Ampara, සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kandy, Kilinochchi, Life quips, Peace and reconciliation, Puttalam, Trincomalee

අවතැන්වූවන්ගේ ජීවිත සුවපත් කිරීම රාජ්‍යයේ වගකීමක්

‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත භාවයට හා මානෂික සුරක්ෂිත භාවයට අයිතියක් හිමිව පවති.

නමුත් එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ රාජ්‍යය අභ්‍යන්තර හෝ රාජ්‍යය අන්තර වශයෙන් පැවති යුෂ භීෂනයන් තුළ එනමි, ඉරාන-ඉරාක ගැටුම, හින්දු පාකිස්ථාන් ගැටුම, ඊශ්‍රායල-පලස්තින ගැටුම, උතුරු අයර්ලන්ත ගැටුම, ශ්‍රී ලංකා පැවති අභ්‍යයන්තර ගැටුම, ඉන්දියාවෙි සික් ගැටුම වැනි ගැටුමි මගින් සිදු වූ ව්‍යවසනය මිහිකතට ඉහිලිය නොහැකි තරමිය. ජාතිවාදි, ආගමිවාදි පටු විභේදනයන් මුල්කර ගනිමින් මෙසේ රාජ්‍ය අභ්‍යයන්තර හා රාජ්‍යන් අතර ඇතිවන ගැටුමි හේතුකොට ගෙන අසරණ වන පුද්ගලයන් සරණාගතයින් හා අභ්‍යයන්තර අවතැන්වූවෝ ලෙස දෙපාර්ශයවකි.

1951 1951 UN REFUGEE CONVENTION හි සරණාගතයින් ලෙස නිර්වචනය කර තිබෙන්නේ, ‛‛ජනවර්ගය, ආගම, ජාතිකත්වය, කිසියමි සමාජ කණ්ඩායමක හෝ දේශපාලන මතයක් දරණ කණ්ඩායමක සාමාජිකත්වය දැරිම නිසා ජනිතවන භීෂනකාරිත්වය මත ඇතිවන බිය හේතුකොට ගෙන පුද්ගලයෙක් තමන් පුරවැසිභාවය දරන රටින් පිටව සිටින්නේ හෝ ඉහත හේතුන් නිසා ඇතිවන බිය හේතුකොට ගෙන තම රටෙි තමාට ආරක්ෂාව ලැබෙියැයි සිතිය නොහැකි හෝ සිතන හෝ පුරවැසිභාවය නොමැතිවිම හේතු කොටගෙන යළිත් රටට පැමිණිමට කැමැත්තක් නොදක්වන පුද්ගලයින්ය.’’ දේශපාලන වශයෙන් සිදුවන අර්බුධකාරි තත්වය යටතේ සිවිල් ගැටුමි තුළින් අවතැන් වන පිරිස් තමන් පදිංචි රාජ්‍යයෙන් සාමය අධික ලෙස උල්ලංඝනය වන තත්ත්වයක දි මෙන්ම සන්නද්ධමය අරගල, අභ්‍යයන්තරික ගැටුමි, වාර්ගික අරගලයක් තුළින් විශාල පරිමානයෙන් මිනිස් අයිතින් උල්ලංඝනය විම හා පිඩාකාරි ගැටුම් හේතුවෙන් තම රට තුළ දි ආරක්ෂාව නොලැබිම නිසා වෙනත් රටක ආරක්ෂාව පතා තම පදිංචි ස්ථානයෙන් හා දේශසිමාවෙන් බැහැරව වෙනත් රටක පදිංචියට යන පිරිස් ය. මෙහි දි අභ්‍යයන්තර වශයෙන් සිදුවන ස්වාභාවික විපත් හා හදිසි ව්‍යවසන හේතුවෙන් අවතැන් වුවන් සරණාගතයින් ලෙස හැඳින්විය නොහැක.

විශේෂයෙන් අවතැන්වුවන්, අවතැන් වනුයේ ස්වකිය රටේ දේශසිමාව තුළ ය. ඔවුන් වෙනත් රටක ආරක්ෂාව පතා නොයන අතර පදිංචි ස්ථානවලින් බැහැරව රටේ වෙනත් ප්‍රදේශ කරා අවතැන් විම සිදු වේ. මෙලෙස සිදු වන්නේ රට තුළ පවතින හිංසාකාරි පිඩනයන් සුළු හා මහා පරිමානයෙන් සිදුවන මිනිස් අයිතින් උල්ලංඝනය වන්නා වූ දුෂණ ක්‍රියා මූලික විම තුළ ය. එසේම අවතැන් වූවෝ තම රටේ ආරක්ෂාව හා රැකවරණය එලෙසම ලබන්නෝ වෙති. අභ්‍යයන්තර වශයෙන් අවතැන් විම හදිසි හා දේශපාලන තත්ත්වයක් යටතේ මෙන්ම ක්ෂණික හා බලාපොරොත්තු නොවූ තත්ත්වයක් යටතේ සිදුවිය හැකි ය.

