දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

අවුරුදු 26ක් වයසැති අහ්නාෆ් ජසීම්, මන්නාරම් දිස්ත්‍රික්කයේ ඈත ගම්මානයක් වන සිලාවතුර ග්‍රාමයේ මුස්ලිම් කවියෙකි. අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, 2017 ජූනි මාසයේ දී ලියා පලකළ ‘නවරසම් (நவரசம்)’ පද්‍ය සංග්‍රහය ගැන සහ අහ්නාෆ් විසින් පුද්ගලයින්ව මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදි ක්‍රියා සඳහා යොමු කිරීම කළ බවට චෝදනා කරමිනි.

කෙසේ නමුත් දින 579කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ 2021 දෙසැම්බර් 15 වනදා නියෝග කළේය.

දැන් අහ්නාෆ් නිදොස් කොට නිදහස්! ඒත්

අභුත චෝදනා නගමින් තරුණ ජීවිතයක් මෙළෙස මාස ගණනාවක් සිරගත කරමින්, ඔහුගේ ජීවිතයට සිදුකළ බරපතල හානියට දැන් වගකියන්නේ කවුද? ත්‍රස්තවාදී ලේබලය අලවමින් ඔහුගේ ජීවිතය තව දුරටත් ආගාධයට ඇද දැමීමට උත්සහා කිරීමට වගකියන්නේ කවුද? ශීලාචාර සහ යුක්ති සහගත සමාජයක් ඇසිය යුතු ප්‍රශ්ණය එයයි. එසේමතව දුරටත් මෙවැනි මුග්ධ මෙන්ම සාහාසික අත්අඩංගුවට ගැනීම් සිදුවන තෙක් ශ්‍රී ලාංකීය සමාජය බලා සිටින්නේද? පුරවැසියන් ඉදිරියේ ඇත්තේ එවැනි ප්‍රශ්ණ ගණනාවකි. එහෙත් අහ්නාෆ් අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කළත්, මෙවැනි අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් මේ භූමියේ තවදුරටත් සිදු නොවනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිද? අහ්නාෆ්ලා වැනි ජීවිතවලට එවැනි බරපතල හානි සිදුකළ එම මුග්ධ දේශපාලන ක්‍රියාවලිය තව දුරටත් මේ භුමියේ සැපසේ හැදී වැඩෙනු තවමත් දැකිය හැකිය. එම නිසා එම නරුම දේශපාලනය මේ රටින් තුරන් කිරීමේ පරම වගකීම ඇත්තේ මේ රටේ පුරවැසියන්ගේ හිස මතය. එම සමාජ ප්‍රතිසංස්කරණයන් සිදුකරන තාක් සමාජයක් ලෙස අප පවතින්නේ ය ‘බියකරු’ තත්ත්වයකය.

Case Time Line | අහනෆ් ජසීම් සිදුවීම කෙටියෙන්

( Info-graphics සටහන විශාලකර බැලීම සදහා එය මත ‘ක්ලික්’ කරන්න/ UPDATE)

මේ අහ්නාෆ්ගේ කවියකින් උපුටාගත් කොටසකි

දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු

විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද

සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද

අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද

අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු”

– අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ උපුටාගත් කොටස්වල පරිවර්තනයකි

අහනෆ් ජසීම් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පසුගිය කාලය පුරාම අහනෆ් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු නිදහස් කර ගැනීම සදහා වෙහෙසුනහ. එසේම දෙස් විදෙස් සංවිධාන සහ පුද්ගලයින් අහනෆ්ගේ නිදහස සහ ඔහුට යුක්තිය ඉටු කර ගැනීම සදහා පෙනී සිටියේ ය. ඒ සියලු දෙනාට අපි අපේ ආචාරය පුද කරමු.

Related Post:

දින 579කට පසු අහනෆ් ජසීම්ට ඇප! ඇප ලැබුණත් ගෙදර යන්න බැරි වූ අහනෆ්!
අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම: [CASE Timeline | Info-graphics]
අහ්නාෆ් ජසීම් | නිහඬ කළ කවියා
ඇප මත මුදාහැරි මුස්ලිම් කවියා ආණ්ඩුවට ‘ත්‍රස්තවාදියෙක්’!!!