පසුගිය වසරේ, එනම් 2018 වසරේ  ජුලි මාසයට ලංකාවේ  ඉතිහාසය වෙනස් කරමින් ලියවුණු අඳුරු පරිච්ජේදය ගෙවී වසර 35 ක් ගත වී තිබුණි. එනම් “කළු ජුලිය”ට  දශක තුන හමාරකි.

දැන් එයින්ද තව වසරක් ඉක්ම ගොස් තිබේ. 2019 වසරට කළු ජූලියෙන් නොනැවති ඇරඹුණු ජිවිත බිලිගත් මහා ඛේදවාචකය අවියෙන්ම නසා දමා හරියටම වසර 10 කි.  එනම් දශකයකි .

එහෙත් ලාංකේය ජන සමාජය වෙලා ගෙන ඇති දේශපාලන නායකත්ව ඇහෙනියේ ගුප්ත රැලි වලා මතින් දැනටමත් අප තවත් සතුරෙකු ගොඩ නගාගෙන හමාරය. දැන් මුසල්මානුවා වෙත එම තුවක්කුව දික්වෙමින් තිබේ. හෙට ඒ කවුරුන් උදෙසා විය හැකිද ? නිදහසින් පසු වසර 70 පුරා හරියටම අප ගණන් බලා තැබුවහොත් අප කවරදාකවත් නිදහස් ශ්‍රී ලාංකිකන් ලෙස ජිවත් වී තිබේද?

අපේ හෘදය සාක්ෂින් අමන නායකයින්  විසින් ගිල ගෙන පාවා දී තිබේ. අපගේ රීරි මාංශය ආගමික හම පොරවා ගෙන සිටින වර්ගවාදීන්ගේ යටි අරමුණ වෙනුවෙන් බිලි දී තිබේ. එහෙත් අපගේ මනුෂ්‍යත්වය අප නැවත වතාවක් ඝාතනය වීමට ඉඩ තබමුද ? යහපත් මිනිසුන්ගේ නිහඬතාවය අප බිදිය යුතුය. ඒ නිසාම කළු ජූලියෙන් වසර 35 කට පසු තැබූ පුරවැසි මතක එකතුව මෙලෙස නැවත ලියා තබමු.

ඉතිහාසය නැවත නොවෙන්නට, ආදරය පැල කරන්නට තවමත් අපට  ඉඩ තිබේ.

 

පින්තූර විශාල කර බැලීම සඳහා ඒ මත ක්ලික් කරන්න ( To view  larger, click on the image )