සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

අතුරැදහන් කිරීම්වලට විරැද්ධව කොළඹදී උද්ඝෝෂණයක්


පසුගිය දෙසැම්බර් 09වනදා යාපනයේදී පැහැරගත් ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්කරවීම ඇතුළු සියලු අතුරුදහන්කරවීම්වල විරෝධය පළකරමින් අද (21 ) කොළඹදී උද්ඝෝෂණයක් සහ රැලියක් පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියෙන් සවස 2ට ඇරඹි විරෝධතා පාගමන කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයට පැමිණි උද්ඝෝෂකයෝ එහිදී රැලියක් පවත්වමින් සිය විරෝධය ආණ්ඩුවට ප්‍රකාශකරමින් බල කර සිටියේ ලලිත් සහ කූගන් පැහැර ගත්තේ හමුදාව විසින් බවත් එබැවින් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් ය.

මෙම විරෝධතා රැළිය සඳහා ලංකා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, පීපල්ස් මාර්ච් සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු දේශපාලන පක්ෂ මෙන්ම සංවිධානවල නියෝජිතයන් ද එක්ව සිටියේ ය. මෙය සංවිධානය කරන ලද්දේ ජනරළ ව්‍යාපාරය විසිනි.

මේ එහිදී භාවිතා කළ සටන් පාඨ කිහිපයක්

‘‘රාජපක්ෂ – ජුන්ටාවයි
ඉදුල් බුදින – බත් බැලයොයි

තරැණයන්ව – පැහැරගනීයි
යාපනයේ – යකා නටයි

රාජපක්ෂ – මේ අහපන්
මැර හමුදා හකුල – ගනින්

යාපනයේ – ජනතාවට
කෙනෙහිලිකම් – නවත්තපං‘‘

මේ එම උද්ඝෝෂණයේ අවස්ථාවන් කිහිපයක්.