සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Stories from the silent

ඇමරිකාව, ජිනීවා, ශ්‍රී ලංකාව සහ මානව හිමිකම්(Video Interview)


‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ

”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා. මොකද කතා කරන්න විදිහක් නැහැ. කතා කරපු ගමන්ම දේශප්‍රේමියෙක් හරි දේශද්‍රෝහියෙක් හරි කියලා ඉතාම සරල බෝඩ් එකකින් දීර්ඝ කාලීනව කතා කළ යුතු දේවල් සම්පූර්ණයෙනම් මර්ධනය කරලා තියෙනවා. උදාහරණයක් විදහට විකල්ප මතයක් දරන ඕනෑම අයෙක්ට රට හැර යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව කාටවත් කතා කරන්න බැහැ. මේක තමයි දේශප්‍රේමය කියලා කියන්නෙ.”[youtube]http://www.youtube.com/watch?v=OoOA0RkCXPA&feature=BFa&list=UUHuFqcHZC-Pseoxm-dvWuhw&lf=plcp[/youtube]
_____________________________________________________________________________________________________________________

‛ආණ්ඩුව ධනාත්මකව හිතුව නම් එල්.ටී.ටී.ඊ එකට දිගටම යුද්ධයක් කරගෙන යන්න බැරිවෙනවා.’ – සරත් ප්‍රනාන්දු ( ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය)

“එල්.ටී.ටී.ඊ එක යුද්ධ කරපු ආකාරයට සමහර විට සාධාරණ යුද්ධයකින් එල්.ටී.ටී.ඊ එක පරාජය කරන්න බැරි තත්ත්වයක් තිබුණා වෙන්න පුළුවන්. ඒ වුණත් එල්.ටී.ටී.ඊ එකට යුද්ධයක් කිරීම නොහැකි කිරීමේ තත්ත්වයක් අපිට තිබුණා. ආණ්ඩුව විසින් බහුතරයක් දකුණේ ඉන්න සිංහල ජනයාගේ පක්ෂපාතීත්වය දිනා ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ එක මගින් ඉදිරිපත් වුණු දෙමළ ජනතාවගේ ඇතැම් සාධාරණ යෝජනා නොතකා හැරීමක් දිගින් දිගටම සිද්ධ වුණා. සුනාමි වෙලාවේදී, නැවත ගොඩ නැගීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීත්වයකට එන්න එල්.ටී.ටී.ඊ සංවිධානය කැමැත්තෙන් හිටියා. ඒ වෙලාවේ ඒ අය යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ වෙලාවෙ ඒක අපි පිළිගත්තා නම් ඒ අයට සාමාන්‍ය සිවිල් ක්‍රියාකාරීත්වයට එන්න සිද්ධ වෙනවා. තවත් අවස්ථාවක එල්.ටී.ටී.ඊ එක අන්තර්වාර පාලනය පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ල තුළ ඒ අය ඉතාමත් තර්කාණුකූලව, එවැනි ලියවිල්ලක් ඉදිරිපත් කරන්න අයිතිය ලැබුණෙ කෙසේද කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒ අය ඉල්ලුවෙ අනිත් අයගේ සහභාගීත්වයක් නැතිව තනිකර බලය එල්.ටී.ටී.ඊය සතු පාලනයක් නෙමෙයි. එල්.ටී.ටී.ඊ බහුතර පාලනයක් සහ අනිත් අයගෙ සහභාගීත්වයක් සහිත සිවිල් පාලනයක්. ඒ වගේ අවස්ථාවක ආණ්ඩුව ධනාත්මකව හිතුව නම් එල්.ටී.ටී.ඊ එකට දිගටම යුද්ධයක් කරගෙන යන්න බැරිවෙනවා.” [youtube]http://www.youtube.com/watch?v=6zvJDX70DN8&feature=BFa&list=UUHuFqcHZC-Pseoxm-dvWuhw&lf=plcp[/youtube]
_____________________________________________________________________________________________________________________
‛පිටත තියෙන දේකට සතුටු වෙන්න ගත්තාම මම හෙළුවෙන් ඉන්නෙ කියන එක අමතක වෙනවා.’ – තුසිත ලක්නාත් (රංගන ශිල්පී, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක)

“ඇමරිකාව වුණත්, තමන්ගෙ ආර්ථිකය කඩා වැටිලා තියෙද්දි සිරියාවට ගහන එක තමයි උලුපන්නෙ. ඒක එක්තරා විදිහකට දේශපාලන න්‍යායක් විදිහට ගොඩක් රටවල් භාවිතා කරනවා කියලයි මට හිතෙන්නෙ. තමන්ගෙ තියෙන ප්‍රශ්න වහගන්න එලියෙ තියෙන දේට ප්‍රක්ෂේපනය කළාම මිනිස්සු ඒක මරුනෙ කියලා ඒක ගන්නවා. අඩු ගානේ ග්‍රහලෝක ප්‍රශ්නයක් හරි අපේ ප්‍රශ්න විදිහට නිර්මාණය කරනවා. පිටත තියෙන දේකට සතුටු වෙන්න ගත්තාම මම හෙළුවෙන් ඉන්නෙ කියන එක අමතක වෙනවා. මේක දේශපාලන න්‍යායක් විදිහට භාවිතා කරන්නෙ එකක් ආර්ථික,සමාජීය අර්බුද හමුවේ ඒවාට විසඳුම් සොයන එක හරිම අමාරු වැඩක්. ඒක එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙමයි. නමුත් ජනමාධ්‍ය මූලික කර ගත්ත සමාජයක ජාතිය ගැන වගේ දෙයක් ගැන හැඟීමක් ඇති කරන එක හරි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්.” [youtube]http://www.youtube.com/watch?v=IkB7PthDg8Q&feature=BFa&list=UUHuFqcHZC-Pseoxm-dvWuhw&lf=plcp[/youtube]
_____________________________________________________________________________________________________________________
‛උතුරු නැගෙනහිර අවුරුදු 15ට අඩු ළමයි 225ක් පමණ ගැබ් අරගෙන කියලා ආරංචි මාර්ග වලින් කියනවා.’ – පද්මා පුෂ්පකාන්ති (සවිස්ත්‍රි කාන්තා සංවිධානය)

