iMage: Vikalpa/ 12August2022_Kilinochchi

යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක් එම විරෝධතාවයට එක් වී සිටිය හ.

කිළිනොච්චියේ, කන්දසාමි කෝවිල අසලින් ඇරඹි එම විරෝධතා පාගමන පැය 2කකට වඩා කාලයක් විරෝධතාවයේ යෙදෙමින් අවසන් කළ අතර එම විරෝධතාවයට දකුණේ සමාජ ක්‍රියාකාරික, ක්‍රියාකාරිකාවන් පිරිසක්ද සහභාගී වි සිටියේ ය.

‘අපට වෙන කිසිවක් අවශ්‍ය නෑ. අපට ඕන අතුරුදහන් කළ අපේ දරුවන්ගේ, සැමියන්ගේ, බිරින්දෑවරුන් ඇතුලු අපේ අයට උනේ මොකද්ද කියන එකයි. ඒවට යුක්තිය යි. අපිට ඕන එච්චරයි.’ දින 2000ක් පුරාවටම විවිද තර්ජන, බලපෑම් ඇතුලු කිසිදු දෙයකට යට නොවූ මේ දෙමාපියන් ඇතුලු සියලුම දෙනා අද ද ඉල්ලා සිටින්නේ යුක්තිය යි. නමුත් මේ දින 2000ට තමන්ගේ සමීපතමයින් ගැන කිසිදු තොරතුරක් ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍ය සමත්ව නැත. එසේම මේ දින 2000 තුළ වයස්ගත මව්වරුන් සහ පියවරුන් 130කට වැඩි පිරිසක්, තමන්ගේ දරුවන් පිළිබද කිසිදු තොරතුරක් නොළබාම සිය ජීවිතයෙන් සමුගෙන ඇත. නමුත් අද ඔවුන්ගේ මේ වීර්ය පිරි හදවත්, මතකයන් සහ ධෛර්ය විසින්, ඔවුන්ගේ දරුවන් අතුරුදහන් කළ අපරාධකරුවන්ට නීතියෙන් කෙසේ වෙතත් සොබාදහමින් ගැලවීමක් නොලැබෙනු ඇත.

”කවුරු හරි කමක් නෑ මගේ පුතා හොයලා දෙනවද?” මේ දින 2000 පුරාවටම ඥාතීන් සමග සිය පුතා ගැන කුමන හෝ තොරතුරක් සොයා යන කිලිනොච්චියේ එම්. දේවේන්ද්‍රන් මේ කතාව කියන ලද්දේ අද නොවේ. ඔහු හමුවන සෑම දිනකම ඔහු එසේ කීවේය. අදත් ඔහු එය කියයි. කවදද ඔහුට යුක්තිය ඉටුවෙන්නේ? #lka #Justice