iMage: kumanan @kumanan93

පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින් උතුරු සහ නැගෙනහිර පළාතේ සැලකිය යුතු ප‍්‍රදේශයක් පාලනය කළ කාලසීමාව නැවත සිහිගන්වනු ලැබිණි. මෙම විරෝධතා දැක්වීම ශ‍්‍රීී ලංකාව නිදහස් දිනය සැමරීමට සමාන්තරගතව සිදුවුණු අතර එමගින් ශ‍්‍රී ලංකා රජයේ නීත්‍යානුකූලභාවය ප‍්‍රතික්ෂේප කිරීමත් රජය මගින් දෙමළ ජනතාව පාලනය කිරීම අඛණ්ඩව ප‍්‍රතික්ෂේප කරන බව නැවතත් මතක් කර දෙනු ලැබිණි. මෙම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දෙමළ ජාතිකත්වය පිළිිගැනීම මත පදනම් වූ අතර සමූල ඝාතනයන් හා රජය විසින් සිදුකරගන යනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් අන්තර්ජාතික මැදිහත්වීමක් මගින් යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සිටීමක් ද පෙන්නුම් කරනු ලබයි.

ශ‍්‍රි ලංකාවේ ඉතිහාසය පුරාවටම රාජ්‍ය බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව විරෝධතා පවත්වා ඇත්තේ දෙමළ ප‍්‍රජාව විසිනි. දෙමළ ජාතිකත්වය පැනනැගුනේ ආරක්ෂණ යාන්ත‍්‍රණයක් ලෙසය. සිංහල බෞද්ධ ජාතිය ගොඩනැංවීමේ ක‍්‍රියාකාරකම්, එනම් පළමුව නීති සම්පාදනය කිරීමෙනුත් දෙවනුව ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් සමූහ ඝාතනය තුළින් සමස්ථ ද්‍රවිඩ ජනතාව විනාශ කිරිමේ අධිෂ්ඨානයෙන් යුතුව සිදුකරන ලද ක‍්‍රියාකාරකම් වලින් ආරක්ෂාවීමේ බලකොටුවක් ලෙසිනි.

මේ අනුව අද මෙන්ම එදාත් සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට පවත්නා ප‍්‍රධාන බාධාව වන්නේ දෙමළ ජාතික අනන්‍යතාවයයි. ශ‍්‍රී ලංකාවේ ගැටුම් වලට මූලික සාධකය වුයේ මෙම දෙපාර්ශවය අතර පවත්නා ප‍්‍රතිවිරෝධතාවයයි. දෙමළ ජාතිකත්වය ප‍්‍රකාශයට පත්වී තිබෙන ආකාරය ශ‍්‍රී ලංකාවේ මහා මතවාදය එනම් මූලික වශයෙන් වන සිංහල බෞද්ධ වෘත්තාන්තයට සෘජුව අභියෝග කරනු ලබයි. එබැවින් දෙමළ ජාතිකත්ව දේශපාලනය ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය ප‍්‍රතිසංශෝධනය කිරීමේදී ප‍්‍රධාන හා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙය ප‍්‍රතිසංශෝධන ක‍්‍රියාවලියේදී දෙමළ ජාතිකත්වය සමග සම්බන්ධ වී වැඩකිරීමට උපකාරවන්නාවූ බහුත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් ඇතිකරගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ අභිමතාර්ථයක් වේ.

