රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කරනු ලබන්නේ ලංකාවේ සිවිල් සංවිධාන වල සහය ද ලබා ගනිමිනි.

පානම ජනතාව සහ සිවිල් සංවිධාන එක්වී වසර ගනනාවක් පුරා දිගින් දිගටම අරගල කිරීමේ ප්‍රථිපලයක් ලෙස, ඉඩම් අහිමි පානම ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන බවටත් ඔවුන්ට එම ඉඩම් යළි ලබා දෙන බවටත් ‘යහපාලන‘ ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවකින් දැනුම් දෙන්නේ 2015 පෙබරවාරි 11 වනදාය.

නමුත් කැබිනට් පත්‍රිකාව නිකුත් කළත් ඉඩම් බලධාරියා වන ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ සෝමරත්න දිගින් දිගටම ඉඩම් යළි ලබා දීමේ කටයුතු මගහරිනු ලබන බැවින් පානම ජනයා පසුගිය මාර්තු 26වන දින යළිත් තමන්ගේ ඉඩම්වල පදිංචියට යෑමට තීරණය කරන අතර, ප්‍රාදේශීය ලේඛම්වරයා විසින් නැවතත් ලිඛිතව දන්වනු ලබන්නේ මෙම මස(ජූනි) 30ට පෙර ඉඩම්වලින් ඉවත් වන ලෙසයි.

මේ තත්ත්වයට විරෝධය දක්වමින් ‘යහපාලනයේ කැබ්නට් තීරණය විහිලුවක්?‘ යන තේමාව මුල් කර ගනිමින් උද්ගෝෂණයක් ඊයේ(21) පානම දී පැවැත්වුනු අතර පානම ඉඩම් අහිමි මිනිසුන් සහ සිවිල් සංවිධානවල විශාල පිරිසක් එයට සහභාගී වී සිටියේ ය.

එහිදී ඔවුන් ‘යහපාලන‘ ආණ්ඩුවට පවසා සිටියේ,

‘අපේ ඉඩම්වලින් අපිව අයින් කරන්න උත්සහ කරන්න එපා. ඒහෙම කිසිවෙකුත් හෝ උත්සාහ කලොත් මහා විනාශයක් වෙවි. මේවා අපේ ඉඩම්, යහපාලනය පොරොන්දු උනා ඒවා අපිට ලබා දෙනවා කියලා. කරුණාකරලා බොරු කරන්නේ නැතිව මේක විසදලා දෙන්න‘

පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ සේයාරෑ සටහනයි.

3N7A0270

3N7A0277

IMAG4760

IMAG4761

IMAG4781

3N7A0263

IMAG4767

More Image: here

සබැදී සටහන්- පානම ඉඩම් කොල්ලය අලුත් වටයකින් | ‘අපේ බිම් වලින් අපි අයින් වෙන්නේ නෑ‘ පානම මිනිසුන්

පානම ඉඩම් මුදලාලිලාට යන ලකුණු!