මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය වසර කිහිපය පුරාම මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම් වල නියැලිනි. නමුත් මේ දක්වා ඔහු ගැන නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

ඒ අතර මයුරිගේ සැමියා අතුරුදහන්කර 2022 සැප්තැම්බර් 2 වන දිනට වසර 9ක්. වසර 9ක් අවසන් වන මොහොතේ මයුරි අද(7) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලට ලිපියක් බාර දෙමින් ඉල්ලා සිටියේ, ඇයගේ සැමියා ගැන කුමන හෝ තොරතුරක් ලබා දී යුක්තිය, සාධාරණත්වය ඉටු කර දෙන ලෙසයි.

පහත පළවන්නේ පසුගිය වසර කිහිපය පුරාම සිය සැමියා සොයා යන මයුරි ජයසේන පිළිබද ‘විකල්ප’ තැබූ සටහන් කිහිපයකි.

මයුරිට පොරොන්දු වූ ‘ජනපතිගේ සතිය’ https://www.vikalpa.org/article/27348

[Video] ‘මයුරිව පැහැරගත් උන්වත් හොයාපල්ලා’ https://www.vikalpa.org/article/24706

”උඹ ජීවත්වනවා ද, මැරෙනවා ද, කියා තීරණය කරපන්.” සිය සැමියා අතුරැදහන් කලඋන්ගෙන් මයුරිට තර්ජන (මගේ ජීවිතය අවධානම්, පොලීසිය වගකිව යුතුයි – අනුරාධපුරයේ මයුරි කියයි) https://www.vikalpa.org/article/21737

[Photo|Video] “අවුරුදු 6 පුරාවටම මම යන්ඩ තියෙන හැම තැනකටම ගියා” https://www.vikalpa.org/article/35666

ජනපති මෛත්‍රී ‘සතිය‘ කෝ? https://www.vikalpa.org/article/28151

‘මට ඉන්න තැනක් නැතිනම් ගහක් යට ඉන්නවා, කන්න නැතිනම් බඩගින්නේ ඉන්නවා, මම ඉල්ලුවේ මගේ ස්වාමිපුරුෂයා හොයා දෙන්න කියලා’ https://www.vikalpa.org/article/26316