iMAGE: Vikalpa

ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28 ක් පමණ ක්ෂුද්‍ර මුල්‍ය ණය උහුලේ සිර වී තිබෙන අතර එයින් ලක්ෂ 24 ක්ම කාන්තාවන්ය. විශේෂයෙන්ම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ  අත්තොනෝමතික ක්‍රියාවලිය හේතුවෙන් මෙරට ග්‍රාමීය ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ.

කෙසේ වෙතත් ඉතා අවාසනාවන්ත ලෙස ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් මේ වන විට 200 කට ආසන්න වූ පිරිසක් සිය දිවී හානි කොට තිබෙන අතර ක්ෂුද්‍ර මුල්‍ය ණය ප්‍රශ්නයේ ගොදුරු බවට ග්‍රාමීය, අඩු ආදායම් සහිත පවුල් ගණනාවක්ම මේ වන විටත් පත් වී තිබේ .සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී කල් බදු ලිසිං සමාගමක මැරයන් විසින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය හේතූ කොට ගෙන මේ මාතෘකාවන් නැවත සාකච්ජාවට පැමිණ තිබේ.

අනෙක් අතට විශේෂයෙන්ම කොවිඩ් 19 තත්වය හමුවේ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව තවත් උග්‍ර තත්වයට පැමිණ තිබේ. ඒ අනුව මේ සම්බන්ධව දීර්ඝ කාලයක් පුරා ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තාවන් එකමුතුව සමඟ කටයුතු කරන, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සමඟ ව්කල්ප අප කෙටි විමසීමක් කළෙමු. මේ ඔහු අප වෙත දැක් වූ අදහස්

ලක්ෂ 28 කට බලපාන ප්‍රශ්නයක් ඇයි මේ රටේ තීරණාත්මක නොවෙන්නේ ?

 

 

ෆේස් බුක් ඔස්සේ නැරඹීමට

කියවන්න

“අත්තඩංගුවට ගන්නවා තමුසේව, ඒ ඉස්සර දැන් බෑ, ගන්නවා මෙයාව ගන්නවා, තල්ලු කරලා දානවා ඔකුන්ව” ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධයට පොලිස් තග