විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ  පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට මානව හිමිකම් මත පදනම් වූ වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” (සමාජ මාධ්‍ය ප්‍රකාශනය අන්තර්ජාලය ඔස්සේ සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කියවීමට සහ භාගත කිරීමට මෙම වෙබ් ලිපිනයට  පිවිසෙන්න (http://www.socialmedialanka.org/smd/) එළිදක්වන ලද්දේ සමාජ මාධ්‍යය ප‍්‍රජාව දිරි ගැන්වීමේ අරමුණ සහිතව ඒ සඳහා වන මුලික සංකල්පය හා සංවිධාන ශක්තිය ලබාදෙමිනි.

ඒ අනුව සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම  සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී සංවිධාන, මානව හිමිකම්,ළමා අයිතිවාසිකම්, කාන්තා හා ආන්තික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇතුලු පාර්ශව 19  දායකත්වයෙන් නිම කරන “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” අදහස් පළ කිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලංඝනීය වැදගත්කම හඳුනා ගැනීමට දැරූ ප‍්‍රයත්නයකි.

විශේෂයන්ම මෑත කාලීනව රටේ උද්ගතව ඇති විවිධ සමාජ ආතතීන් නිසා “සමාජ මාධ්‍යය” කෙරේ රට තුළ ඇති වී තිබෙන උද්යෝගය හා විවිධ ධනාත්මක හා සෘණාත්මක කතිකාවන් හමුවේ ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, සමාජ මාධ්‍යය පරිශිලකයින් යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම අතවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ.

ඒ අනුව සකස් කරන ලද මග පෙන්වීම් මාලාවසමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුව, සමාජ මාධ්‍යය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් මෙහිලා පැහැදිලිව සදහන් කොට තිබේ.

රාජ්‍ය මැදිහත්වීමෙන් තොරව නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය භුක්ති විදිමින්, සියලු පුරවැසියන්ගේ මානව අයිතීන්ට හා ප්‍රකාශනයේ නිදහසට ගරු කළ හැකි, අගතිගාමී ,හිංසාවෙන් හා වෛරයෙන් තොර ඔන්ලයින් අවකාශයක් නිර්මාණය කර ගැනීමට පරිශීලකයින්ට  ස්වයං  පාලනයකින් යොදා ගත හැකි නිර්ණායකන් මෙහි අඩංගු වේ.

ඔන්ලයින් අවකාශය තුළ ජාතිකත්වය, ආගම, කුලය, ලිංගික දිශාන්නතිය, ස්ත්‍රී, පුර්ෂ භාවය හෝ වෙනත් කරුණක් මත පදනම්ව අනාරක්ෂිතභාවයක් ඇති නොවීම සඳහාත්, ඒ හරහා  මුලික මිනිස් අයිතීන් කඩවීමට ඇති අවකාශය අවම කිරීමටත්, එහිලා මැදිහත් වීමටත්  මෙහි පාර්ශවකරුවන් එකඟ වී තිබේ.

කෙසේවෙතත් පසුගිය කාලය පුරා අර්බුධකාරී අවස්ථාවන් රජය විසින් ඇතැමි සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම තාවකාලික ලෙස අත්හිටවූ අවස්ථා අපි දුටුවෙමු. එහෙත්  2017 නොවැම්බර් 23 නවදිල්ලියේදී පවත්වන ලද සයිබර් අවකාශය පිළිබද ගෝලීය සමුළුවේදී අන්තජාලයේ ක‍්‍රියාකාරීත්වය ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වී තිබේ. ඒ අනුව ඒ අයිතිවාසිකම් වෙනුවෙන් රජයට බලකිරිමත්, එපමණක්ද   නොව පවතින නීති රාමුව තුළ ලංකාව අත්සන් තබා දේශීය නීතියට අපරානුගත කොට ඇති ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පිලිබඳ පනත හරහා සඵල කිරීමට අපේක්ෂිත මුලික මිනිස් අයිතීන් ආරක්ෂා කිරීමට මිස, සමාජ මාධ්‍යය අවකාශයන් හිදී එය  පුද්ගල නිදහස සිමා කිරීමට  යොදා නොගන්නා බවටත් රජය සහතික වීම අපි දැඩි ලෙස අපේක්ෂා කරමු.