“රටපුරා අසූපන්දහක පමණ යුධ වැන්දඹු කාන්තාවන් ඉන්නවා. මේ අයගෙන් බොහොමයක් අවුරුදු 30 ට අඩු කාන්තාවන්. උතුරු නැගෙනහිර අවුරුදු 15ට අඩු ළමයි 225ක් පමණ ගැබ් අරගෙන කියලා ආරංචි මාර්ග වලින් කියනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නෙ එල්.එල්.ආර්.සී වාර්තාවේ කාන්තාවන් සම්බන්ධයෙන් නිශ්චිතවම සඳහනක් නැහැ. නමුත් කාන්තාවන්ගෙ යහපත වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා සඳහනක් තියෙනවා. ඒක ඇත්තටම ප්‍රමාණවක් නැහැ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කාන්තාවන් දැනට අවුරුදු 30 ක සිට සහ ඊට පෙර සිට පීඩනයට පත් වෙමින් සිටිනවා. දකුණෙ ඉන්න කාන්තාවන්ට දැනෙන පීඩනය ඊට වඩා අඩුයි. දකුණෙ ඉන්න කාන්තාවන්ට තියෙන්නෙ වෙනත් ප්‍රශ්න වගයක්. ඒ වගේම ඉඩම් අයිතිය ගත්තාම ස්ත්‍රියක් වීම නිසාම ඉඩම් අයිතිය අහිමි වෙන අවස්ථා තියෙනවා, මේ තියෙන සංවර්ධන ක්‍රියාවලිය නිසා තමන්ගෙ උපන් ගම් බිම් අහිමිවෙමින් යන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේවට මානව හිතවාදී ආකාරයේ විසඳුමක් හොයනවා විනා,ප්‍රචණ්ඩකාරී ලෙස මිනිසුන්ව මර්ධනය කරලා පිළිතුරු හොයන්න යාම, තවත් ප්‍රශ්නයකට මුල පිරීමක් විතරයි.” [youtube]http://www.youtube.com/watch?v=_eFGd8s5PIk&feature=BFa&list=UUHuFqcHZC-Pseoxm-dvWuhw&lf=plcp[/youtube]

_____________________________________________________________________________________________________________________


‛ආණ්ඩුව උත්සාහ කළේ කොමිසමේ තිබෙන නිර්දේශ හමස් පෙට්ටියට දාන්න තමයි.’- සත්‍යවේල් පියතුමා

“ආණ්ඩුව කරන්නෙ රඟපෑමක් කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නෙ. එල්.එල්.ආර්.සී නිර්දේශ අළුත් එකකුත් නෙමෙයි. ඒක පැරණි එකක්. මේ රටේ විසඳුමක් බලාපොරොත්තු වුණු ජනතාව එදා ඉඳලා කියපු කාරණා තමයි එල්.එල්.ආර්.සී එකේ කියලා තියෙන්නෙ. මේ මොහොතේදී රජය විසින් ජනතාව පෙළ ගස්වන කාරණය පැහැදිලියි. ඊට කලින් සතියෙ වුණු දේවල් අපි දන්නවා. ඊට කලින් සතියෙදි තෙල් මිල ඉහළ ගියා. ජනතාව පාරට බැස්සා. හැම තැනම උද්ඝෝෂණ තිබුණා. ඊට කලින් එළවළු කූඩ සම්බන්ධයෙන් ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න තිබුණා. ඉතින් ජනතාව පාරට බහින මේ මොහොතේදී ඔවුන්ට වෙන විකල්පයක් තිබුණෙ නැහැ. ඒ නිසා තමන්ගෙ හයිය පෙන්වන්නට ජනතාව පාරට බැස්සුවා. මේ කොමිසම පවා පත්කළේ මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ජාත්‍යන්තරයට අපි මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ දරන බව කියන්නයි.ඉතින් ආණ්ඩුව උත්සාහ කළේ කොමිසමේ තිබෙන නිර්දේශ හමස් පෙට්ටියට දාන්න තමයි. දැන් ජාත්‍යන්තරය මේක ක්‍රියාත්මක කරන්න කියලා ඒක අතට ගන්නවා. දැන් ආණ්ඩුවට නිකං ඉන්න බැහැ. ” [youtube]http://www.youtube.com/watch?v=if-T02DesT8&feature=BFa&list=UUHuFqcHZC-Pseoxm-dvWuhw&lf=plcp[/youtube]

_____________________________________________________________________________________________________________________