Archive for October, 2007
October 16, 2007 at 2:24 pm · Categories: සිංහල, Kurunegala, Governance, Education | by Vikalpa_N
මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ.
එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ ගහන්න එපා. දැන් සිංහල පොත් අරන් මගේ රට ගැන වාක්‍ය පහක් ලියන්න”
ටික වේලාවකින් ආපසු පැමිණෙන විට සිසුන් කෑ ගසමින් විශාල ඝෝෂාවක් කරමින් සිටිනු දුටු ගුරුතුමිය මෙසේ පැවසුවා ය. “මම කීවේ කෑගහන්න එපා කියලනෙ. මොකද මේ කෑ ගැහිල්ල? ” එවිට කටකාර සිසුවකු මෙසේ කීය. “ටීචර් අපේ පංතිය හරියට දැන් පාර්ලිමේන්තුව වගේ.”
අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි යන කියමන සිහියට නගන මේ සිදුවීම එම ගුරුවරිය මට කීවේ “ පාර්ලිමේන්තුවට ගිය කලක් ” යැයි කියා කළකිරීමෙන් යුතුව ය.
කුඩා දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ …
October 16, 2007 at 2:00 pm · Categories: සිංහල | by Vikalpa_R
කොතල හිඹුටු බිබී
ගැහැණු ළමයි ඉඹි
ලේකම් නිදි වදී
බාලසේන බුදී
ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් ආයතනයේ කාන්තාවකට ලිංගික බලපෑම් කිරීමට එරෙහිව ලියවුනු කැළෑ පත්‍රයකි.
උලුවහු කදන් තම නිවසට ඇද්ද
දුන්හිද කැලෙන් බොර කරගත් හොද්ද
බාල සේන තොට තව ලැජ්ජා නැද්ද
ජන්දෙන් පස්සෙ ගලවනවා තොගෙ රෙද්ද
ඉහත කී පළාත් පාළන ආයතනයේ ප්‍රධානියා සිදුකරන ලද පරිසර හානියකට විරුද්ධව සේවකයන් විසින් අලවන ලද තවත් කැළෑ පත්තරයක තිබුණු කවියකි.
2007 ඔක්තෝබර් 16 වන දින බදුල්ලේ පැවැති පුරවැසි මාධ්‍ය වැඩමුලුවේදී සහභාගීකයෙකු විසින් මෙම කවි දෙක ලබාදෙන ලදි.බාල සේන යනු අන්වර්ථ නාමයකි.
October 16, 2007 at 1:08 pm · Categories: සිංහල | by Vikalpa_R

මහ වැස්සක් ඇදහැලෙමින් තිබිණි.වැස්සෙන් බේරෙන්න හිතාන සෙවනගල කඩවීදියේ කුඩාකඩයක් තුළට ගියත් තේ එකක් බොන්න හිතුන නිසා ප්ලෙන්ටියක් දෙන්නයැයි මුදලාලිගෙන් ඉල්ලුවෙමි. කඩය කුඩාවුවත් එහි විශාල ප්‍රමාණයේ අධිශීතකරනයක්ද විය.මෙකටද මේ ඩීප්‍රීසර් එකක්? හිතේ ඇතිවු කුකුස නිසා මම විමසුවෙමි. මස් දාන්න මහත්තයෝ. මොන මස්ද? මම නැවත විමසුවා. එක එක ජාතියේ මස් මහත්තයෝ. ඌරුමස් එහෙමත් තියෙනවද? තිබ්බා… දැන්කරන්නේ නැහැ. ඒ ඇයි? “මේ පොලිස් කාරයෝත් එක්ක මේක කරන්න බැහැ.ඇයි අල්ලනවද? අනේ කියන්න මහත්තයෝ ගිය සතියේ වල් ඌරෙක්ව ගත්ත දවස් දෙකයි තිබ්බේ. මෙකේ ඉන්න ඊරිසියාකාරයෙක් පොලීසියට ඔත්තුවක් දීලා.පොලීසියෙන් ආව. ඉතින් මුදලාලිව අල්ලගෙන ගිහින් දඩගැහැවුවද? දඩ…දඩ ගැහැවුවනම් මොකෝ උන්ගෙ දඩ.. ඇවිත් ඌරාගේ හොදම ගාත් දෙක අරන්ගියා.මොනව කරන්නද අරගෙනයන්න දෙනව මිසක්. අනේ කියන්න මහත්තයෝ මටම ලැජ්ජයි. පැය දෙකකින් විතර ආපහු පොලීසිය …
October 13, 2007 at 7:11 am · Categories: Colombo, සිංහල, Life quips, Media | by Vikalpa Admin
අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව ය. අදවන විටත් ඉන්දියාවේ බොහෝ නගර මධ්‍යයේ ඉදි වූ දැවැන්ත නාමපුවරු දැකගත හැකි ය. සු විශාල තාප්ප වසා ගත් පෝස්ටර් දැකගත හැකි ය. චිත‍්‍රපට කර්මාන්තයට අදාළ ව චිත්තාකර්ශනීය ලෙස නිම වූ එම පුවරු බොහොමයක් දක්‍ෂ චිත‍්‍ර ශිල්පීන් අතින් නිම වීම එහි වන තවත් විශේෂත්වයකි.
