vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for October, 2007

මොන කෙහෙල්මලටද තොරතුරු හංගන්නේ?

රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන ත්, මේ තත්ත්වයට පිළියම් ලෙස කළ හැක්කේ මොනවාද කියාත් ප්‍රදේශයේ මිනිසුන් දැනුවත් කළ යුතුයි සිතූ නිසා නිවැරදි නිල විස්තර දැනගැනීමට සිතාගෙන මම වකුගඩු ඒකකය බාර නිලධාරියා හමුවීමට ගියා. නමුත් ඔහු එකපාරටම කඩා පැන තොරතුරු ලබා දෙන්න බැරි බව කීවා. ඔයා කවුද? මොකටද ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඔයා මොන සංවිධානයෙන්ද? යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් මගෙන් එකදිගට අහගෙන ගියා. ඒ තොරතුරු අවශ්‍ය නම් සෙඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය අරන් එන ලෙස මට දැන්වුවා. එහෙම නැතිව තොරතුරු කිසිවක් දෙන්න බැහැයි කිවිවා. ඊළග සිකුරාදා මේ සම්බන්ධව වි‍ෙශ්ෂඥ වෛද්‍යවරයෙක් රෙ‍ා්හලට ඒමට නියමිත බව මා …

නිවිතිගල තරුණ තරුණියෝ

මහේෂ් අයියා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරක් හොබවනවා. පසුගිය දිනක මට ඔහු මුණගැසුණේ පුහුණු වැඩමුළුවකදි. ක්ෂේත්‍ර වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයට යන්නට මොහුට සිදු වෙලා තිබුණා. නිවිතිගල හවුපෙ වත්ත ප්‍රදේශයේ තරණ තරුණියන් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව වැඩසටහනක් සංවිධානය කිරීමයි ඔහුගේ කාර්ය භාරය. තරුණ තරුණයින් 70ක් පමණ ජීවත් වන මේ ප්‍රදේශයේ රැකියා අවස්ථා පිළිබඳව විමසූ විට ඔහුට ලැබුණ පිළිතුරෙන් ඔහු කම්පාවට පත් වෙලා.

නිවිතිගල යොවුන් සේනාංකයට අපි හැමෝම අයදුම් කළා. නමුත් අපි දෙමල හින්දා අපිව ගත්තේ නෑ. මේ ප්‍රදේශයේ වෘත්තීය පුහුණුවක් ලබා ගන්න වෙන තැනකුත් නෑ. අපි කාටවත් රස්සාවත් නෑ.

මහේෂ් අයියත් අවුරුදු තුනකට පමණ පෙර යොවුන් සේනාංක වැඩසටහනේ තරුණ නායකයෙක්. වැඩසටහන ආරම්භ කළ අවධියේ නම් යාපනය ප්‍රදේශයෙනුත් ද්‍රවිඩ තරුණ තරුණියන් මේ සඳහා සම්බන්ධ වූ බව …

වරා

වරා මගේ මිතුරෙක් වුණේ මීට වසරකට පමණ පෙරදී. විශ්ව විද්‍යාලයේ ග්‍රීන් ටේබල් නමින් හඳුන්වන ප්‍රදේශයේ වරා නොහිටියොත් ඒක පුදුමයක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරා ඒ තරමටම උනන්දුයි. වරාගේ ජාතිය ද්‍රවිඩ. නමුත් ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන්. ඒ ඇයි කියලා ඔහුගෙන් ඇසූ විට ඔහු දෙන පිළිතුර තමයි අද තියෙන තත්ත්වෙත් එක්ක දෙමලෙන් ඉගෙන ගෙන ඉස්සරහට යන්න අමාරුයි බං කියලා. කලා පීඨයේ බොහෝ දෙනක් වරා ව ඇසුරු කරන්නේ අධ්‍යාපන කටයුතු වලට ඔහු නොමසුරව උදවු කරන නිසා. පාලි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවකට අයදුම් කළ වරාට ඒ සඳහා අවස්ථාව අහිමි වුණේ ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් හින්දා. නමුත් මේ කියන්න යන්නේ වරා ගැන නෙමෙයි. වරා හැර අනෙකුත් සියළුම දෙනා ගැන.
තමන්ට සිදු වුණ අසාධාරණය වෙනුවෙන් පිළිසරණක් පතාගෙන නීතිය ඉදිරියට යන්න වරා තීරණය කළා. නමුත් අද වන විට වරා …

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන්

සුනන්ද දේශප‍්‍රිය

21.10.2007

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය ගැන කතා කිරීමට මට අවස්ථාව ලැබුණි.

