“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ කටයුතුවලට නිරතවී සිටිනවා.” – එස්. ශ්‍රීධරන්(පා.ම)

උතුරේ පිහිටා තිබූ ප්‍රධාන හමුදා කදවුරැ ඇරෙන්නට අනිකුත් බොහොමයක් හමුදා මුරපොලවල් සහ නිරන්තරයෙන් ජනයා පරීක්ෂා කරනු ලබන ස්ථානයන් පසුගිය 27 වනදා වන විට ඉවත් කර ගෙන තිබූ බව උතුරේ ආරංචිමාර්ග පවසයි. ඒ පසුගිය 27 වනදා යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරතවුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ සංචාරය නිසා විය හැකි බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

එජා මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය යාපනය සංචාරයේදී..
එජා මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය යාපනය සංචාරයේදී..

කොමසාරිස්වරිය කිලිනොච්චි/ මුලතිව්/ යාපනය යන ප්‍රදේශවල සංචාරය කරන අවස්ථා වලදී යුද හමුදා මාර්ග බාධක ඉවත් කර තිබූ අතර මාර්ගවල නිළ ඇදුමින් ආරක්ෂක කටයුතු වල යෙදී සිටි හමුදා භට පිරිස් ද දැකගැනීමට නොහැකි වූ බවද වාර්තා වෙයි. යාපනයට ඇතුල්වල වාහන පරීක්ෂා කිරීම සදහා අලිමංකඩ පිහිටා තිබූ හමුදා මුරපොළ ද කොමසාරිස්වරියගේ පැමිණීම නිසා වසා තිබූ බව ද, මීට පෙර සෝදිසිකිරීම්වල නිරතව සිටි හමුදා භටයන් මෙම ප්‍රදේශයේ දැක්නට නොලැබුනු බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි. එපමණක් ද නොවේ සමහර ස්ථානවල මීට පෙර මුරපොළවල් තිබුණාදැයි සොයා ගැනීමටවත් නොහැකි වන සේ ඒවා ඉවත්කරගෙන තිබූ බවත් වාර්තා විය.

මහකොමසාරිස්වරියගේ යාපනය සංචාරය අතරතුර සිදු වූ මෙම තත්ත්වය පිළිබදව, දෙමළ ජාතික සංධානයේ, පාර්ලිමේන්තු මංත්‍රී එස්. ශ්‍රීදර්න්ගෙන්, ඊයේ(29) අප කල විමසීමකදී ද ඔහු ඒ බව තහවරැ කළේ ය. ඒ පිළිබදව ශ්‍රීධරන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් තුමිය උතුරට සංචාරයේ යෙදී සිටී අවස්ථාවේදී හමුදා භටයන් දැක ගන්න පුළුවන් වුණේ නැහැ. එදින හමුදා භටයන් කඳවුරු තුළ සිටියා. නමුත් අද ඒ පිරිස සාමාන්‍ය පරිදි පිටතට පැමිණ සිටිනවා. එක් එක් පාර ගාණේ තිබුණු මුරපොලවල් හමුදාව විසින් ඉවත් කර තිබුණු අතර මුරපොළවල් කිහිපයක් නොපෙනෙන අන්දමට වසා තිබුණා. දැන් ඒ මුරපොළවල් නැවතත් යථා තත්ත්වයට පැමිණ තිබෙනවා. කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණ විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ කටයුතුවලට නිරතවී සිටිනවා.” යැයි ඔහු පැවසීය.

මහකොමසාරිස්වරිය හමු වු අයට තර්ජන

“ඔබලාගේ දරැවන් අතුරැදහන් වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්, කොමසාරිස්වරියට පෙත්සම් දී තිබෙනවා. දරැවන්ට වූ ත්ත්වයම තමයි, ඔබලාටත් වෙන්නේ.”

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමු වී තම් මුහුණ දෙමින් සිටින තත්ත්වයන් පැහැදිලි කළ බොහෝ ජනයාට මේ වනවිට නාදුනන කණ්ඩායම්වලින් තර්ජන එල්ලවන බවත් වාර්තා වෙයි. “ඔබලාගේ දරැවන් අතුරැදහන් වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්, කොමසාරිස්වරියට පෙත්සම් දී තිබෙනවා. දරැවන්ට වූ ත්ත්වයම තමයි, ඔබලාටත් වෙන්නේ.‘‘ යැයි පසුගිය 27වනදා 06.45ට පමණ මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ නිවසකට යතුරැපැදියකින් ගිය නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි නිවැසියන්ට ඒ අන්දමින් තර්ජනය කර තිබෙනවා. ඒ සමග මුල්ලිවෛක්කාල්, කේපාපිලව් සහ පුදුමාතලන් ප්‍රදේශයේදී කොමසාරිස්වරිය වෙත කරුණු පැහැදිලි කර පිරිසගේ තොරතුරැ හමුදාව රැස්කරමින් සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබදව ශ්‍රීධරන් මංත්‍රීවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ, “මුලතිව් සහ යාපනය යන ප‍්‍රදේශවල නවනීදන් පිල්ලේයිතුමිය හමුවූ පිරිස පිළිබඳ විස්තර හමුදා බුද්ධි අංශ විසින් එක්රැස් කරන බව ආරංචි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, පසුගිය 28වනදා කිලිනොච්චියේ පැවැති දෙමළ ජාතික සන්ධාන රැස්වීමට, ත‍්‍රස්ත මර්ධන ඒකකයේ 60 දෙනෙක් පමණ සිවිල් ඇඳුමෙන් සිටියා. ඒ පිරිස රැස්වීමට සහභාගි වූ ජනතාව ඡායාරූප ගතකළ අතර වීඩියෝද ගත්තා. මෙම කි‍්‍රයාව නිසා රැස්වීමට සහභාගි වී සිටී ජනතාව පිටත් වී යාමට පටන් ගත්තා. උතුරේ 27වනදා තිබුණු තත්ත්වයට හා අද තිබෙන තත්ත්වයේ බොහෝ වෙනසක් තිබෙනවා.” යැයි ඔහු පැවසීය.

කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය උතුරේ සංචාරයට පෙර, අවසාන යුද සමයේ විනාශ වූ දහස් ගණන් රථවාහන කොමසාරිස්වරිය පැමිණ දිනයේ දක්නට නොලැබුනු අතර ඒවා හමුදාව විසින් ඊට පෙර සිකුරාදා බැකෝ යන්ත්‍ර මගින් ඉවත් කළ බව මුල්ලිවෛක්කාල් අපගේ ආරංචිමාර්ග පැවසීය.

DSCF7252

[Photo Credit: DushiYanthini Kanagasabapathipillai | passionparade]