#P2P ව්‍යාපාරයේ මූලික සංරචකයන් මගින් ශ‍්‍රි ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව 1956 දී සිදුවූ පළමු ප‍්‍රතිවිරෝධතා අත්දැකීම් සිහිගන්වනු ලබයි. ශ‍්‍රී ලංකාව නිදහස ලබා වසර 8 ක් ගතවීමෙන් පසුව ගෙන එන ලද සිංහල පමණක් යන පනතට එරෙහිව පවත්වන ලද විරෝධතාවයකට දේශපාලකයින් විසින් මෙහෙයවන ලැබූ සහ නායකත්වය දෙනු ලැබූ මැරයින් කඩා වැදුනහ. මෙම ප‍්‍රචණ්ඩත්වය දෙමළ ජනතාවගේ ව්‍යාපාර ඉලක්කකර ගනිමින් කොළඹින් ආරම්භ වූ අතර, පසුව එය දෙමළ ජාතිකයින් බොහෝදෙනෙක් ට මරණය ලගා කරමින්, පසුව ගල්ඔය ජනපදය ද ඇතුලුව වෙනත් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත විය. සති ගණනාවකට පසුව දෙමළ ජාතිකයින් විසින් යාපනය, මඩකළපුව සහ දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල නගර හා ගම්වල විරෝධතාවන් පවත්වන ලදී. ඔවුන්ගේ ගමනාත්තය වූයේ වසර කිහිපයකට පෙර දෙමළ නිජභූමියේ අගනගරය ලෙස ෆෙඩරල් පක්ෂයේ නායක සහ දෙමළ ජනාවගේ පියා ලෙසින් හඳුන්වනු ලබන චෙල්වනායගම් විසින් හඳුන්වන ලද ත‍්‍රිකුණාමලයේ දී පවත්වන ලද ෆෙඩරල් පක්ෂයේ වාර්ෂික සම්මේලනයයි. දෙමළ ජනයාට ස්වාධීන පාලනයක්, භාෂා අයිතිවාසිකම්, උතුරු නැගෙනහිර පළාත්වල සිදුකරනු ලබන සිංහල ජනාවාසකරණය නැවැත්වීම සහ උඩරට දෙමළ ජනතාවට බලපාන පුරවැසි නීති අවලංගු කරගැනීම සඳහා සිවිල් නීතිවලට අවනත නොවී සිදුකරන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ත‍්‍රිකුණාමලයේදී ෆෙඩරල් පක්ෂය තීරණය කරන ලදී.

ඉන්පසු සිංහල බෞද්ධ රාජ්‍යට එරෙහිවූ ප‍්‍රතිරෝධය තීව්ර විය. මෙම ප‍්‍රතිරෝධය ප‍්‍රචණ්ඩකාරී සහ ප‍්‍රචණ්ඩකාරී නොවන යන ද්විත්ව ස්වරුපයෙන් වසර 65 පුරා පැවත එන අතර එමගින් නිර්මල අඛණ්ඩ සත්‍යයක් ගෙනහැර දක්වයි. දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළත්වල ඔවුන්ගේ නිජභූමියෙහි සහ විදේශයන්හි වාසය කරන දෙමළ ජාතිය ශ‍්‍රී ලාංකීය රජය මගින් ඔවුන්ගේ සමස්ථ ප‍්‍රජාව මත පැටවීමට උත්සාහ කරනු ලබන සිංහල බෞද්ධ ආධිපත්‍යය ප‍්‍රතික්ෂේප කරන බවයි.

යුද්ධයෙන් පසුව එවකට පැවැති මර්ධනකාරී පාලනය හමුවේ වුව ද කම්පනයට පත්වී සිටින ජනතාව අතීතයේදී මෙන්ම එක හා සමාන බලයකින් යුතුව ප‍්‍රතිරෝධය දැක්වීමට උත්සාහ කළහ. 2015 දී රජයේ ඇති වූ වෙනස්කම් සමගින් දිවයින තුළ සහ ඩයස්පෝරාවේ ශක්තිය වැඩි කරගැනීමට දෙමළ ජනතාවට කිසියම් අවකාශයක් ලැබිණි. රජය මගින් මෑතකදී සිදුකරන ලද වැරදි සහගත ක‍්‍රියාවන් හමුයේ දෙමළ ජනතාව විසින් දක්වන ලද සාර්ථක ප‍්‍රතිචාරවලින් මේ අන්දමින් යථාතත්වයට පත්වීම මනාව පිළිිඹිබුවේ. දේශිය සහ අන්තර්ජාතික වශයෙන් දෙමළ ජනතාව විසින් සිදුකරන ලද විරෝධතා හමුවේ රජයට යාපනයේ මුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාර්කය නැවත ඉදිකිරිමට සිදුවිය. මෙය අනපේක්ෂිත සහනයකි.

