Democracy, Features, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

අවසන් නොවන උතුරේ ඉඩම් කොල්ලය

‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා කඳවුරු ඉඳිකරමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි තවත් ඉඩම් අක්කර 2000ක් පමණ අත්පත් කරගෙන හමුදා පවුල් 4000ක් පදිංචි කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මෙම කි‍්‍රයාවට එරෙහිව ලබන මාසයේ ජනතාව එක්රැස් කර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ සමඟ ආරක්‍ෂක අංශයේ මෙම කි‍්‍රයාවට එරෙහිව අධිකරණයට යාමටත් අපි තිරණය කර තිබෙනවා. අනිත් එක උතුර සහ නැගෙණහිර දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප‍්‍රදේශයක්. හමුදාව පවුල් පිටින් පදිංචි කිරීමට රජය කොහොමද අනුමැතිය දෙන්නේ? මෑතකදී නවදිල්ලියට ගිය අපි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා. උතුර සහ නැගෙණහිර ප‍්‍රදේශයේ දෙමළ ජනතාවගේ ඉඩම් ආරක්‍ෂක අංශය විසින් අත්පත් කරගැනීම පිළිබඳව අපි මධ්‍යම ආණ්ඩුවට කරැණු පැහැදිලි කළා. ඒ සමඟ ජාත්‍යන්තර නියෝජිතයන් හමුවන විටත් මේ පිලිබඳව පැහැදිලි කර තිබෙනවා. ඉදිරියටත් පැහැදිලි කරනවා. ආරක්‍ෂක අංශයේ මෙම අත්තනෝමතික කි‍්‍රයාවට ඉතා ඉක්මණින්ම විසඳුමක් ලැබැයි කියලා අපි විශ්වාස කරනවා.“ යැයි දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අෙඩෙකලනාදන් පාර්ලිමේන්තු මන්තී‍්‍වරයා ‘විකල්ප‘ සමග පැවසුවේ තවමත් විසදුම් ලබා දීමට අපොහොසත්ව ඇති උතුරේ ජනයාගේ ඉඩම් ගැටලුව පිළිබද කල විමසීමකදීය.

කේපාපිලව් ජනයාට අයත් ඉඩම් ආරක්ෂක අංශවලට පවරා ගනිමින් එම ජනයාගේ විරෝධය මධ්‍ය යේ ඉදිරිකරමින් ඇති කේපාපිලව් ආදර්ශ ගම්මානයේ නාම පුවරැව
කේපාපිලව් ජනයාට අයත් ඉඩම් ආරක්ෂක අංශවලට පවරා ගනිමින් එම ජනයාගේ විරෝධය මධ්‍ය යේ ඉදිරිකරමින් ඇති කේපාපිලව් ආදර්ශ ගම්මානයේ නාම පුවරැව

විශේෂයෙන් ඊයේ(27) දෙමළ භාෂිත පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබූ පරිදි, මුලතිව් කේප්පාපිලවු ප‍්‍රදේශයේ හමුදා පවුල් 4000ක් පදිංචි කරවීම සඳහා අක්කර 2026ක ඉඩම් කොටසක් අත්පත් කරගැනීමට හමුදාව පියවර ගනිමින් සිටින බවට වාර්තා වූ අතර, යුද්ධය අවසන් වූ පසු මුලතිව් කේප්පාපිලවු ප‍්‍රදේශයේ විශාල හමුදා කඳවුරක් ආරක්‍ෂක අංශ විසින් ඉඳි කර ඇති බවටත් එම ආරංචිමාර්ග වල සදහන් වේ. මෙසේ ආරක්‍ෂක අංශ විසින් අත්පත් කරගැනීමට උත්සහ දරන ඉඩම් කොටස්වල රජයට අයත් බව සලකුණු කළ අක්කර 1500ක ඉඩම් තිබෙන බවත්, අක්කර 526 ක ඉඩම් කොටස්වලට අයිතිකරුවන් සිටින බවත් පැවසේ. හමුදා පවුල් 4000ක් පදිංචි කරවීම සඳහා මෙම ඉඩම් කොටස් අත්පත් කරන බවත් දැනටමත් මිහින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඉඩම් මැනීමේ කටයුත්ත ආරම්භ කර ඇති බවත් සදහන් වෙයි.

තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 4000ක් අත්පතර කරගැනීමට වෑයමක්

මේ අතර අම්පාර තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් අක්කර 4000ක් පමණ ඉඩම් ප්‍රමාණයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගැනීමට උත්සහ දරණ බව ඉඩම් අයිතිකරුවන් චෝදනා කර තිබෙනවා. දින 3ක් තිස්සේ වනසංරක්‍ෂක දෙපාර්තමේන්තු නිළධාරීන් මායිම් ගල් සිටුවීම ආරම්භ කර ඇති බව ද ජනතාව ප්‍රකාශ කරයි. මෙම මායිම් ගල් පොතුවිල් සිට සාගාමම් ගම්මානය දක්වා සිටුවමින් සිටින බවත් වගා බිම් තුළත් මායිම් ගල් සිටුවා ඇති නිසා වගා කිරීම් වල නිරතවී සිටින ජනතාව ඉතාමත් අපහසුවට පත්ව අතැයි ද වාර්තා වෙයි. තමන් සතුව ඉඩම් ඔප්පු, ඉඩම් බලපත‍්‍ර තිබෙන බවත් බලහත්කාර ලෙස වනසංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට අයත් ඉඩම් බව පවසමින් මායිම් ගල් සිටුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද කියා ජනතාව ප්‍රශ්ණ කර සිටියී.

එසේම කන්ජිකුඩිච්චාරු, කෝමාරි, රූපස් කුලම්, සාගාමම්, පෙරිය නිලාවෛ සහ වඩ කණ්ඩම් යන ප‍්‍රදේශ වල ජනතාවට අයත් අක්කර 4000ක් පමණ රජයේ ඉඩම් ලෙස පවසමින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ඉඩම් අත්පත් කරගැනීමට ආරම්භ කර ඇත. මෙම ඉඩම් වල 1960 සිට 1990 දක්වා ජනතාව වගා කටයුතුවල නිරත වී සිටි බවත්, පසුව යුද්ධය නිසා මෙම ඉඩම් එල්ටීටීඊ සංවිධානය සහ හමුදා පාලනයේ සුළු කාලයක් තිබූ අවස්ථාවේදී වගා කටයුතුවල ජනතාව නිරත වී නොසිටි බවත්, පසුව සාම සාකච්ඡා කාලය වූ 2001 සිට මේ දක්වා වගා කටයුතුවල ජනතාව නිරත වෙමින් සිටී.

ප‍්‍රාදේශීය ලේකම්ට හදිසි මාරැවීමක්

ඒ සමඟ මුලතිව්, මුල්ලියවෙලෙයි ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට රජය ගත් උත්සහයට එරෙහිව කෙරෙයිතුෙරෙයි පට්‍ර, ප‍්‍රාදේශීය ලේකම් පී. කුගනාදන් මහතාට හදිසි මාරුවීමක් ලබා ඇති බව ආරංචි මාර්ග සදහන් කරන අතර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විසින් පසුගිය 20වන දින සදහනින් යුතු මාරුවීම් පිළිබඳ ලිපියක් ප‍්‍රාදේශීය ලේකම් වෙත ලැබී ඇතැයි ද පැවසේ. එම ලිපියේ තමාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පිළිබඳව පරීක්‍ෂණ අවසන් වන තෙක් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සමඟ එක්ව කටයුතු කරන ලෙස සඳහන් වී ඇති බවත් පැවසේ. නමුත් එම ලිපියේ ප‍්‍රාදේශීය ලේකම් කළ වරද සඳහන් කර නැති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. 2013 ජනවාරියේ මුල්ලියවෙලෙයි ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඉවත් කර අක්කර 1400 ඉඩම් ප්‍රමාණයක මුලතිව් දිස්ති‍්‍රක්කයට සම්බන්ධ නැති මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට උත්සහ කිරීමට ්‍දැඩි ලෙස විරුද්ධ වූ කෙරෙයි තුෙරෙයිපට්‍ර ප‍්‍රාදේශීය ලේකම් එම ප‍්‍රදේශයට අයත් දෙමළ ජනතාව නැවත පදිංචි කළ යුතු බව දිගින් දිගටම හඬ නැගුවේය. එම නිසා දේශපාලන පළිගැනීමක් වශයෙන් ප‍්‍රාදේශීය ලේකම් පී. කුගනාදන් මහතාට මාරුවීමක් ලබා දී ඇති බව එහි ජනතාව චෝදනා කරයි.

@උදයන්, සුඩර්ඔලි පුවත්පත් ඇසුරිනි