සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media

චැනල් 4 නවතම වීඩියෝවේ ඇසින් දුටු සාක්ෂි

Screen Shot by – Channel4 – killingfields
ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව ප‍්‍රචාරය කර ඇත.

‘ප‍්‍රනාන්දු’ සහ ‘සස්රුත’ යනුවෙන් එම වීඩියෝ පටයේ හමුදා සාමාජිකයින් දෙදෙනා හඳුන්වා දී ඇති අතර, ‘ප‍්‍රනාන්දු’ නැමති අය අවසන් යුද සමයේදී යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ සේවය කළ බවට චැනල්-4 එම වීඩියෝ පටයෙන් පවසා සිටී.

වගකීම් විරහිතව කි‍්‍රයා කිරීමට හමුදාවට අවසර ලැබුණු බවත්, ඔවුන් කුඩා ගිනිඅවි වලින් සාමාන්‍ය මිනිසුන්, කාන්තාවන් සහ ළමුන් ඝාතනය කර බවත් ‘ප‍්‍රනාන්දු’ පවසයි.

සිදු කළ එම ඝාතනයන් සැගවීම සඳහා ඒවා සමූහ මිනීවලවල් වලදැමූ බව ඔහු පැවසු බව චැනල්-4 කියා සිටියි.

තම කාර්යය ‘අවසන් කරන ලෙසට’ නියම වූ බවත්, පුදුමාතලන් ප‍්‍රදේශයේදී පුද්ගලයින් 1,500ක් දෙනා ඇතුළුව පුද්ගලයින් 50,000ක් පමණ දෙනා ඝාතනය කර ඇති බව තමන් දුටු බවත් ‘ප‍්‍රනාන්දු’ වැඩිදුරටත් පවසා තිබේ. එසේම යුද්ධය අවසන් අවසන් අවස්ථාවේ බාර වීමට පැමිණියා යැයි කියන පුලිදේවන් සහ නඩේසන් යන දෙදෙනා ඉවර කරන්නැයි නියෝග ලැබුණු බවත් එම වීඩියෝ පටයේ ප්‍රනාන්දු නැමති පුද්ගලයා පවසයි.

මෙම සම්පූර්ණ ව්ඩියෝ පටය සදහා පිවිසෙන්න..Exclusive: New Sri Lanka \'war crimes\' evidence