සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

යුද හමුදා සෙබලුන් තුන් දෙනකුට මරණීය දණ්ඩනය

1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි ය ඊයේ(31) වාර්තා කළේ ය.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 1996 වසරේ යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේදී වේලායුදන් පිල්ලෛ රාජිනි නැමති 22 හැවිරිදි තරුණිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ගාමිණී සමන් උයන්ගේ, ඒ. පී. සරත්චන්ද්‍ර සහ ඩී. ගමගේ කිත්සිරි යන තුන් දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ බවය.