක් යටතේ ජනතාව බලාපොරොත්තු වූයේ මෙවැනි “විනිශ්චයකින් තොර ඝාතන” (Extrajudicial killings) අවසන් වනු ඇති බවයි.
එබැවින් අපට අවශ්‍ය වන්නේ: වරදක් කළ අයෙකු නීතිය ඉදිරියට පමුණුවන ශිෂ්ටසම්පන්න ක්‍රමයක්ද? නැතිනම් මහ දවල්, මහ පාරවල්වල තීන්දු තීරණ ගෙන ගිනි අවියෙන් මරණය තීරණය කරන “පොලිස් රාජ්‍යයක්ද?”
ජීවිතයක් අහිමි කිරීම කිසිදු කතාන්දරයකින් හෝ “මත්ද්‍රව්‍ය” යන ලේබලයෙන් සුළු කර දැක්විය නොහැක. නීතිය රැකගැනීමේ නාමයෙන් නීතියම උල්ලංඝනය කිරීම ශිෂ්ට සමාජයක ලක්ෂණයක් නොවේ. මෙම අශිෂ්ට තත්ත්වය නතර කිරීමට රජය අපොහොසත් වුවහොත්, “ලස්සන ජීවිතයක්” යන්න හුදු සිහිනයක් පමණක් වනු ඇත.
තවත් එක් ප්‍රශ්ණයක්, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම අංක එකට යැයි, පවසමින් පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයට කුමක්ද?