දේශිය වශයෙන් සිදුවුන විරෝධතා දැක්වීම් වලින් මෙන්ම කෝපයට පත්වූ දෙමළ ඩයස්පෝරාවේ බලපැම හමුවේ විදේශ රාජ්‍යයයන් ගණනාවක් විසින් සිදුකරන ලද අවවාද නිසා මෙම වෙනස්වීම් සිදුවූ බවට සැකයක් නොමැත. #P2P විරෝධතා පාගමන මෙයිින් පසුව සිදුවු අතර මෙමගින් දෙමළ ජනතාවගේ අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා නව පැහැදිලි සහ සෘජු ක‍්‍රියාකාරකම් සනිටුහන් කරනු ලැබිණි. ශ‍්‍රී ලංකාව තමන් විසින්ම ස්වයං ප‍්‍රතිසංශෝධනයන් සඳහා ක‍්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන ලද අන්තර්ජාතික අභිලාශයන් සම්පූර්ණයෙන් බිඳවැටීමෙන් පසුව ඇතිවූ ඉච්ඡාභංගත්වය තුළින් ජනිත වූ මෙම ජගත් දෙමළ ප‍්‍රජාවේ විශ්වාසය ප‍්‍රචණ්ඩකාරී නොවන ක‍්‍රියාමාර්ග මගින් රජයට බලපැම් කිරීමට නව මාර්ග සොයාගනු ඇත.

දෙමළ ජනතාවගේ අරගලය තවදුරටත් ව්‍යාප්ත කිරීම හමුවේ දෙමළ ජනතා අභිලාශයන් පිළිබඳ නව අපේක්ෂාවන් ඇතිකරමින් දෙමළ භාෂාව කතාකරන සුලුජාතිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව නව ඉල්ලීම් ඇතුළත් වී තිබෙන බව සඳහන් කළ යුතුය. රජය විසින් සිංහල බෞද්ධ ආධිපත්‍ය පිළිබඳ ව්‍යාපෘතිය අතහැර දැමීම ප‍්‍රතික්ෂේප කිරීම මගින් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන ක‍්‍රියාකාරකම් සහ මුස්ලිම් ජනතාව ව්‍යුහාත්මකව අපයෝජනය කිරීම පමණක් නොව සියලුම ජනතාවට බලපෑමක් ඇතිකරන අසාර්ථක ආර්ථික ප‍්‍රතිපත්තිද බිහිවීමටද හේතුවේ.

ආගමික භාවිතාවන්ට හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට පටහැනිව කොවිඞ් 19 වසංගතය නිසා මිය යන පුද්ගලයින් බලහත්කාරයෙන් අදාහනය කිරීමට ගන්නා ලද පියවර හමුවේ විශේෂයෙන්ම මුස්ලිම් ප‍්‍රජාව කම්පාවට පත්වී සිටී. #P2P විරෝධතා පාගමනට මුස්ලිම් ජාතිකයින් සැලකිය යුතු පිරිසක් සහභාගී වී සිටියහ. මෙය දෙමළ දේශපාලඥයින්ගේ නායකත්වය හා සිවිල් සංවිධාන විසින් පසුගිය වසරේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් නැගූ ශක්තිමත් විරෝධතාවන්හි ප‍්‍රතිඵලයක් ලෙසින් සිදුවූ අතර එමගින් ප‍්‍රචණ්ඩත්වය සහ අවිශ්වාසය පැවැති දශකයකින් පසුව ප‍්‍රජාවන් අතර සමීපත්වය වර්ධනය වීම සිදුවිණි.