අන්තර් ජාතික වශයෙන් සලකා බැලිමේදි වැඩිම පිරිසක් සරණාගත විම හා අවතැන්විමි වලට ලක් වූයේ දෙවන ලෝක යුද්ධයෙනි. ලෝක සරණාගත ජනගහනයෙන් 3/4 වැඩි ප්‍රමාණයක් කාන්තාවන් හා ළමුන් වන අතර මොවුන් යුධමය වාතාවරණය තුළ වැඩි වශයෙන් පිඩනයට පත් වන්නෝ ද වෙති. ජනවාර්ගික ගැටුමි හේතුවෙන් නූතන බොහෝ රාජ්‍යයන් මුහුණ දෙන ප්‍රබල සමාජීය හා දේශපාලන අභියෝගයක් වන්නේ සරණාගතවිම හා අවතැන්විම පිළිබද ගැටළුවයි.

දශක තුනක් පුරාවට ශ්‍රී ලාංකිය සමාජය දික් ගැසුණු අභ්‍යයන්තර ගැටුමකට මුහුණ පෑ අතර එමගින් දකුණු ආසියානු කලාපය තුළ දරුණුතම අවතැන්වීම වාර්තා වීමත් එමගින් පුද්ගලයන් සතු මානව අයිතිවාසිකමි දැඩිව උල්ලංඝනය විය.

දහස් ගණන් ජනයාට උන්හිටිතැන් අහිමි විය. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි විය. දෙමාපියන්ට දරුවන් අහිමි විය. ඔවුන්ගේ ජිවන වෟත්තීන් ඔවුනට අහිමි විය. ආබාධිත වූවෝ ද එලසම ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් රට අභ්‍යයන්තරයේ අවතැන් වී අවතැන් කඳවුරුවල අනන්ත දුක් පිඩා විදිනුයේ අයිතිවාසිකමි හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වීම උභතෝකෝටිකයක් නොවන්නේ මන් ද?

1958 පමණ වන විට පවුල් 12,000 අධික පිරිස් බහුතර සිංහලයන්ගේ තර්ජන හේතුවෙන් කඳූකර ප්‍රදේශවලට අවතැන් විය. 1977 පමණ වන විට සිංහල ද්‍රවිඩ ගැටුමි ආරමිභ විමත් සමඟ පවුල් 7500 ට පමණ ඔවුන්ගේ නිවාස, දේපළ අහිමි විය. මෙලෙසින් යුද්ධයේ ආරමිභයත් සමග 1983-1987 දක්වා කාලය තුළ 400000 පමණ පිරිසක් අවතැන්ව සිටි බව සඳහන් වේ(UNHCR,1994). 1990- 1994 පමණ වන විට යාපනය ප්‍රදේශ ආශ්‍රිතව විශාල ජන සංඛ්‍යාවක් අවතැන්විය. 1999 පමණ වන විට කිලිනොචිචිය, මුලතිවි, මන්නාරම, හා වවිනියා වැනි ප්‍රදේශ ආශ්‍රිතව අවතැන් විය. 2002 පමණ වන විට ශ්‍රී ලංකාවෙ අවතැන් වූ ප්‍රමාණය 800000 බවට ගණන් බලා තිබේ(UNHCR,1994).

UNITED NATION HIGH COMMISSION FOR REFUGEES හි සඳහන් වන අන්දමට 2006 න් පසු පසු මනාරමි, කිලිනොචිචි, වවිනියා, අමිපාර වන්නි ප්‍රදේශයන් හි විශාල වශයෙන් අභ්‍යයන්තර වීමි සිදුව තිබෙන බව ය. එය 460,000 බවට ගණන් බලා තිබෙි. දරුවන්, ස්ත්‍රියන්, මෙහිදි දැඩි පීඩනයන්ට පත්ව තිබේ. යුධමය පසුබිමක් මත අවතැන්වූවන් ද මෙ රටේ පුරවැසියන්ය. ඔවුනට ද සංවර්ධනයට අයිතියක් තිබේ. ඔවුන්ගේ ජීවිත සුවපත් කිරිම රාජ්‍ය වගකීමක් වන්නා සේම එය අප සතු යුතුකමක් ද වන්නේ ය.

මයුරි හේරත්, [Mauri Herath]
සහය කථිකාචාරිණී,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය