කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත මුල් අදියර තුළ එය මැඩපැවැත්වීමේ අරමුණ ඇතුව බවට හඟවමින් පොදු මහජනයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් , භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සිමා කරමින් සිදු කළ ක්‍රියා මෙහිදී කැපී පෙනේ.

මේවා අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ ඒවා වන තර කිසිදු නෛතික රාමුවකට යටත් නොවී තිබියදී පවා මහජන ආරක්ෂාවට බව පවසා ඇතැම් පුරවැසියන් සිරභාරයට ගැනීම, බලහත්කාරයෙන් රදවා තබා ගැනීම, ආගමික හා ජනවාර්ගික අනන්‍යතාවයන්ට වෙනස් කොට සැලකීම ආදිය සේම , නිරෝධායන රීතින් වලට අනුව පවා එක රැස් වීමේ අයිතිය අහිමි කිරීමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා විය. විශේෂයෙන්ම බල අධිකාරින් විසින් මෙකි නිරෝධායන රෙගුලාසි නිරන්තරයෙන්ම උල්ලංඝණය කළ අවස්ථා කොතෙකුත් තිබියදී සාමන්‍ය මහජනයා කෙරෙහි අනුගමනය කළ ප්‍රතිපත්ති ඉතා දැඩි මෙන්ම නීති විරෝධී තත්වයක තිබුණි. කෙසේවෙතත් ඒ සියල්ලෙහි දෙවන අදියර දැන් පුරවැසියන් ලෙස අපි ගත කරමින් සිටිමු.

ඒ අනුව “පෞඩ ඉතිහාසයක” නමින් යට යමින් තිබෙන විශේෂයන්ම ලංකා ඉතිහාසය පුරා ලේඛන ගතව පවතින මෙන්ම ලේඛන ගතව නොපවතින, කාලය හා අවකාශය විසින් දුව්ලි අංශු බවට පත්වූ මතක බොහෝ දුරට විතැන් නොකොට පවතින සන්දර්භයන් වඩා සංයුක්තව අර්ථකථනය කරගැනීම උදෙසා පාඨක ඔබට, දෘශ්‍ය නිර්මාණ ශිල්පියෙකු වන සංජය එක්නැලිගොඩ සමඟ විකල්ප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන දෘශ්‍ය ප්‍රකාශන එකතුවේ පළමු වැන්න මෙසේ පළ කරමු .

දෘශ්‍ය ප්‍රකාශනයේ සංකේත  සංක්ෂිප්තයට : පිවිසෙන්න

ගමනේ යා නොහොත් Corona with Big Brothers