නව තාක්‍ෂණික මෙවලම් සේන්දුවීමත් සමඟම ලොව පුරා ව්‍යාප්ත වූ පරිගණක ආශ‍්‍රිත මුද්‍රණ ශිල්පය : ෘසටඒක ඡුරසඑසබට * හේතුවෙන් චිත‍්‍ර ශිල්පීන්ගේ මෙහෙය අදාළ කටයුතු සඳහා යොදා ගැනෙනුයේ අවම මට්ටමකින් ය. මේ හේතුවෙන් දක්‍ෂතා පූර්ණ චිත‍්‍ර ශිල්පීන් බිහි වීම ද පසුබෑමකට ලක් වී ඇත. තව ද …
October 11, 2007 at 11:46 am · Categories: Colombo, සිංහල, Human Rights, Education, Human Security | by Vikalpa_N
මම දින කිහිපයකට පෙර රීඩ් මාවත දිගේ ඇවිදගෙන ගියෙමි. වෙලාව සවස 6ට පමණ වෙන්නට ඇත. ශාස්ත්‍ර පිඨය සහ නිති පිඨය පැත්තේ විශ්ව විද්‍යාල භූමිය හිස්ම හිස්ය…පාළුවට ඇරලා වැනිය. පුස්තකාලය අසල රොද බැදගත් සිසු කණ්ඩායම්වත්, තැන තැන බංකුවල වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන අයවත්, පෙම්වතුන් වත් නැත…ඒ වෙනුවට මම දුටුවේ තුවක්කු ඔසවාගෙන තැන් තැන් වල සිටින හමුදා භටයින් කිහිප දෙනෙකි.
විශ්ව විද්‍යාලයට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට පසු ගිය දිනෙක අපි දවල් වරුවේ එහි ගියෙමු. අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටා ඇති නිසා විශ්ව විද්‍යාලෙය් කලා පීඨය, නීති පිඨය, කළමණාකරණ පීඨය සහ අධ්‍යාපන පීඨය අයත් වන භූමිය සවස 6 න් පසුව සම්පූර්ණයෙන්ම හමුදාව භාරයට ගන්නා බව …
October 10, 2007 at 10:48 am · Categories: සිංහල | by Vikalpa_R
ආජන්ටීනියානු චේ
හවානා සුරුට්ටුව ගහගෙන
බොලිවියන් වංගගරියෙන් පිය හඹා
තොප්පිගල ඇවිත්
කැමා කලිසම
බර බූට්
ආම් කට් ටී ෂර්ට් එක මත
දුමක් විලසින්
සුසුම් හෙළනා චේ
ගරිල්ලාවන් කොයිබ ද
රිළව් විලසින් නසනට
තුවක්කුවකට පණ එන
පෙර
චේ ගුවෙර කල්ලිය
මහනෙල් නෙළන තැන්වල
නාමින් සිටිනු දැක
තොප්පිගල මුදුනින් පැන
චේ දිවි නසාගෙන
ෂේන් පීටර්ස්
October 10, 2007 at 9:53 am · Categories: සිංහල | by Vikalpa_R
අසහාය මානව ප්‍රේමියෙකු වූ අර්නස්ටෝ චේ ගුවේරා බොළිවියාවේදී ඝාතනය වී අදට වසර හතළියකි.මේ ඒ වෙනුවෙන් ලියැවුවකි.

ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීන නොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි - අර්නස්ටෝ චේ ගුවේරා
ජාති ආගම් කුල ගොත් නොසලකා සමස්ත මානව වර්ගයාටම ආදරය කළ අර්නස්ටෝ චේ ගුවේරා නැමැති ඒ සොදුරු මිනිසා ඝාතනය වී අදට (ඔක්තෝබර් 9, 2007) වසර හතළිහක් සපිරේ. මෙ මිහිතළයේ කවර හෝ කොදෙව්වක වෙසෙන දුක්ඛිත ජීවිත ගෙවන ජනයාට ඔහුගේ අරගලයතුළින් ජීවය ලැබුණි.ලොව පුරා බෝහෝ මිනිසුන් හා ගැහැනුන් මේ මිනිසාට ආදරය කලේ ඔහුතුළ තිබුණු ඒ විශ්වීය දැක්ම නිසාවෙනි.මිනිසුන් තලාපෙලා පාගා දමන දුෂ්ඨ පාලන ක්‍රමයක් වෙනුවට මිනිසුන්ට ආදරය කරන,ඔවුන් රකින පාලන ක්‍රමයක් බිහිකිරීම ඔහුගේ දර්ශනය බවට පත්වුයේ …
October 8, 2007 at 4:41 pm · Categories: සිංහල | by Vikalpa_R

ஆரப்பாட்டத்தில் ஈடுபட்டவர்களை கண்ணீர்ப் புகைக் குண்டுகளையும்‚ தடியடிகளையும் பிரயோகித்து கலைத்து விரட்டியடிப்பது ஜனநாயகமாகுமா? இது ஜனநாயகம் என்கின்றனரே பொலிஸார்.
‘தருண அருண’ வேலையற்ற பட்டதாரிகள் வேலை பெற்றுத்தரும்படி அரசிடம் வற்புறுத்தி கொழும்பு டெலிகொம் கட்டடம் முன்பாக ஒரு நாளைக்கும் மேலாக போராட்டத்தில் ஈடுபட்டனர். கடந்த வியாழக்கிழமை 4ஆம் திகதி இரவும் விடிய விடிய அந்தப் பகுதியில் மாணவர்கள் போராட்டத்தில் ஈடுபட்டிருந்தனர். ஞாயிறன்றும் தொடர்ந்து பட்டதாரி மாணவர்கள் போராட்டத்தில் ஈடுபட பொதுமக்களுக்கு இடையூறு ஏற்படுவதாகக் கூறி பொலிஸார் அவர்களைக் கலைக்க முடிவு செய்தனர்.
பொதுமக்களின் அன்றாட வாழ்விற்கு இடையூறுகளை ஏற்படுத்தி போராட்டத்தை வியாபித்ததினால்தான் ஆர்ப்பாட்டக்காரர்களை ஜனநாயக ரீதியில் கலைக்கவேண்டிய நிலை ஏற்பட்டது என்று தெரிவிக்கிறார் பொலிஸ் திணைக்களத்தின் பேச்சாளர் பிரதி பொலிஸ்மர அதிபர் ஜயந்த விக்ரமரத்ன.
பொதுமக்களுக்கு இடையூறு‚ இதுமட்டுமர பொதுமக்களுக்கு இடையூறுபோல் பொலிஸாருக்குத் தெரிகிறது. வேறு எதுவும் தெரியவில்லையா? பொலிஸார்‚ இராணுவத்தினர் ஆகியோரால் மேற்கொள்ளப்படும் பாதுகாப்பு நடவடிக்கைகள் பொதுமக்களுக்கு நெருக்குதல்கள் இல்லையா? வீண் விசாரணைகள்‚ கைதுகள்‚ சோதனைகள் ஆகியன இடையூறுகள் இல்லையா? கேட்டால் தேசிய பாதுகாப்பைக் கருதியாம். தேசிய பாதுகாப்பு என்று கூறி …
« Previous entries ·
Next entries »