චෙම්මනී සමූහ මිනි වළ ඇතුලු උතුරු-නැගෙණහිර සිදුකරන ලද අපරාධයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි. ඔවුන් ඒ බව සදහන් කළේ, අද(29) යාපනය නගරයේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කරමින්ය. එම අත්සන් සහිත ඔවුන්ගේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දීමත්, ජාත්‍යන්තර පරීක්ෂනයක අත්‍යවශ්‍යතාවය අවධාරණය කිරීමත් මෙම මහජන අත්සන් ව්‍යපාරයේ අරමුණ බව ඔවුන් පවසයි.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ, දෙමළ ජාතික සංධානයේ, ප්‍රකාශක…,

“අද, දෙමළ දේශපාලන පක්ෂ ලෙස, අපි ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට, අපගේ අභිලාෂයන් ඉදිරිපත් කිරීම සඳහා ජනතාවගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි. ඒ නිසා, අපි අපගේ අභිලාෂයන් ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කිරීමට සූදානම් වෙනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ ව්‍යුහාත්මක ජන සංහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක්. ඒ වගේම මාස දෙකකට පමණ පෙර, චෙම්මනි හි සමූහ මිනී වළෙන් සාක්ෂි විශාල ප්‍රමාණයක් හමු උනා. එහිදී මරණ ඇටසැකිලි 140කට වඩා සොයා ගත්තා. හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයෙක් වූ සෝමරත්න රාජපක්ෂ හෙළි කළේ, ශ්‍රී ලංකා හමුදාව විසින් 600කට වැඩි පිරිසක් ඝාතනය කර එම ස්ථානයේ වළ දමා ඇති බවයි. එබැවින්, මෙම ජන සංහාරයට ශ්‍රී ලංකා රාජ්‍යය වගකිව යුතුයි. ඒ නිසා, අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනතාවගේ අත්සන් එකතු කරනවා, වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට බල කරමින් තමයි මෙය අපි සිදුකරන්නේ. මන්ද, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්ෂණ හා යාන්ත්‍රණයන් පිළිබඳ අපගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී තියනවා. මෙතනදී, චූදිත පාර්ශවය ශ්‍රී ලංකා රාජ්‍යය වන අතර, පීඩාවට පත් පාර්ශවය වන්නේ දෙමළ ජනතාවයි. එබැවින්, චූදිත පාර්ශවයෙන් යුක්තිය අපේක්ෂා කළ නොහැකියි. ඒ නිසා, ශ්‍රී ලංකාවේ සිදු වූ ජන සංහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අපට අත්‍යවශ්‍යමයි.

(Full Video here)