විශේෂයෙන්ම වසරක කාලයක් පුරා කරන ලද පර්යේෂණාත්මක කාර්යභාරයක දිගුවක් වන  “සමාජ මාධ්‍ය ප්‍රකාශනය”  සමාජයට යා කිරීමට අත්‍යවශ්‍ය වන දිගු කාලින ක්‍රියාවලියක මැදිහත්වීම, ඒ වෙනුවෙන් වන පර්යේෂණාත්මක පසුබිම, පුළුල් සමාජමය දායකත්වයක අවශ්‍යතාවයත්වය තවදුරටත්  හදුනා ගෙන සිටින ‘විකල්ප’ වෙබ් අඩවිය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන පුළුල් මැදිහත් වීම වෙනුවෙන් මේ කෙරෙහි උනන්දුවක් ඇති සියලු සමාජ මාධ්‍ය පරිශිලයකන්ට මෙන්ම සංවිධාන/ කණ්ඩායම් ඇතුලු උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ට ඒ සඳහා සම්බන්ධ වෙන ලෙස ද ආරාධනා කර සිටියි.

 

 

ඒ අනුව යමින් එහි පළමු පියවර ලෙස  එළි දක්වන   “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  හි අත්සන් ගත පාර්ශව කරුවන්ගේ සංවිධාන ශක්තිය ඇතුව  ග්‍රාමීය මට්ටමින්, ජනතාවට සමීප කළ හැකි ලෙස  සමාජ මාධ්‍ය පරිශීලනය කරන ග්‍රාමීයව වෙසෙන තරුණ තරුණයින්, ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්, බිම් ගත තරුණ නායක නායිකාවන්, ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් ඇතුලු බොහෝ දෙනෙකු වෙත ජන ගත කිරීමට  අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්  තුළදී අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව එහි මුලික වටයේදී එක්දින වැඩමුළු 10 ක්  මහියංගනය, මහනුවර, කෑගල්ල, කොළඹ , යාපනය, වවුනියාව, අම්පාර , මඩකලපුව, බණ්ඩාරවෙල සහ මොණරාගල  යන නගර කේන්ද්‍ර කර ගනිමින් සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් පැවැත්වීමට සැලසුම් කොට තිබේ. මෙම වැඩමුළු අවසානයේදී දිවයින පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් සැදුම් ලත් ක්‍රියාකාරී ජාලයක් නිර්මාණය කිරීමට සැලසුම් කොට තිබේ.

විශේෂයෙන්ම , දිවයින පුරා විසිරි සිටින උනන්දුවක් දක්වන පාඨක ඔබට ද මේ සඳහා සහභාගී වීමට  අවස්ථාවක් ලබාදීමට අප තීරණය කොට තිබේ.

ඔබ සමාජ මාධ්‍ය පරිහරණය කරන, මෙම වැඩමුළු සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වන, අදාළ නගර ආශ්‍රිතව පදිංචි වයස අවුරුදු 18 වැඩි වයස අවුරුදු 55 අඩු  කෙනෙකු නම් විකල්ප (vikalpa) ෆේස් බුක් ගිණුම හරහා ඔබේ විමසීම් යොමු කිරීමෙන්ද , පහත දුරකතන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ ඇමතීමෙන්ද, එසේත් නැත්නම් පහත ලිපිනට ඊමේල් පණිවිඩයක් යොමු කිරීමෙන්ද මේ සඳහා සහභාගී වීමට හැකියි. “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” සම්බන්ධ ටුවිටර් සෙවීම් සඳහා #EngageSMinSL හෑෂ් ටැගය භාවිතා කරන්න.

WhatsApp- 0777 393 8374

Email- [email protected]/ [email protected]