පසුව ලංඩනයේ පාර්ලිමේන්තු සභා ශාලාවක පැවැති සම්මන්ත‍්‍රණයක දී ද ඉන්පසුව ප‍්‍රන්ට් ලයින් ක්ලබ් නම් ජනමාධ්‍ය ආයතනයක දී ද යළි එම ප‍්‍රශ්න සාකච්ජා කිරීමට අවස්ථාව ලැබුණි.

මෙම අවස්ථාවන් හි මා දැක් වු අදහස් නොරිස්සූ පිරිස් ද වූහ. මියනික් නගරයේ සාකච්ජාව කඩාකල්පල් කිරිමට පැමිණි පිරිසක් සාකච්ජාව මැද දී කෑගසමින් නැගිට ගියෝ ය. එසේ යන අතරමග දී එම සාකච්ජාව පැවැත් වූ තර්ඩි වරල්ඞ් කැපේහි දැන්වීමි පුවරුවේ මාද හෙලා දැක දැන්වීමක් අලවා ගියෝ ය.

අද මට ලැබුනු තර්ජනාත්මක කෙටි පණවිඩයකින් කියැවුනේ යලිත් වතාවක් මව්බිමට එරෙහිව කතා කළහොත් මගේ පුරුෂ ලිංගය කපා …

දෙඹරු ඇවිත්……

සර් ර් රෝ…. සර් ර් රෝ… සර් ර් රෝ…

මොකද මහේෂ් ?

මම පාසල් ආපන ශාලාවේ සිටිද්දී ජනේලය අසලට පැමිණි දරුවෙක්ගේ හඩ ඇසී ප්‍රශ්ණ කළෙමි.

කනවෝ කනවෝ මට අයිස් එකක් දීපියෝ

මම ආපනශාලා හිමිකරුගෙන් උදුරාගත් අයිස් පැකැට්ටුවක් දරුවාට දුනිමි.

මොකෙක්ද කනවා කිව්වේ

මෙන්න මෙවුන් නිල්පාට කුරුමිණියෙක් වැනි සතෙක් මා දෙසට විසිකරමින් කීය

සර් සර් අල්ලන්න එපා බඹරෙක්
මම වහා එළියට ගොස් බැලූවෙමි ළමයින් සී සී කඩ දුවයි කුඩා ළමුන් කෑම ගනීමින් සිටියි

දුවන්න ළමයි දුවන්න

සර් බත් කාලම දුවන්නම්
ළමයි ඔය සත්තු කනවා. දුවන්න
සත්තු නෙමෙයි සර් අපි බත් කනවා.

මම වහා අසලක පිහිටි විහාරස්ථානයට දිව ගොස් ශබ්ද විකාශන යන්ත්‍රය ගෙන නිවේදනයක් දුනිමි
“පාසල …

‛‛මහ’’ ජන ආරක්‍ෂාව

නම ජෙගදීස්වරන්, මම ආදරයට කියන්නෙ ‛‛ජෙගා’’ කියල. ජෙගා මගේ බෝඩිං සඟයා. අපි දෙන්නම නැවතිලා ඉන්නෙ පුංචි බොරැල්ලේ තියෙන ගෙදරක. ජෙගා rediotherophy ගැන ට්‍රේනිං වෙන හෙද ශිෂ්‍යයෙක්. උපං ගම ‛‛කිලිනොච්චිය’’. කිලිනොච්චියේ ඉඳං මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ජෙගාගේ ට්‍රේනිං ඉවරවෙලා පත්වීම ලැබුණේ ‛‛පොතුවිල්’’ වලට. පත්වීම භාරගන්න තිබුණේ මේ මාසේ 8 වැනිදා. පත්වීම ගන්න සති දෙකකට කලින් වවුනියාවේ අක්කලාගේ ගෙදර ගිය ජෙගා තාමත් බෝඩිමට ආවේ නැහැ. ජෙගා ගිහිල්ලා තොරතුරක්වත් දුරකථන ඇමතුමක්වත් නැති නිසා බෝඩිමේ අයිතිකරුත් මමත් බොරැල්ලේ පොලිසියට ගියේ ඒ ගැන පැමිණිලි කරන්න.
පොලීසියට ගිය ගමන්ම එහි හිටපු නිලධාරි මහත්මයෙක් අපෙන් ඇහුවා, ‛‛මොකටද ආවේ’’ කියලා. අපි කිව්වා ‛‛අපේ බෝඩිමේ හිටපු කෙනෙක් ගෙදර ගියා, දැන් සති තුනක් විතර වෙනවා. තාම ආවේ නැහැ. ඒකයි පැමිණිලි කරන්න ආවේ’’ කියලා. එතකොට පොලිස් නිලධාරියා …

බැටරි සමඟ සිසිල් බීම

2007 ජූලි 22 වන දින ළමයකු ප්‍රසිද්ධ සමාගමක් විසින් නිෂ්පාදිත සිසිල් බීම බෝතලයක් මිලට ගෙන පානය කරන්නට විය. එහි රසයේ වූ අමුත්තක් නිසා පරීක්‍ෂා කර බැලූ විට බෝතලය තුළ කුඩා පෙන්ටෝච් බැටරියක් තිබී ඇත. ළමයා මෙනිසා රෝගාතුර විය.