වතු වැවිලි කම්කරුවන්ගේ අවම වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය ද මෑත වසරවලදී උඩරට දෙමළ ප‍්‍රජාව විසින් මතුකර ඇත. මෙම ඉල්ලීම් දෙකද විරෝධතා පාගමනේ ඉල්ලීම් අතරට එක්කර තිබිණි. මෙම ක‍්‍රියාමාර්ග මගින් එකමුතුභාවය වර්ධනය වන අතර එතුළින් මානව අයිතිවාසිකම් අපයෝජනය කිරීමට එරෙහි විශේෂ ව්‍යාපාර සහ සියලුම අතීත අපරාධ පිළිබඳව වගවීමත් සම්බන්ධයෙන් ගැඹුරු වැටහීමක් ලබාදීමට හේතුවනු ඇත. ප‍්‍රජාවන් අතර පවත්නා පරතරයන් අඩු කිරිම සඳහා අත්‍යාවශ්‍යවන්නා වූ දුෂ්කර කතිකාවන් සඳහා මෙය උපකාරීවනු ඇත. වැදගත් වුවත් පුදුමයට පත්වීමට කරුණක් නොවන්නේ දකුණේ සිංහල ප‍්‍රදේශයන්හි කිසිදු පෙළපාලියක් නොපැවත්වීමයි. මෙමගින් දෙමළ කතාරන ජනතාව සහ සිංහල ජනතාව අතර මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීම පිලිබඳ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් පවත්නා කැපීපෙනෙන පරතරය සහ රාජ්‍යයේ ජනවාර්ගික ස්වභාවය මනාව පෙන්නුම් කරනු ඇත.

මෙම තත්වයන් යටතේ දෙමළ ජනතාවට මීළගට සිදුකිරීමට ඉතිරිව තිබෙන්නේ කුමක්ද? සහනදායී දේශපාලනය මගින් දිනාගත හැක්කේ අවම ප‍්‍රතිසංශෝධන පමණි. යහපාලන පාලන ත‍්‍රන්තය තුළ යම් වාසිසහගත තත්වයන් නිර්මාණය වී තිබුණත් මේවා ක්ෂණිකව බිඳවැටී තිබේ. පශ්චාත් යුධ සමයේ පැවැති තත්වයට වඩා දිවයිනේ ජනවාර්ගික වශයෙන් බෙදීම ගැඹුුරු වී තිබේ. මේ බව පසුගිය රජය විසින් ගනු ලැබූ පියවරයන් අසමත්වීම මගින් පෙනෙන ලෙස සලකුණු කරනු ලබයි. #P2P මගින් ඇති කරනු ලැබූ බලගැන්වීම මේ සම්බන්ධයෙන් පවත්නා ශක්තිය පෙන්නුම් කරන අතර මෙමගින් මෙම මස අගදී ජිනීවා හිදී පැවැතිවෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසියට පෙර රජයට සහ අන්තර්ජාතික ප‍්‍රජාවට වැදගත් පණිවිඩයක් ලබාදේ.

අන්තර් ජාතික ප‍්‍රජාවේ අවධානයට යොමුවීම අමතරව, මර්දක සිවිල් නීතිවලට ගරු නොකිරීමේ ව්‍යාපාර සිංහල බෞද්ධ අධිපතිවාදයට එරෙහිව සිදුවන පළමුවන මට්ටමේ ප‍්‍රතිරෝධයන් ලෙස ක‍්‍රියාකරනු ඇත. නමුත් දෙමළ ජනතාව විසින් අඛණ්ඩව ප‍්‍රතික්ෂේප කරනු ලබන සිංහල ආධිපත්‍ය සහ එමගින් ශක්තිමත් කරන්නාවූ සිංහල සුපිරිබව පිලිබඳ හැගීම මගින් එක්සත් සංහිඳියාවෙන් යුත් ශී‍්‍ර ලංකාවක් පිළිබඳ මායාවක් ඇති කරනු ලබයි. අතීතයේදී සිදුකරන ලද අපයෝජනයන් පිළිබඳ වගවීම ජනතාව අතර සංහිඳියාව ඇතිකිරීමේදී සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ලබන අතර, නමුත් අවසාන වශයෙන් ශ‍්‍රී ලංකාව රාජ්‍යක් ලෙස නියෝජනය කරන ස්වභාවයේ වෙනසක් ඇතිවිය යුතුවේ. එසේ නොවුනහොත් අනාගතය පසුගිය අතීතය සේම වනු ඇත.

මාරියෝ අරුල්තාස් | Mario Arulthas [The writer is the Strategic Advisor – PEARL and PhD student at SOAS University of London.]