‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීමේ අරමුණින් 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකගතාවයක් ඇති කර ගන්නා ලදි. එය නම් ‘International Day to End Impunity for Crimes against Journalists / A/RES/68/163 ලෙස බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනයක් ලෙස සම්මත විය.

#ENDImpunity ලංකාව තුළ..!!!

විශේෂයෙන් ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය සේවකයන්ට වෙත එල්ල කල කිසිදු අපරාධයකට මේ දක්වා කිසිවෙකුවත් නීතිය හමුවේ වරදකරුවෙකු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. 2004 සිට 2010 දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව JDS වාර්තා කරයි. (1982 සිට ජනවාරි මස පමණක් ජනමාධ්‍යට එල්ලකරන ලද අපරාධයන් ගණන ද සුලුපටු නොවේ. බලන්න. ඒවාට ද මේ වන තෙක් යුක්තිය ඉටු වී නැත.)

මේ අපරාධ කිසිවක්ට ‘යුක්තිය’ ඉටු කිරීමට මෙතෙක් බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට නොහැකි විය.එය එසේ වන්නේ ඇයි?

මේ කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම් හා වධහිංසා කිරීම්, තර්ජනය කිරීම්, ජනමාධ්‍ය අයතනවලට පහරදීම් හා ගිනිතැබීම් විශාල ප්‍රමාණයක් සිදු වූ අතර, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කිසිදු ආණ්ඩුවක් මෙතෙක් සමත්ව නැත.

ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකෙරුණු, මෙතෙක් යුක්තිය ඉටු නොවූ අපරාධ රාශියක් අතුරින්, ජනමාධ්‍යට එල්ලකරන ලද අපරාධ කිහිපයක් පමණක් පහතින් දක්වමු!. ඒ (නොවැම්බර් 2) අද ට යෙදී තිබෙන “‘International Day to End Impunity for Crimes against Journalists“ නිමිත්තෙනි.

පිංතූර විශාල කර බැලීම සදහා ඒ මත ක්ලික් කරන්න