මෙම සිද්ධිය දිලික්ත නීතියට අදාළ ඉංග්‍රීසි නඩු විභාගයක් වන ඩොනිගු ස්ටීවන්සන් නඩුව සිහිපත් කරයි මෙම නඩුවේදී අධිකරණය විසින,් මුද්‍රා තබන ලද භාණ්ඩ සම්බන්ධවන අවස්ථා වලදී එම භාණ්ඩ මගින් පාරිභෝගිකයාට හානියක් නොකිරීමේ අවධානීය යුතුකමක් නිෂ්පාදකයා කෙරෙහි පවතින බව තීරණය විය.

මෙම නඩුවේ සිද්ධිමය කරුණු පහත පරිදියි. ඩොනිගු ස්ටීවන්සන් හිදී පැමිණිලිකාරිය තවත් පුද්ගලයෙකු සමග අවන්හලට ගොස් ජින්ජර් බියර් බෝතලයක් මිළදී ගෙන ඇත. එම බෝතලය කඩා ඉන් කොටසක් වීදුරුවකට දමා පානය කිරීමෙන් පසු ඉතිරි කොටස වීදුරුවට දැමීමේදී ඒ තුළ නරක්වූ මළ ගොළු …

ஏ-9 வீதி திறக்கப்பட வேண்டும்‚ கடற்றொழில் செய்வதற்கான தடைகள் நீக்கப்பட வேண்டும் என்பதே யாழ். மாவட்ட மக்களின் பிரதான கோரிக்கைகளாகும்

- தேசிய மீனவர் ஒத்துழைப்பு அமைப்பின் பேச்சாளர் ஹேர்மன் குமார

யாழ். மாவட்ட மக்களின் நிலைமையை அங்கு சென்று நேரில் பார்த்தபோது எங்களுக்கு அதிர்ச்சியாகவும்‚ பரிதாபமாகவும் இருந்தது. அவர்கள் பெரும் துன்பத்தின் மத்தியில் வாழ்ந்து வருகின்றபோதிம்‚ தெற்கில் இருந்து சென்ற சிங்களவர்களான எம்மை அன்போடு வரவேற்று உபசரித்ததைப் பார்த்தபோது நாம் நெகிழ்ந்து போனோம்.
ஏ-9 வீதி திறக்கப்பட வேண்டும்‚ கடற்றொழில் செய்வதற்கான தடைகள் நீக்கப்பட வேண்டும் என்பதே யாழ். மாவட்ட மக்களின் பிரதான கோரிக்கைகளாக இருந்தன.
- இவ்வாறு தேசிய மீனவர் ஒத்துழைப்பு அமைப்பின் பேச்சாளர் ஹேர்மன் குமார கூறினார்.
யாழ். மாவட்ட கிராமிய தொழிலாளர் சமூகத்திற்கு மனித உரிமைகள் சம்பந்தமாக விளக்குவதற்கு ஏற்பாடு செய்யப்பட்டிருந்த சந்திப்பு நிகழ்வில் கலந்துகொண்டு விட்டு‚ அதுபற்றி தெற்கில் உள்ள ஊடகங்களுக்கும் மக்களுக்கும் விளக்குவதற்காக ஏற்பாடு செய்யப்பட்ட சந்திப்பின்போதே அவர் மேறகண்டவாறு தெரிவித்தார்.
இச்சந்திப்பு அண்மையில் நீர்கொழும்பு பிரதேச சிங்களப் பத்திரிகையான “மீபுர” பத்திரிகை காரியாலயத்தில் நடைபெற்றது. சந்திப்பு நிகழ்வில் பிரதேச ஊடகவியலாளர்கள்‚ கத்தோலிக்க மதத்தலைவர்கள்‚ நகர முக்கியஸ்தர்கள் என பலரும் கலந்துகொண்டனர்.
அங்கு ஹேர்மன் குமார தொடர்ந்து உரையாற்றுகையில்‚
யாழ். மாவட்ட …

« Previous entries · Next entries »